BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
කොළඹ ජල සැපයුම තවදුරටත් අඩාළ වේවි ද?: ජල කප්පාදුව කොපමණ කාලයක් පවතී ද?
පවතින වියළි කාලගුණය හමුවේ ඉදිරි කාලය ජලය කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මතුවන කාලයක් වනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සභාපති ඉන්ජිනේරු චන්දන බණ්ඩාර අප්‍රේල් 2 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ "ඉදිරි සති දෙක තුන" ජනතාවට "යම් විශේෂ කාලයක්" වනු ඇති බවයි.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
චමෝදි ප්‍රබෝධා: 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වයට පත් 16 හැවිරිදි 'බට්ටිගේ' කතාව
මෙම තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටි අතර, එක් සුවිශේෂී 'පුංචි' ක්‍රීඩිකාවක කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි. ඒ, තවමත් වයස අවුරුදු 14ක පසු වන මොනරාගලින් බිහි වූ දක්ෂ ක්‍රීඩිකාවක දෙස ය. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 4කට ක්‍රීඩා කළ වමතින් පිට දඟ පන්දු යවන ඇය, කඩුලු දෙකක් දවා ගත්තා ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු නීතිපති පෑම් බොන්ඩායි ධූරයෙන් ඉවත් කළේ ඇයි?
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ රජයේ දිගුකාලීන සගයෙකු සහ ඒ වෙනුවෙන් දැඩිව පෙනී සිටි අයෙකු වූ එරට නීතිපති පෑම් බොන්ඩායි එම තනතුරින් ඉවත් කර තිබේ. Truth Socialහි සටහනක් තබමින් ට්‍රම්ප් ඇයට ප්‍රශංසා කළ අතර, ඇය පෞද්ගලික අංශයේ භූමිකාවකට "මාරුවක්" ලබා ගත් බව සඳහන් කර තිබිණි.
කුඩා කාලයේදී ම මව අහිමිව මාමාගේ සහයෙන් IPL කරා පැමිණි අනිකේත් වර්මා පැමිණි දුෂ්කර ගමන්මග
"මට මතකයි මට අවුරුදු 15න් පහළ කණ්ඩායමට සෙල්ලම් කරන්න යන්න වුණා, මට දුරකතනයක් තිබුණේ නැහැ. ඒ කාලේ මගේ මාමට රැකියාවෙන් ලැබුණේ, රුපියල් දෙදහක් හෝ තුන්දාහක් වගේ මුදලක්. දුරකතනයක් තිබුණා රුපියල් හත්දහසකට. ඒ නිසා එයා දෙතුන් දෙනෙකුගෙන් ණයට සල්ලි අරගෙන මට ඒක අරන් දුන්නා ,"
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?
ඕනෑ ම මොහොතක ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බව පසුගිය දා කොළඹ ඉරාන තානාපතිවරයා කියා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එම ප්‍රකාශයට ස්තූති වන්ත වන බව ය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීමට ඇති අවස්ථා මොනව ද?
ග්‍රාම නිලධාරී සේවයට එක්වීමට අපේක්ෂා කරන ඔබ එහි තරග විභාගය ගැන දැනගත යුතු කරුණු
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ, එම විභාගය එදින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක පැවැත්වෙන බව ය.
'හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ' බව කියන රු. කෝටි 10ක් වටිනා ඉඩමක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගේ බිරියක් නඩු පවරයි
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක් වටිනා ඉඩමකට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක නඩු පවරා තිබේ.
ශ්‍රී ලංකාවේ 'විශිෂ්ට සෞඛ්‍ය සේවාවක්' තිබේ නම් දේශපාලකයින් ප්‍රතිකාරවලට සිංගප්පූරු යන්නේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු. මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය. එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.
ශ්‍රී ලංකාව ලෝකයේ සතුට අවම රටවල් අතරට: ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්
ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ. ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි. ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.



















































