ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරාන නායකයින් බොහෝ දෙනෙකු ඝාතනය කර ඇති පසුබිමක ට්‍රම්ප් ඇත්තට ම සාකච්ඡා පවත්වන්නේ කා සමග ද?

A composite image shows a montage, superimposed on the Iranian flag, of photographs of Brig Gen Ali Larijani, Maj Gen Abdolrahim Mousavi, Maj Gen Mohammad Pakpour, Rear Adm Ali Shamkhani and former Supreme Leader Ayatollah Ali Khamenei, with his left hand raised, all in black and white, and
President Masoud Pezeshkian and Brig Gen Mohammad Bagher Ghalibaf, both wearing a dark blue jacket and light blue open-necked shirt, and Supreme Leader Mojtaba Khamenei, all in colour.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කේන් පියෙරි, කේට් බෝවී - බීබීසී ලෝක සේවය, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 11

වැඩිදුර අනුමැතියකින් තොරව ඕනෑ ම ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු ඉලක්ක කර ගැනීමට ඊශ්‍රායල හමුදාවට බලය පවරා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

මෙය සිදුවන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ඉරානයේ ඉහළ ම ආරක්ෂක නිලධාරියෙකු වන අලි ලරිජානි සහ බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් කටීබ් යන දෙදෙනා ම මෑත සතිවලදී ඝාතනය කළ බව පවසන ජ්‍යෙෂ්ඨ ඉරාන පුද්ගලයින්ගේ ලැයිස්තුවට එකතු කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුව ය.

"අතිරේක අනුමැතියකින් තොරව, සියලු බුද්ධි තොරතුරු ඇති සහ සැලැස්මක් ඇති අවස්ථාවක ම ඕනෑ ම ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු ඝාතනය කිරීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මම IDF වෙත බලය පවරා තිබෙනවා," කැට්ස් පැවසීය.

නමුත් ඉරානයේ බල ව්‍යුහය තුළ මෙම නිලධාරීන් කෙතරම් වැදගත් ද සහ දැන් එය භාරව සිටින්නේ කවුද? මේ, ඉරානයේ නායකත්වය වෙනස් වී ඇති ආකාරයයි.

ඉරානයේ නායකත්වය වෙනස් වී ඇති ආකාරය.

අයතුල්ලා අලි කමේනි - උත්තරීතර නායකයා (මියගිය)

Former Iranian Supreme Leader Ayatollah Ali Khamenei stands, with his left hand raised, in front of a blue curtain at a ceremony on 4 June 2025.

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN LEADER PRESS OFFICE / HANDOUT via Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, අයතුල්ලා අලි කමේනි දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළේ ය

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය බොහෝ දෙනෙකුට කම්පනයට පත් කළේ, විශේෂයෙන් එය පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර රටට එල්ල කළ පළමු දිනයේදී ම සිදු වීම නිසා ය.

1979 වසරේදී ඉරාන ඉස්ලාමීය ජනරජය ආරම්භ කළ අයතුල්ලා රුහොල්ලා කොමේනිගෙන් පසු, 86 හැවිරිදි ඔහු දශක තුනකට වැඩි කාලයක් රට පාලනය කළේ ය.

කමේනි ඉරානයේ සිටි බලවත් ම නායකයා විය - ඔහු රාජ්‍ය නායකයා සහ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂකයින් ඇතුළු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණ දෙන නිලධාරියා විය.

සම්ප්‍රදායික ඒකාධිපති පාලකයෙකු නොවූවත්, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඕනෑ ම කාරණයක් නිෂේධනය කිරීමට සහ රජයේ තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේ බලය ඔහුට පැවතිණි. ඔහු තරගකාරී බල මධ්‍යස්ථානවල සංකීර්ණ ජාලයක් මධ්‍යයට වී, ඇතැම් විට දේශපාලනයට වඩා ඉහළින් සිටින බව පෙන්වමින් - ඉරානයේ ප්‍රතිසංස්කරණවාදීන් සහ ගතානුගතිකයින් අතර ඇති වන ගැටුම් දෙස බලා සිටියේ ය.

නමුත් විරුද්ධ මත මතු වීමට හෝ ඔහු අනුමත නොකළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට කමේනි ඉඩ නොදුන් තරම් ය.

මොජ්තාබා කමේනි - උත්තරීතර නායකයා (ජීවතුන් අතර සිටී)

Mojtaba Khamenei, attends an al-Quds Day demonstration in Tehran, on 31 May 2019.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයෙන් මිය ගිය තම පුරවැසියන් වෙනුවෙන් පළිගැනීම ඉරානය අත්නොහරින බවට මොජ්තාබා කමේනි පවසා තිබේ

2026 මාර්තු 8 වන දින සිය පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන ලද දා සිට මොජ්තාබා කමේනි ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු අතර, ඔහුගේ වීඩියෝ හෝ ඡායාරූප ද දක්නට නොලැබිණි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව පැවසුවේ, පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරයෙන් නව උත්තරීතර නායකයාගේ දෙමව්පියන් සහ සහෝදරයා මිය ගිය අතර ඔහු ද "තුවාල වී විරූප ඇති" බවයි.

මාර්තු 12 වන දින රාජ්‍ය රූපවාහිනියේ ප්‍රකාශයක් ලෙස කියවන ලද, උත්තරීතර නායකයා ලෙස සිදු කළ පළමු ප්‍රකාශයේදී, හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර නැව් ගමනාගමනය සඳහා වසා තබන බවට කමේනි ප්‍රතිඥා දුන්නේ ලෝකයේ තෙල්වලින් 20%ක සැපයුම අවහිර කරමිනි. එමෙන් ම යුද්ධයෙන් මියගිය තම පුරවැසියන් වෙනුවෙන් "පළිගැනීම තම රජය අත් නොහරින" බව ද ඔහු පැවසීය.

මාර්තු 20 වන දින, පර්සියානු අලුත් අවුරුදු උත්සවය වන නෝරූස් වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ තවත් ලිඛිත පණිවිඩයක් කියවන ලදී. මෙය සාම්ප්‍රදායිකව කැමරාවක් ඉදිරියේ ඔහුගේ පියා විසින් ඉදිරිපත් කරන ලද නෝරූස් පණිවිඩයට වඩා හාත්පසින් ම වෙනස් විය.

අලි ලරිජානි - උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් (මියගිය)

Wearing a black jacket, blue open-necked button-down shirt and glasses, Brig Gen Ali Larijani speaks into a cluster of microphones, at a memorial service, on  27 September 2025.

ඡායාරූප මූලාශ්‍රය, COURTNEY BONNEAU/Middle East Images/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන ප්‍රවෘත්ති ආයතන විසින් අලි ලරිජානි අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙකු ලෙස විස්තර කරන ලදී
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2026 මාර්තු 17 වන දින ටෙහෙරානයේ පාර්ඩිස් ප්‍රදේශයේදී එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරයකින් 68 හැවිරිදි අලි ලරිජානි සමග ඔහුගේ පුත්‍රයා සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරියෙකු මිය ගිය අතර, ඔහු කමේනිගෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම ඉරාන නිලධාරියා ලෙස සැලකේ.

හිටපු විප්ලවවාදී ආරක්ෂක අණදෙන නිලධාරියෙකු වූ ඔහු, 2004 වසරේදී කමේනිගේ ආරක්ෂක උපදේශකයෙකු බවට පත් වීමට පෙර ඉරාන ඉස්ලාමීය ජනරජයේ විකාශන ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. දශකයක කාලයක් ඔහු එම තනතුර දැරීය.

2005-07 කාලය තුළ බටහිර රටවල් සමග ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරු ලෙස ලරිජානි කටයුතු කළ නමුත් එවකට ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් සමග ඇති වූ නොඑකඟ හේතුවෙන් එම තනතුරෙන් ඉවත් කෙරිණි. ඔහු ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස වසර 12ක කාලයක් සේවය කළ අතර, එම ධූරය දීර්ඝතම කාලයක් දැරූ කතානායකවරයා ද ඔහු විය.

ලරිජානි උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේදී කමේනිව නියෝජනය කළ අතර 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි මාසවල ඉරානය පුරා පැතිර ගිය විරෝධතා මැඩපැවැත්වීම සඳහා බසීජ් පැරාමිලිටරි භටයන් ඇතුළු ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද පෙර නොවූ විරූ මර්දනය අධීක්ෂණය කරනු ලැබ ඇතැයි සැලකේ. ඉන් අවම වශයෙන් විරෝධතාකරුවන් 6,508 දෙනෙකු මිය ගොස් 53,000ක් අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

රියර් අද්මිරාල් අලි ෂම්කානි - ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් (මියගිය)

Wearing a dark blue jacket, light blue V-neck jumper, light blue and white striped open-necked shirt and glasses, Rear Adm Ali Shamkhani sits on an ornate gold-coloured chair in front of an Iranian flag, at a meeting with United Arab Emirates National Security Adviser Tahnoun bin Zayed Al Nahyan, in Tehran, on 6 December 2021.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රියර් අද්මිරාල් අලි ෂම්කානි මීට පෙර උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා විය

කමේනිගේ සමීප උපදේශකයෙකු, ඉරානයේ ආරක්ෂක සහ න්‍යෂ්ටික ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන චරිතයක් සහ ඉරානයේ එක ම රියර් අද්මිරාල්වරයා වූ අලි ෂම්කානි පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගියේ ය.

2025 ජූනි මාසයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති දින 12 යුද්ධයේදී ඔහු තම නිවසට එල්ල වූ ප්‍රහාරයකින් දිවි ගලවා ගෙන තිබිණි.

1980 දශකයේ පැවති ඉරාන-ඉරාක යුද්ධය අතරතුර, ෂම්කානි ඉතා වැදගත් විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

පසුගිය දශක හතර තුළ ඔහු ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අමාත්‍ය, ආරක්ෂක අමාත්‍ය, නාවික හමුදාපති සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් දැරූ අතර මෑත වසරවලදී මහජන විරෝධතා මර්දනය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේ ය.

මේජර් ජෙනරල් මොහොමඩ් පක්පූර් - IRGC අණදෙන නිලධාරී (මියගිය)

Maj Gen Mohammad Pakpour participates in a ceremony in memory of his predecessor as Islamic Revolutionary Guard Corps Commander-in-Chief, Hossein Salami, on 25 July 2025.

ඡායාරූප මූලාශ්‍රය, Morteza Nikoubazl/NurPhoto via Getty Images

ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරවලින් මේජර් ජෙනරල් මොහොමඩ් පක්පූර් ද මිය ගියේ ය.

වසර 16ක් IRGC පාබල හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු, ඔහුගේ පූර්වගාමියා වූ හොසේන් සලාමි දින 12ක යුද්ධයේදී මිය යාමෙන් පසු, අණදෙන නිලධාරියා ලෙස උසස් කෙරිණි.

මසූද් පෙසෙෂ්කියාන් - ජනාධිපති (ජීවතුන් අතර සිටී)

Wearing a dark blue jacket and light blue open-necked shirt and sitting at a desk, to the right of a large Iranian flag, Iranian President Masoud Pezeshkian delivers remarks on 24 February 2026,

ඡායාරූප මූලාශ්‍රය, IRANIAN PRESIDENCY / HANDOUT via Getty

2024 ජූලි 6 වන දින ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේ, පූජකවරුන් සහ නීතිවේදීන් 12 දෙනෙකුගෙන් යුත් ගාඩියන් කවුන්සිලය විසින් පවත්වන ලද පරීක්ෂණ ක්‍රියාවලියකින් සම්මත වීමෙන් අනතුරුව ය.

71 හැවිරිදි හිටපු හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු ඉරානයේ කුප්‍රකට සදාචාර පොලිසිය විවේචනය කරන අතර "එකමුතුකම සහ සහජීවනය" සහ ලෝකයෙන් ඉරානයේ "හුදකලා වීම" අවසන් කරන බවට පොරොන්දු වීමෙන් පසු සමාජය තුළ කැළඹීමක් ඇති කළේ ය.

2026 මාර්තු 11 වන දින, පෙසෙෂ්කියාන් Xහි සටහනක් තබමින්, ඉරානයේ "කලාපයේ සාමය සඳහා කැපවීම" නැවත තහවුරු කළේ ය.

දින පහකට පසු, ඔහු එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටියේ මෙසේ පවසමිනි: "ගෝලීය ප්‍රජාව මෙම ආක්‍රමණය හෙළා දකිනු ඇති බවටත් ජාත්‍යන්තර නීතිවලට ගරු කිරීමට ආක්‍රමණිකයන්ට බලපෑම් කරනු ඇති බවටත් අපි අපේක්ෂා කරමු."

මොහොමඩ් බාගර් ගලීබාෆ් - ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක (ජීවතුන් අතර සිටී)

Wearing a dark blue jacket and light blue shirt, Mohammad Bagher Ghalibaf speaks at a media conference, on 2 December 2025, in front of a bright blue background.

ඡායාරූප මූලාශ්‍රය, Morteza Nikoubazl/NurPhoto via Getty Images

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් තම සුපුරුදු විප්ලවවාදී ආරක්ෂක නිල ඇඳුම අතහැර සිවිල් ඇඳුම් වෙත මාරු වී ඇති නමුත් ඔහු ඔහුගේ ඒකාධිපති ස්වරූපය පහව ගොස් නැත. එමෙන් ම ඔහු පාලන තන්ත්‍රයට සහය දක්වමින් හඬ නගා තිබේ.

සුදුසුකම් ලත් ගුවන් නියමුවෙකු වන ඔහු අතිශය අභිලාෂකාමී අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර ඉරාන ජනාධිපති ධූරය සඳහා සිව් වතාවක් ඉදිරිපත් වී තිබේ.

64 හැවිරිදි ඔහු දැන් යුද්ධ ප්‍රයත්නයට නායකත්වය දීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ.

ඉරාන බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසුව, ඔහු X මෙලෙස සටහනක් තැබීය: "ඇසට ඇසක් ගැනීමේ ක්‍රමය ක්‍රියාත්මකයි, ගැටුම නව මට්ටමක එළඹී අවසන්."

2026 මාර්තු 24 වන අඟහරුවාදා, එක්සත් ජනපදය සමග සාකච්ඡා පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්, ගලීබාෆ් Xහි මෙසේ ලිවීය: "ඇමෙරිකා එක්සත් ජනපදය සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ. එය මූල්‍ය හා තෙල් වෙළෙඳපොළවල් හැසිරවීමට සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිරවී සිටින මඩ ගොහොරුවෙන් බේරීමට යොදා ගත් ව්‍යාජ ප්‍රවෘත්තියක්."

ඔහු මෙසේ ද ලිවීය: "ඉරාන ජනතාව ආක්‍රමණිකයින්ට සම්පූර්ණ හා මතක හිටින දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මෙම ඉලක්කය සපුරා ගන්නා තෙක් සියලු ම ඉරාන නිලධාරීන් ඔවුන්ගේ උත්තරීතර නායකයා සහ ජනතාව පිටුපස ස්ථිරව නැගී සිටිනවා."

බ්‍රිජ් ජෙනරල් ගොලම්රේසා සොලෙයිමානි - බසීජ් කමාන්ඩර් (මියගිය)

ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, 2026 මාර්තු 17 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරවලින් බසීජ් කමාන්ඩර් බ්‍රිගේඩියර් ජෙනරල් ගොලම්රේසා සොලෙයිමානි මිය ගියේ ය.

බ්‍රිගේඩියර් ජෙනරල් අහමඩ්-රේසා රඩාන් - පොලිස් ප්‍රධානියා (ජීවතුන් අතර සිටී)

Standing in front of a red background, on a stage outdoors, Brig Gen Ahmad-Reza Radan speaks into a cluster of microphones, on 24 November 2025.

ඡායාරූප මූලාශ්‍රය, Morteza Nikoubazl/NurPhoto via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධය ආරම්භයේදී, විරෝධතාකරුවන් සතුරන් ලෙස සලකනු ලබන බවට බ්‍රිගේඩියර් ජෙනරල් අහමඩ්-රේසා රඩාන් අනතුරු ඇඟවීය

දැඩි සමාජ නීති රීති ක්‍රියාත්මක කිරීම සහ විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිස් ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් අහමඩ් රේසා රදාන් වගකිව යුතු ය.

2023 වසරේදී, ඔහු නූර් සැලැස්ම නිවේදනය කළේ ය. එම සැලැස්ම අනුව, මෝටර් රථ රාජසන්තක කිරීම සහ ව්‍යාපාර වසා දැමීම ඇතුළු හිජාබ් නීති කඩ කරන කාන්තාවන් හඳුනාගෙන දඬුවම් කිරීමට නිරීක්ෂණ කැමරා සහ ස්මාර්ට් තාක්ෂණය භාවිත කරයි.

මෑතකදී, රඩාන් රාජ්‍ය විරෝධී විරෝධතාවලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, යුද්ධය ආරම්භයේදී, "සතුරාගේ ඉල්ලීම පරිදි" වීදිවලට ​​බැස යන ඕනෑ ම අයෙකු "සතුරෙකු" ලෙස තම හමුදා සලකන බවට අනතුරු ඇඟවීය.

ගොලාම්හොසේන් මොහ්සේනි එජෙයි- ඉරානයේ අගවිනිසුරු (ජීවතුන් අතර සිටී)

ජනවාරි මාසයේදී, ඉරානයේ දැඩි මතධාරී අගවිනිසුරු ගොලාම්හොසේන් මොහ්සේනි එජෙයි අනතුරු ඇඟවූයේ යුද්ධයට තුඩු දුන් විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට වරදකරුවන් වූවන්ට එරෙහිව "කිසිදු ලිහිල් කිරීමක්" සිදු නොවන බවයි.

බ්‍රිගේඩියර් ජෙනරල් එස්කන්දර් මොමේනි - අභ්‍යන්තර කටයුතු අමාත්‍ය (ජීවතුන් අතර සිටී)

2024 අගෝස්තු මාසයේ සිට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ජෙනරල් එස්කන්දර් මොමේනිට, ඉරාන ඉස්ලාමීය ජනරජයේ IRGC තුළ සහ පොලිසිය තුළ ගැඹුරු මූලයන් ඇත.

බ්‍රිගේඩියර් ජෙනරල් එස්මයිල් කානි - IRGC කුඩ්ස් බළකායේ අණදෙන නිලධාරී (ජීවතුන් අතර සිටී)

Brig Gen Esmail Qaani sits facing right, between two other men, with a beam of light illuminating his face, at a memorial ceremony, on 17 February 2026.

ඡායාරූප මූලාශ්‍රය, Fatemeh Bahrami/Anadolu via Getty Images

ඉරාන මාධ්‍ය විසින් "ලෙවාන්ට්හි ජෙනරල්" ලෙස හඳුන්වනු ලබන බ්‍රිගේඩියර් ජෙනරල් එස්මයිල් කානි 2020දී IRGC කුඩ්ස් බළකායේ අණදෙන නිලධාරියා බවට පත්විය.

2012 වසරේදී, මැදපෙරදිග සහ අප්‍රිකාවේ, විශේෂයෙන් ගැම්බියාවේ කුඩ්ස් බළකායේ කොටස්වලට මූල්‍ය ආධාර සහ අවි නැව්ගත කිරීම් අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඔහුට සම්බාධක පැනවීය.

එස්මයිල් ඛතීබ් - බුද්ධි අමාත්‍ය (මියගිය)

Esmail Khatib sits in a row of other men, at the Iranian parliament, on 17 August 2024.

ඡායාරූප මූලාශ්‍රය, ABEDIN via EPA

2021 වසරේදී දිවංගත හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් එස්මයිල් ඛතීබ් ඉරානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

ඔහු අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ පූජකවරුන් කිහිප දෙනෙකු යටතේ ඉස්ලාමීය නීති විද්‍යාව හැදෑරූ අතර ඉරානයේ උත්තරීතර නායක කාර්යාලයේ සහ බුද්ධි අමාත්‍යංශයේ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබවීය.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඛතීබ් "බියගුළු ලෙස ඝාතනය කිරීම" ඉරානය "අතිශය ශෝකයකට" පත් කළ බව පෙසෙෂ්කියාන් 2026 මාර්තු 18 වන දින පැවසී ය.

මේජර් ජෙනරල් අබ්දුල්රහිම් මවුසාවි - ඉරාන සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානී (මියගිය)

Maj Gen Abdolrahim Mousavi at a meeting with fellow commanders, including then Islamic Revolutionary Guard Corps Commander-in-Chief Hossein Salami and then Chief of the General Staff of the Iranian Armed Forces Maj Gen Mohammad Bagheri, at the Tehran residence of then Supreme Leader Ali Khamenei, in Tehran, on 21 April 2024.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 ජූනි 12 වන දින දින 12ක යුද්ධයේදී මියගිය මේජර් ජෙනරල් මොහොමඩ් බගේරි වෙනුවට මේජර් ජෙනරල් අබ්දුල්රහිම් මවුසාවි (ඡායාරූපයේ සිටී) පත් කරන ලදී

පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ඉරාන සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් අබ්දුල්රහිම් මවුසාවි , ජූනි 12 වන දින, දින 12හේ යුද්ධයේදී මියගිය මේජර් ජෙනරල් මොහොමඩ් බගේරි වෙනුවට පත් කරන ලදී.

සාදේ ලරිජානි - යෝග්‍යතා විමර්ශන කවුන්සිලය (ජීවතුන් අතර සිටී)

අලිගේ සහෝදරයා වන සාදේ ලරිජානි, පාර්ලිමේන්තුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුරකරු වන ගාඩියන් කවුන්සිලය අතර අවසාන බේරුම්කරු වන, යෝග්‍යතා විනිශ්චය කවුන්සිලයේ සභාපතිත්වය දරයි.

අබ්බාස් අරග්චි - විදේශ අමාත්‍ය (ජීවතුන් අතර සිටී)

Wearing a dark blue jacket, white shirt, glasses and wrist-watch, Abbas Araghchi speaks into a microphone from a podium, at the 17th Al Jazeera Forum, in Doha, on 7 February 2026.

ඡායාරූප මූලාශ්‍රය, Karim JAAFAR / AFP via Getty Images

විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ මැද පෙරදිග සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර දුරකතන සංවාද සිදුවූ බවට වාර්තා තිබේ - නමුත් මෙම සංවාද ඉතා මූලික ඒවා ලෙස විස්තර කෙරේ.

2026 මාර්තු 15 වන දින විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි CBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේ ඊශ්‍රායලය සහ ඇමෙරිකාව සමග යුද්ධයේදී ඉරානය "කිසි විටෙකත් සටන් විරාමයක් ඉල්ලා නොසිටි" බවයි.

"මෙය ජනාධිපති ට්‍රම්ප් සහ [ඇමෙරිකා එක්සත් ජනපදය] විසින් ආරම්භ කරන ලද යුද්ධයක්, අපි අපගේ ආත්මාරක්ෂාව දිගට ම පවත්වා ගෙන යනවා," ඔහු තවදුරටත් පැවසීය.

බ්‍රිගේඩියර් ජෙනරල් අසීස් නසීර්සාදේ - ආරක්ෂක අමාත්‍ය (මියගිය)

පෙබරවාරි 28 වන දින ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරයෙන් ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් අසීස් නසීර්සාදේ ද මිය ගියේය

ඉරාන නායකයින් ඉලක්ක කර ගැනීමෙන් අත්කර ගෙන ඇත්තේ කුමක් ද?

ඇමෙරිකානු-ඊශ්‍රායල සැලැස්ම ඉරාන පාලන තන්ත්‍රය "අඳුරේ ගිල්වා ව්‍යාකූල කිරීම" බව ඇමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරල් ඩෑන් කේන් යුද්ධයට දින කිහිපයකට පෙර පැවසීය.

යුද්ධය ආරම්භයේදී, පාලන තන්ත්‍ර වෙනසක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නායකයින් දෙදෙනාගේ ම ප්‍රකාශිත ඉලක්කයක් විය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social වේදිකාවේ පළ කරන ලද වීඩියෝවකින් ඉරාන වැසියන්ගෙන් "ඔබේ රජයේ බලය අල්ලා ගන්නා ලෙස" ඉල්ලා සිටියේ ය. මෙම හැඟීම ම මාර්තු 19 වන දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ද ප්‍රතිරාවය කරන ලදී. ඔහු ඉරාන ජනතාවගෙන් "මේ මොහොත සඳහා නැගී සිටින ලෙස" ඉල්ලා සිටියේ ය.

නමුත් 'ප්‍රාණ පරිත්‍යාගයට' විශාල ආගමික හා දේශපාලනික වටිනාකමක් ඇති සංස්කෘතියක, මෙම ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ මරණ බිඳවැටීමක් නොව අඛණ්ඩතාවයේ ආඛ්‍යානයක් ලෙස ප්‍රක්ෂේපණය කෙරේ.

නිදසුනක් වශයෙන්, රාජ්‍ය රූපවාහිනියේ, කඳුළු සලමින් නිවේදකයෙකු අලි කමේනිගේ මරණය නිවේදනය කළේ "ඔහු ප්‍රාණ පරිත්‍යාගයේ මිහිරි, පිරිසිදු පානය - පානය කර උත්තරීතර ස්වර්ග රාජ්‍යයට පිවිසි" බව පවසමිනි.

සති දෙකකට වැඩි කාලයකට පසු, අලි ලරිජානිගේ මරණය වාර්තා කරමින්, SNSC පැවසුවේ: "ප්‍රාණ පරිත්‍යාගශිලින්ගේ නිර්මල ආත්මයන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ සේවකයා වන ප්‍රාණ පරිත්‍යාගික ආචාර්ය අලි ලරිජානිගේ නිර්මල ආත්මය වැළඳ ගත්හ. ඉරානයේ දියුණුව සහ ඉස්ලාමීය විප්ලවය සඳහා ජීවිත කාලය පුරා කළ අරගලයකින් පසු, ඔහු අවසානයේ ඔහුගේ දිගුකාලීන අභිලාෂය සාක්ෂාත් කර ගත්තේය, දිව්‍ය කැඳවීමට පිළිතුරු දුන්නේය, සහ රට වෙනුවෙන් සේවය කරමින් සිටියදී ප්‍රාණ පරිත්‍යාගයේ මිහිරි කරුණාව ගෞරවනීය ලෙස ලබා අත්පත් කර ගත්තේ ය." යනුවෙනි.