BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ප්‍රහාරයකින් තුවාල ලැබූ ලාංකිකයා ගැන ඥාතියෙක් BBCයට කතා කරයි
වෙන්නප්පුවට සමීප ප්‍රදේශයක පදිංචිකරුවකු වන 50 හැවිරිදි ලාංකිකයකු මෙලෙස තුවාල ලබා ඇති අතර ඔහු වසර 10 කට වැඩි කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරයි. තුවාල ලැබූ ලාංකිකයා අබුඩාබි ආසන්න නගරයක සිය බිරිඳ සමග හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
එයාර්බස් ගනුදෙනුව: චමල් රාජපක්ෂගේ පුත්‍රයා සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු
එයාර්බස් මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 2 වැනිදා) නියෝග කළේ ය.
මොහොමඩ් බාගර් ගලිබාෆ්: ඇමෙරිකා එක්සත් ජනපදය සමග සාම සාකච්ඡා මෙහෙයවනු ඇතැයි සිතිය හැකි ඉරාන කතානායක
ඉරානයේ පොලිස් ප්‍රධානියා, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා, ටෙහෙරානයේ නගරාධිපති සහ පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් මොහොමඩ් බගර් ගලීබාෆ් විසින් දරා තිබේ.
IPL: ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට යයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා 'විරෝධයක් නොමැති බව සඳහන් ලිපිය' නිකුත් නොකිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔහු එමගින් ඉල්ලා ඇත්තේ, 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකි වන පරිදි තමන් වෙත 'විරෝධයක් නොමැති බව සඳහන් ලිපිය' (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය.
එක්සත් ජනපදය ඉරානයේ කාර්ග් දූපත දෙස ඇස ගසාගෙන සිටින්නේ ඇයි?
උතුරු ගල්ෆ් කලාපයේ මෙම කුඩා නමුත් තීරණාත්මක දූපතට ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන ආර්ථිකයේ හරය ඉලක්ක කර ගැනීමක් වැනි ය.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?
ඕනෑ ම මොහොතක ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බව පසුගිය දා කොළඹ ඉරාන තානාපතිවරයා කියා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එම ප්‍රකාශයට ස්තූති වන්ත වන බව ය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීමට ඇති අවස්ථා මොනව ද?
ග්‍රාම නිලධාරී සේවයට එක්වීමට අපේක්ෂා කරන ඔබ එහි තරග විභාගය ගැන දැනගත යුතු කරුණු
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ, එම විභාගය එදින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක පැවැත්වෙන බව ය.
'හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ' බව කියන රු. කෝටි 10ක් වටිනා ඉඩමක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගේ බිරියක් නඩු පවරයි
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක් වටිනා ඉඩමකට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක නඩු පවරා තිබේ.
ශ්‍රී ලංකාවේ 'විශිෂ්ට සෞඛ්‍ය සේවාවක්' තිබේ නම් දේශපාලකයින් ප්‍රතිකාරවලට සිංගප්පූරු යන්නේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු. මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය. එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.
ශ්‍රී ලංකාව ලෝකයේ සතුට අවම රටවල් අතරට: ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්
ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ. ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි. ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.



















































