BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • A field of wheat with an image of hands holding a mobile phone

ජංගම දුරකථනයක් අල්ලාගෙන සිටින අතක රූපයක් සහ පසුබිමෙන් තිරිඟු කෙතක් දිස්වේ

    හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමේ අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

    හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දෛනිකව සිදුවූ නැව් ගමනාගමනය 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සිට අතලොස්සක් දක්වා අතිශයින් පහත වැටී ඇති බැවින්, ආහාරවල සිට ස්මාර්ට්ෆෝන් සහ ඖෂධ දක්වා භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බව BBC Verify වාර්තා කරයි. මේ පිළිබඳ පර්යේෂණවල නිරත වන Kiel ආයතනය පෙන්වා දී ඇති පරිදි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් භාණ්ඩ මිල වැඩියෙන් ම ඉහළ යා හැකි රටවල් අතර ශ්‍රී ලංකා පසුවන්නේ, දෙවන ස්ථානයේ ය.

  • A man wearing a brown hoodie and blue trousers passes by the entrance to the campus. On his side is a board which reads University of Southampton Delhi. There are trees and shrubs on the side and a glass building in the backdrop.

    එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ඉන්දියාව වෙත ගෙන ඒම සාර්ථක පිළියමක් ද?

    පසුගිය වසරේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර් ඉන්දියාවේ කළ සංචාරය අතරතුර සිදු කරන ලද නිවේදනවලින් පසුව, ඉන්දියාව තුළ සිය ශාඛා පිහිටුවන බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල නවය අතරට යෝර්ක් විශ්වවිද්‍යාලය ද ඇතුළත් වේ. ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය (University of Aberdeen), බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය (University of Bristol), ලිවර්පූල් විශ්වවිද්‍යාලය (University of Liverpool), බෙල්ෆාස්ට් ක්වීන්ස් විශ්වවිද්‍යාලය (Queen's University Belfast) සහ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය (Coventry University) අනෙකුත් විශ්වවිද්‍යාල අතරට ඇතුළත් වේ.

  • ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් අතර හමුවක් සිදුවිය.

    රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාවට ආවේ ඇයි? සාකච්ඡා කළේ මොනවා ද?

    රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ඇතුළු තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (මාර්තු 26) මෙරටට පැමිණියහ. මැද පෙරදිග යුද වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ මෙරටට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීමේ අරමුණ ද සහිතව සිදුවූ රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

  • Noelia Castillo

    පියා සමග කළ දීර්ඝ නීතිමය අරගලයකින් පසු ස්පාඤ්ඤ කාන්තාවක් අනායාස මරණයකට අවසර ගෙන මිය යයි

    තම ජීවිතය අවසන් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් තම පියා සමග දීර්ඝ නීතිමය අරගලයක නිරතව සිටි ස්පාඤ්ඤ කාන්තාවක් බ්‍රහස්පතින්දා [මර්තු 26] අනායාස මරණයක් (euthanasia) මගින් මිය ගියා ය. බාර්සිලෝනාහි ජීවත්වූ 25 හැවිරිදි නොයෙලියා කස්ටීලෝ 2022 වසරේදී සියදිවි නසා ගැනීමට උත්සහ කළ අවස්ථාවක ඇති වූ තුවාල හේතුවෙන් ඇගේ දෙපා අප්‍රාණික විය.

  • A group of women sit on steps in front of an Los Angeles courthouse and react with happiness and tears at verdict

    සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධ නඩු විභාගයකින් Meta සහ YouTube සමාගම් පරාජයට

    එක්සත් ජනපදයේ තවත් නඩු සිය ගණනකට බලපෑම් කළ හැකි තීන්දුවක් ලොස් ඇන්ජලීස් අධිකරණයකින් ලබා දී ඇති අතර ඒ අනුව කාන්තාවකට ඩොලර් මිලියන 6ක වන්දියක් ලබා ලබා දීමට මෙටා සහ යුටියුබ් සමගාම්වලට තීන්දු කර තිබේ.

  • Keheliya Rambukwella

    ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: රු. මි. 75ක වන්දියක් ගෙවන්නැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග

    2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය. ඒ අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වේ.

කෙටි වීඩියෝ

  • මිහිකත හෝරාව වෙනුවෙන් විදුලි පහන් නිවා දමයි
  • මානවරූපී රොබෝවක් සමඟ තාක්ෂණික සමුළුවකට පැමිණි මෙලානියා ට්‍රම්ප්
  • ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය: මිසයිල අන්තර්ග්‍රාහක ක්‍රියා කරන්නේ කෙසේ ද?
  • සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම් සම්බන්ධ නඩුවෙන් Meta හා YouTubeට පරාජය
  • මාර්ගයක සුදු පැහැති බස් රථයක් ගිනි ගන්නා අතර මිනිසුන් වතුර බටයක් ගෙන එය නිවීමට උත්සාහ කරන අයුරු පෙනේ.
  • බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාර දෙයි
  • ගිනි කන්දකින් ඉන්දියන් සාගරයට ලාවා පිටවෙන අයුරු
  • ලා නිල් පැහැති ගවුමකින් සැරසී සිටින මැදිවියේ කාන්තාවක් ඇගේ තරුණ කාලයේ ෆොටෝ එකක් අතේ තබාගෙන සිටී.
  • ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ෆොටෝ එකක් මෙහි දැක්වෙන අතර ඔහු කළු පාට කොට එකකින් සැරසි සිටි.
  • සුදු පැහැති බස් රථයක් දොම්බකරයකින් ඔසවන අයුරු පෙනේ.
  • කළු කෝට් එකක්, සුදු පැහැති කමිසයක් සහ රෝස පාට ටයි එකක් පැළඳ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මයික්‍රපෝනයක් ඉදිරිපිට කතා කරන ආකාරය දැක්වේ.
  • ඊශ්‍රායල් පදිංචිකරුවෝ පලස්තීන ගම්මානවලට පහර දෙයි
  • කොලොම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 66 දෙනෙක් මරුට

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි