ඔබ ජීවත් වන කාලය දැනගමු

Life Expectancy

ලෝකය පුරා පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙමින් පවතී. 2016 දී උපත ලැබූ දරුවන් ඉන් වසර 25කට ඉහත දී උපත ලැබූ පුද්ගලයන්ට වඩා වසර හතකට ආසන්න කාලයක් වැඩිපුර ජීවත් වේ.

පහත ගණකයේ ඔබේ දත්ත ඇතුළත් කළ පසු, ඔබේ රටේ, සම වයසේ පසුවන කාන්තාවක හෝ පුරුෂයෙකුගේ ආයු කාලය මෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන කාලය ද දැනගත හැකිය.

ලොව සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය උපතේ සිට අවුරුදු 72 කි. පුරුෂයෙක් වසර 70 ක් සහ කාන්තාවක් වසර 75 ක් දක්වා ජීවත් විය හැකිය. නමුත්, මෙය වයස අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස, අවුරුදු 69 ක පුද්ගලයෙක් තවත් වසර 17 ක් පමණ ජීවත් විය හැක.

අපේක්ෂිත ආයු කාලය පෙන්වන ගණකය ඔබේ උපාංගයෙහි නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම්, මෙතැනින් යළි පිවිසෙන්න

අපේක්ෂිත ආයු කාලය ඔබේ වයස අනුව වෙනස් වන්නේ කෙසේද?

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට අනුව අපේක්ෂිත ආයු කාලය ගණනය කරනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත 'ද ග්ලෝබල් බර්ඩ්න් ඔෆ් ඩිසීස්' (The Global Burden of Disease) ආයතනය විසින් අපේක්ෂිත ආයු කාලය මනිනු ලබන්නේ යම් රටක විවිධ වයස්වල සිටින පුද්ගලයන්ගේ මරණ අනුපාතය ද සැලකිල්ලට ගනිමිනි.

අපේක්ෂිත ආයු කාලය එක් එක් පුද්ගලයාගේ වයස අනුව වෙනස් වන අතර පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන කාලය මෙහිදී ගණනය කරනු ලැබේ.

උදාහරණයක් ලෙස 2016 දී මෙක්සිකෝවේ ඉපදුණ ගැහැණු ළමයෙකු වයස 79ක් දක්වා ජීවත් වනු ඇත. කෙසේ වෙතත්, 2016 වර්ෂයේදී වයස 65ක කාන්තාවක් අවුරුදු 84 දක්වා ජීවත් වේ. ඇය ඒ වන විටත් වයස 65ක් ජීවත්ව සිටි නිසා ඇයගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වන අතර තවත් වසර විස්සක් පමණ ජීවත් වීමට ඉඩ ඇත.

අපේක්ෂිත ආයු කාලය මනින ගණකය නිර්මාණය වූයේ කෙසේද?

මෑතකදී (2016) එළිදක්වන ලද දත්ත උපයෝගී කරගෙන මෙම ගණකය නිර්මාණය කර තිබේ.

පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ රට පදනම්ව යමෙකු ජීවත්වීමට අපේක්ෂා කෙරෙන වසර ගණන අපේක්ෂිත ආයු කාලය නම් වේ. 'ඔබගේ ජීවිතයේ ඉතිරි කාලයෙන් කොපමණ කලක් සෞඛ්‍ය සම්පන්නව සිටීද?' යන්න පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට බලාපොරොත්තු වන වසර සංඛ්‍යාව සමග ගණනය කර, ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි වසරවල‍ ප්‍රතිශතයක් ලෙස පෙන්වයි. අවසාන ප්‍රතිපලය නිකුත් කරන්නේ පුද්ගලයෙකුගේ ඉතිරි ජීවිත කාලය තුළ මරණයට පත් වීමේ හෝ ආබාධිත තත්වයට පත් වීමේ ප්‍රවනතාව ද සැලකිල්ලට ගෙනය.

ඒ අනුව, කිසියම් අපේක්ෂිත විද්‍යාත්මක දියුණුකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාරවල වැඩි වර්ධන මෙහිදී අවධානයට ලක් කර නැත.

මූලාශ්‍රය: Global Burden of Disease Study 2016, සම්බන්ධීකරණය කරන ලද්දේ සෞඛ්‍ය දත්ත සහ ඇගයීම් ආයතනය

මෙම ගණකය නිර්මාණය කරන ලද්දේ ටොම් කැල්වර්, නස්සොස් ස්ටයිලිනෝ, බෙකී ඩේල්, නික් ට්‍රිග්ල්, රැන්සම් ම්පිනි, ප්‍රීනා ෂා, ජෝ රීඩ් සහ එලිනෝ කීන් විසිනි.

මේ තොරතුරුද කියවන්න:

කෙටි වීඩියෝ

  • මිහිකත හෝරාව වෙනුවෙන් විදුලි පහන් නිවා දමයි
  • මානවරූපී රොබෝවක් සමඟ තාක්ෂණික සමුළුවකට පැමිණි මෙලානියා ට්‍රම්ප්
  • ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය: මිසයිල අන්තර්ග්‍රාහක ක්‍රියා කරන්නේ කෙසේ ද?
  • සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම් සම්බන්ධ නඩුවෙන් Meta හා YouTubeට පරාජය
  • මාර්ගයක සුදු පැහැති බස් රථයක් ගිනි ගන්නා අතර මිනිසුන් වතුර බටයක් ගෙන එය නිවීමට උත්සාහ කරන අයුරු පෙනේ.
  • බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාර දෙයි
  • ගිනි කන්දකින් ඉන්දියන් සාගරයට ලාවා පිටවෙන අයුරු
  • ලා නිල් පැහැති ගවුමකින් සැරසී සිටින මැදිවියේ කාන්තාවක් ඇගේ තරුණ කාලයේ ෆොටෝ එකක් අතේ තබාගෙන සිටී.
  • ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ෆොටෝ එකක් මෙහි දැක්වෙන අතර ඔහු කළු පාට කොට එකකින් සැරසි සිටි.
  • සුදු පැහැති බස් රථයක් දොම්බකරයකින් ඔසවන අයුරු පෙනේ.
  • කළු කෝට් එකක්, සුදු පැහැති කමිසයක් සහ රෝස පාට ටයි එකක් පැළඳ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මයික්‍රපෝනයක් ඉදිරිපිට කතා කරන ආකාරය දැක්වේ.
  • ඊශ්‍රායල් පදිංචිකරුවෝ පලස්තීන ගම්මානවලට පහර දෙයි
  •  නිල් පැහැති ජීප් රථයකට තරුණියන් දෙදෙනෙකු නංවා ගන්නා අතර පොලිස් නිලධාරියෙකු ඒ අසල සිටගෙන සිටී.
  • වසර 400ක් පැරණි යුක්රේන පල්ලියක ඩ්‍රෝන යානයක් ගැටෙන මොහොතක්
  • සීල් මත්ස්‍යයෙක්
  • අපරාධයක් වූ ස්ථානයක කහ පටියක් ඇද ඇති අතර කළු කෝට් එකක් පැළඳ සිටින පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටි.
  • Thumb
  • කොලොම්බියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 66 දෙනෙක් මරුට
  • ඇමෙරිකාවේ ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක පිපිරීමක්
  • බේරූට්හි සුන්බුන් මැද කළ චෙලෝ වාදනය

ජනප්‍රිය ලිපි