BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
පැය ගණනක් වාඩි වී සිටීම? වෙරිකෝස් නහර ඇතිවීමේ අවදානම වැඩි වන ආකාරය සහ ඉන් ඇති විය හැකි හානිය කුමක් ද?
ඉන්දියාවේ නහර ගැටගැසීමේ (වරිකොස්) රෝග තත්ත්වය වර්ධනය වන ගැටලුවකි. එය රූපලාවන්‍ය ගැටලුවක් පමණක් නොව, බරපතල රුධිර සංසරණ ගැටලුවකි. ඊට නවීන ශිල්පීය ක්‍රම මගින් ප්‍රතිකාර කළ හැකි නමුත්, කාලෝචිත රෝග විනිශ්චය අත්‍යවශ්‍ය වේ.
කොළඹ ජල සැපයුම තවදුරටත් අඩාළ වේවි ද?: ජල කප්පාදුව කොපමණ කාලයක් පවතී ද?
පවතින වියළි කාලගුණය හමුවේ ඉදිරි කාලය ජලය කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මතුවන කාලයක් වනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සභාපති ඉන්ජිනේරු චන්දන බණ්ඩාර අප්‍රේල් 2 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ "ඉදිරි සති දෙක තුන" ජනතාවට "යම් විශේෂ කාලයක්" වනු ඇති බවයි.
1970 ගණන්වල ඇති වූ ඉන්ධන අර්බුදය කුමක් ද? අපි ගමන් කරමින් සිටින්නේ වඩාත් නරක තත්ත්වයකට ද?
අර්බුද දෙකට ම ඉන්ධන සම්බන්ධ වුවත්, විශේෂඥයින් පවසන්නේ 1970 ගණන්වල සිදු වූ දේ සහ අද සිදු වූ දේ අතර යම් වැදගත් වෙනස්කම් ඇති බවයි.
වීඩියෝ, නැදුන්ගමුවේ විජය රාජා: නැවෙන් ලංකාවට පැමිණි ගමනේ සිට ජාතික වස්තුවක් ලෙස නම් කිරීම දක්වා අප්‍රකට තොරතුරු, ධාවන කාලය 6,11
ශ්‍රී ලංකා රජය ජාතික උරුමයක් ලෙස නම් කරන ලද නැදුන්ගමුවේ විජය රාජාගේ කතාව පූජනීයත්වය, දේශීය දැනුම, සංස්කෘතිය සහ මානුෂීය ගුණාංග සංකේතවත් කරන දේශසීමා ඉක්මවා යන එකකි.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?
ඕනෑ ම මොහොතක ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බව පසුගිය දා කොළඹ ඉරාන තානාපතිවරයා කියා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එම ප්‍රකාශයට ස්තූති වන්ත වන බව ය. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීමට ඇති අවස්ථා මොනව ද?
ග්‍රාම නිලධාරී සේවයට එක්වීමට අපේක්ෂා කරන ඔබ එහි තරග විභාගය ගැන දැනගත යුතු කරුණු
ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ප්‍රකාශ කළේ, එම විභාගය එදින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක පැවැත්වෙන බව ය.
'හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ' බව කියන රු. කෝටි 10ක් වටිනා ඉඩමක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගේ බිරියක් නඩු පවරයි
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක් වටිනා ඉඩමකට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක නඩු පවරා තිබේ.
ශ්‍රී ලංකාවේ 'විශිෂ්ට සෞඛ්‍ය සේවාවක්' තිබේ නම් දේශපාලකයින් ප්‍රතිකාරවලට සිංගප්පූරු යන්නේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු. මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය. එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.
ශ්‍රී ලංකාව ලෝකයේ සතුට අවම රටවල් අතරට: ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්
ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ. ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි. ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.



















































