එක්සත් ජනපදයට සහ ට්‍රම්ප්ට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි ප්‍රධාන පාඩම්

A composite image with US President Donald Trump prominent in the front and black-and-white pictures in the background of the Suez Canal being blocked by ships and a sign from 1973 oil crisis showing a petrol station out of gas.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Getty images

    • Author, නික් එරික්සන්
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

මීට මාසයකට පෙර එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඇවිලවූ යුද්ධය, එහි ඇති අවිනිශ්චිත ස්වභාවය නිසාම දැන් එය පුරෝකථනය කළ හැකි නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ.

ඒ හා සමානව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහන්, කැලඹිලි වැඩි කරන අතර ගෝලීය වෙළඳපොළවල් කම්පනයට පත් කරන බව පෙනෙන්නට තිබේ.

මෙම සටන ආරම්භ වූ දා සිට, විශේෂඥයන් මෙහි ඇති වෙනස්කම් තේරුම් ගැනීමට සහ ඊළඟට සිදු විය හැකි දේ අනුමාන කිරීමට ඉතිහාසය දෙසට සිය අවධානය යොමුකර ඇත. එහිදී වැදගත් ඓතිහාසික සිදුවීම් තුනක් කැපී පෙනේ.

සූවස්

ඇන්ග්ලෝ-ප්‍රංශ හමුදා ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා සූවස් ඇළ අවහිර කිරීමේ ඵලදායීතාවය ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් තේරුම් ගත්තේය

ඡායාරූප මූලාශ්‍රය, Hulton-Deutsch/Hulton-Deutsch Collection/Corbis via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ග්ලෝ-ප්‍රංශ හමුදා ප්‍රහාරයක් වළක්වා ගැනීම සඳහා සූවස් ඇළ අවහිර කිරීමේ ඵලදායීතාවය ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් තේරුම් ගත්තේය

ඉරානයේ සහය ලබමින් යේමනයේ ක්‍රියාත්මක හූති සටන්කාමීන් ඉරානය සමග එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට පසුගිය සිකුරාදා ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර එය ගැටුමේ නව පෙරමුණක් විවෘත කර තිබේ.

විශේෂයෙන් සූවස් ඇළට සහ රතු මුහුදේ නාවික ගමනාගමනයට පහර දීමට මෙම සන්නද්ධ කණ්ඩායමට හැකියාව ඇති බැවින් මෙම බලවත් ඉරාන ප්‍රොක්සි කණ්ඩායමේ පිවිසීම ලෝක ආර්ථිකයට තවදුරටත් බාධා කිරීමේ බිය ඉහළ නංවයි.

ගෝලීය බහාලුම් ගමනාගමනයෙන් 30% ක් සහ සියලුම භාණ්ඩවල මුළු ගෝලීය වෙළඳාමෙන් 15% ක් පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කෙරෙන වැදගත් ජල මාර්ගය අවහිර කිරීමට මෙම කණ්ඩායමට හැකියාවක් නොමැති නමුත් එම ඇළට ප්‍රවේශ වීම බරපතල ලෙස කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඔවුන් සතුව ඇත. මීට අමතරව හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය සිදුකළ කැලඹීම සහ ගෝලීය ආර්ථිකයට ඇති කරන බලපෑම ව්‍යසනකාරී විය හැකි බව විශේෂඥයෝ පවසති.

මේ සියල්ලේ පසුබිමට එරෙහිව විශ්ලේෂකයින් වසර 70 කට පෙර සිදුවූ සූවස් අර්බුදය වෙත අවධානය යොමු කරන්නේ වර්තමානයේ පවතින මැද පෙරදිග යුද්ධයේ විශාල ප්‍රතිවිපාක පිළිබඳ උගත හැකි පාඩමක් සඳහා ය.

1956 වසරේදී එවක ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසර් සූවස් ඇළ ජනසතු කරමින් ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක පාලනය තමා වෙත ලබා ගත්තේය. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය එය නැවත අල්ලා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත විය.

The Egyptian President Gamal Nasser is cheered by a huge crowd on his arrival back in Cairo from Alexandria during the Suez Crisis. Nasser is carried on the shoulders of cheering supporters and waves a white handkerchief in this black-and-white photo. He is wearing a suit.

ඡායාරූප මූලාශ්‍රය, Hulton-Deutsch Collection/CORBIS/Corbis via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සූවස් අර්බුදය හැසිරවීම සම්බන්ධයෙන් ඊජිප්තු ජනාධිපති ගමාල් නසාර් කලාපයේ වීරයෙකු ලෙස සැලකේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අන් සියල්ලටම වඩා එයින් පෙන්නුම් කළේ ලෝක බලවතෙකු ලෙස බ්‍රිතාන්‍යය තිබූ යුගය බොහෝ සෙයින් අවසන් වී තිබෙන බවයි" බීබීසී ජාත්‍යන්තර සංස්කාරක ජෙරමි බොවන් පවසයි. "පළමු ලෝක යුද්ධයේ සිට මැද පෙරදිග අධිරාජ්‍ය ආධිපත්‍යය ඔවුන්ට හිමිව තිබුණා, ඒ වගේම එහි අවසානයේ ආරම්භය ද එය වුණා''

ගෝලීය ආර්ථිකයේ වැදගත් ම ධමනි බඳු වූ මාර්ගවලට ප්‍රවේශ වීම සීමා කරමින් ටෙහෙරානය මෙන්ම හූති සටන්කාමීන් දැනට අනුගමනය කරන උපක්‍රම තුළින් නසාර්ගේ ප්‍රතිචාරය නැවත දෝංකාර දෙමින් තිබේ.

බ්‍රිතාන්‍ය-ප්‍රංශ හමුදා සූවස් ඇළේ උතුරු කෙළවරට ගොඩබසින විට, නසාර් විසින් නැව් රැසක් ගිල්වා ඇළ අවහිර කර තිබූ බවත්, එමගින් පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිධි වෙත යුරෝපයට තිබූ ජීවන මාර්ගය සැබවින්ම කපා හැර තිබූ බවත් ඇමෙරිකානු ඉතිහාසඥ ඇල්ෆ්‍රඩ් ඩබ්ලිව්. මැකෝයි පෙන්වා දෙයි.

සෝවියට් සංගමය සමඟ සීතල යුද්ධයේදී පුළුල් වන සහ භයානක පෙරමුණක් විවෘත වීම ගැන සැලකිලිමත් වූ එවක එක්සත් ජනපද ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර් ද ඒ සඳහා මැදිහත් වූ අතර බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට ඉවත්වීමට බල කළේය.

"මේ කාලය වන විට…එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බ්‍රිතාන්‍යයට සම්බාධක පනවා තිබුණා, ඔවුන්ගේ මුදල් ඒකකය කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණේ, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බලය අතුරුදන් වී තිබූ අතර ගෝලීය අධිරාජ්‍යය, අභාවය කරා ගමන් කරමින් තිබුණා," මැකෝයි කියා සිටියේය.

An image of a billboard outside a petrol station in the US during the 1973 oil crisis, saying 'Gas Sales Limited to Regular Customers'. In the background a man can be seen leaning in to a car window and talking to the driver.

ඡායාරූප මූලාශ්‍රය, Smith Collection/Gado/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1973 තෙල් අර්බුදයේ බලපෑම එක්සත් ජනපදයේ ජනතාව මත දශකයක් පුරා පැවතුණි.

කෙසේ වෙතත්, වර්තමාන ගැටුම සමඟ එහි ඇති සමානකම් නිශ්චිතව නිවැරදි නොවන බව බෝවන් පවසයි. "මට එක්සත් ජනපදයේ වර්තමාන ශක්තිය දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය තිබූ තත්ත්වය සමඟ සංසන්දනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ. නමුත් මම කියන දේ තමයි සියලුම බලවත් රටවල් නැගීමකට මෙන්ම බැසීමකට ද ලක්වනවා කියන එක. චීනයේ නැගී ඒමට ඇමෙරිකාව මුහුණ දෙමින් සිටින විට අනාගතයේදී මිනිසුන් ඇමෙරිකාවේ පරිහානිය දෙස බැලීමට පටන් ගන්නවා නම්, මෙය ඉතිහාසඥයන් විසින් එම ගමන් මගෙහි එක් සන්ධිස්ථානයක් ලෙස සටහන් කරයි; එනම් ප්‍රතිවිපාක ගැන ගැඹුරින් නොසිතා ආරම්භ කළ යුද්ධයක් ලෙසය."

ඇති විය හැකි ප්‍රතිවිපාක තේරුම් ගැනීමට වසර 70ක ඉතිහාසය ලබා දී ඇති තවත් පාඩම් දෙස බැලීම ප්‍රයෝජනවත් වනු ඇත.

1973 තෙල් අර්බුදය

පසුගිය දශක කිහිපය තුළ, උපරිම හානියක් සිදු කිරීම සඳහා ප්‍රධාන ආර්ථික මර්මස්ථාන අවහිර කිරීම නැවත නැවතත් සිදු වී ඇති අතර නිරීක්ෂකයෝ පවසන්නේ අද සිදු වන දේ ද සම්පූර්ණයෙන්ම පුරෝකථනය කළ හැකිව තිබූ බවයි.

විනාශකාරී සූවස් ව්‍යාපාරයෙන් වසර 20 කටත් අඩු කාලයකට පසු පැහැදිලි උදාහරණවලින් එකක් ලැබී ඇත.

''1973 දී ඊශ්‍රායලය, ඊජිප්තුව සහ සිරියාව අතර යුද්ධයක් තිබුණා. ඒක ඊජිප්තුවරුන් සහ සිරියානුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයක් සහ යොම් කිප්පූර් කියන යුද්ධයයි. ඇමෙරිකානුවන් ඊශ්‍රායලයට ආයුධ දුන්නා," බොවන් පවසයි. "පසුව, අරාබි ලෝකය තෙල් මිල විශාල වශයෙන් ඉහළ නංවා, සම්බාධක පැනවීමට ක්‍රියා කළ අතර එය බටහිර යුරෝපයට විශාල හානියක් සිදු කළා.''

සෞදි අරාබියේ එවක ඉන්ධන අමාත්‍ය ෂෙයික් අහමඩ් සකී යමානි, 1973 දී තෙල් වැනි සම්පත්, ගෝලීය වෙළඳපොළට බලපෑම් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කළේය. අරාබි ලෝකය සතු නිෂ්පාදන පාලනය ඔහු හැඳින්වූයේ ගෝලීය ආර්ථිකයන් කඩාබිඳ දැමිය හැකි ඉන්ධන අවියක් ලෙසය.

මෙම සම්බාධක මාස පහක් පැවතුණ ද, විශේෂඥයින් පවසන්නේ එහි බලපෑම දශකයක් පුරා දැනුණු බවයි. නිදසුනක් වශයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම නිෂ්පාදනයේදී ඉන්ධන මත දැඩි ලෙස යැපෙන එම රටවල උද්ධමනය වේගයෙන් ඉහළ ගිය අතර, ජීවන වියදම ඉහළ යාම පාලනය කිරීමට මහ බැංකු අරගල කරන විට පොලී අනුපාත ද ඉහළ ගියේය.

A slightly blurry black-and-white photograph of British-built Jordanian Centurion tanks arriving in the Golan Heights to support the Syrians during the Yom Kippur War

ඡායාරූප මූලාශ්‍රය, Hulton Archive/Getty Images

වසර 50 කට පෙර කාලයට සාපේක්ෂව ඉන්ධන වෙළඳ භාණ්ඩයක් ලෙස ගෝලීය වශයෙන් ආධිපත්‍යය නොදැරුව ද ගෝලීය ඉල්ලුමේ කොටස එදාට වඩා අඩු වීම සහ විවිධාංගීකරණය වූ බලශක්ති ප්‍රභවයන් සඳහ බටහිර රටවල ආයෝජන මේ වනවිට වර්ධනය වීමත් සමඟ එය තවමත් තීරණාත්මක සම්පතක් වන අතර, 1973 සහ ඉන් අනතුරුව සිදුවු සිදුවීම් ට්‍රම්ප්ට ප්‍රධාන පාඩම් සපයයි.

මීට වසර 50කට පෙර මෙන් නොව, එක්සත් ජනපදය වර්තමානයේදී ඔවුන්ගේ පරිභෝජනයට වඩා වැඩි බලශක්තියක් නිෂ්පාදනය කළද ඔවුන් තවමත් ගෝලීය වෙළඳපලේ තෙල් මිල වෙනස්වීම් හමුවේ අවදානමට ලක්ව සිටී. මෙය අවසානයේ එක්සත් ජනපද පාරිභෝගිකයින්ට බලපානු ඇත.

එමෙන්ම බලශක්ති සැපයුම එතරම් විවිධාංගීකරණය වී නොමැති සහ වර්තමාන තෙල් හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ආසියාවේ තම ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ට එල්ල වන පීඩනය හරහා ද ඇමෙරිකාවට වක්‍රව බලපෑම් එල්ල විය හැකිය.

''දැන් සිදුවෙමින් පවතින්නේ සෞදි අරාබිය හෝ එමීර් රාජ්‍යය වැනි රටවල් ඔවුන්ගේ ඉන්ධන යුරෝපය තුළ ඉන්න ඔවුන්ගේ පාරිභෝගිකයන්ට විකුණන්නේ නැහැ කියන එක නෙමෙයි" බෝවන් පවසයි. "නමුත් ඉරානය සහ හූති සටන්කාමීන් ද එම ඉන්ධන වෙළඳපොළට රැගෙන යාම ඉතාමත් අසීරු කරමින් සිටිනවා. ඉන්ධන කියන්නේ ඉතා වැදගත් දෙයක්. ඔබ එම සැපයුම් මාර්ග කපා දැම්මොත් ඔබ ගෝලීය වශයෙන් විශාල බාධාවක් ඇති කරනවා''

ඉරාන - ඉරාක යුද්ධය

1980 දශකයේ වැඩි කාලයක් පුරා පැවති ඉරාන-ඉරාක යුද්ධය වොෂින්ටනයේ සතුරන් විසින් වැදගත් ආර්ථික මර්මස්ථාන අවහිර කළ හැකි ආකාරය පිළිබඳව වඩාත් මෑතකාලීන සහ බලවත් ඓතිහාසික උදාහරණ ට්‍රම්ප්ට සපයන බව ඉතිහාසඥයෝ පවසති.

විශ්ලේෂකයෝ පවසන්නේ එම යුද්ධයේ පසුකාලීන අවධින්වලදී ලෝක බලවතුන් මෙම ගැටුමට ඇද ගැනීමේ උත්සාහයක් ලෙස ටෙහෙරානය සහ බැග්ඩෑඩය යන දෙපාර්ශවයම හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය ඉලක්ක කළ බවයි.

1980 දශකයේ මැද භාගය වන විට මෙම ප්‍රහාර දරුණු තත්ත්වකට ළඟාවූ අතර සිය නෞකා එම ජල මාර්ගය හරහා ගෙන යාමට කුවේටය ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටියේය. සීතල යුද්ධයේ සිය ප්‍රතිවාදියා වූ රුසියාව තමන් අභිභවා යාමට අකමැති වූ වොෂින්ටනය ඊට එකඟ විය.

A US warship in the background travels alongside a cargo ship during Operation Earnest Will in the Strait of Hormuz.

ඡායාරූප මූලාශ්‍රය, Barry Iverson/Getty Images

'Operation Earnest Will' ලෙස හැඳින්වුණු තෙල් නැව් සඳහා ආරක්ෂාව සැපයීමේ මෙහෙයුම 1987 ජූලි මාසයේදී ආරම්භ වූ නමුත් ඔවුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටි Bridgeton නෞකාව කුවේටය බලා යන අතරමගදී ඉරාන මුහුදු බෝම්බයක ගැටීම හේතුවෙන් ඇමෙරිකාව විශාල අපහසුතාවකට මුහුණ දුන්නේය.

මෙම සිදුවීම, වොෂින්ටනයේ මුහුදු බෝම්බ ඉවත් කිරීමේ හැකියාවන් සමුද්‍ර සන්ධියේදී කොතරම් ප්‍රමාණවත් නැද්ද යන්න ඉස්මතු කළ බව විශේෂඥයින් පවසන අතර එය මෙහෙයුම අඛණ්ඩව සිදු කිරීමට බාධාවක් විය.

වර්තමාන ගැටුම දෙස බලන විට, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා නාවික ආරක්ෂාව සපයන ලෙස ට්‍රම්ප් මෑතකදී අනෙකුත් රටවල සහාය ඉල්ලා සිටීම තුළ මෙම ඓතිහාසික සමානකම් මනාව පැහැදිලි වේ.

නමුත් වොෂින්ටනයට වර්තමානයේ පවතින අභියෝගය ඊටත් වඩා විශාල බව විශ්ලේෂකයින් පවසන අතර යුද්ධයේදී භාවිත කරන මෙවලම් ඩ්‍රෝන යානා භාවිතය දක්වා පුළුල් වී ඇති අතර ඉරානය තවදුරටත් ඉරාකය සමඟ යුද්ධ නොකිරීම ද එයින් එකකි.

ප්‍රධාන පාර්ශවයන්ට පමණක් නොව මැදපෙරදිග වත්මන් යුද්ධයට සම්බන්ධ වී සිටින සියලු පාර්ශවයන්ට ඉතිහාසය බොහෝ පාඩම් කියා දෙයි. ඔවුන් මෙම පාඩම්වලට කෙතරම් සමීපව සවන් දෙන්නේ ද යන්න ගෝලීය පෙරළියේ දිශාවට සහ කාලසීමාවට බලපෑම් කිරීමට ඉඩ ඇත.