ඡායාරූප: ප්‍රංශයේ කසළ ගොඩවල් ගොඩගැසුණේ ඇයි?

චාල්ස් රජු ප්‍රංශය සඳහා පිටත් වීමට නියමිතව තිබු සිය පළමු රාජ්‍ය සංචාරය,එහි විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහි විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වෙමින් පවතින බැවින් කල්දමා තිබේ.

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම සඳහා නීති සම්පාදනය කිරීම හේතුවෙන් ප්‍රංශය පුරා පැවති උද්ඝෝෂණවලට විශාල ජනකායක් සම්බන්ධ වී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Remon Haazen/ZUMA Press Wire/REX/Shutterstock

ඡායාරූප මූලාශ්‍රය, STEFANO RELLANDINI/Getty Images

නගර කිහිපයක සති දෙකකට වැඩි කාලයක් කසළ එකතු කරන්නන් වැඩ වර්ජනයක නිරතව සිටින අතර, එකතු නොකළ කුණු ටොන් දහස් ගණනක් පැරීසියේ වීදිවල තැනින් තැන ගොඩ ගසා තිබෙනු දක්නට හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/REUTERS

ඇතැම් විරෝධතාකරුවන් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 23) කසළ ගොඩවල් වලට ගිනි තබන්නට වූ අතර ඊයේ උදෑසන (සිකුරාදා) පිරිසිදු කිරීම් නැවත ආරම්භ කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/Rueters

ඡායාරූප මූලාශ්‍රය, YVES HERMAN/reuters

මධ්‍යම පැරිසියේ පැවති විරෝධතා සාමකාමී වූවද, සමහර විරෝධතා කණ්ඩායම් වෙළඳසැල් ආදියේ ජනෙල් කඩා බිඳ දමමින්,කසළ පුළුස්සා දමමින් කැරලි මර්දන පොලිසිය සමග ගැටීම් ද ඇතිකරගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

ඡායාරූප මූලාශ්‍රය, GONZALO FUENTES/Reuters

ඡායාරූප මූලාශ්‍රය, Samuel Boivin/NurPhoto/REX/Shutterstock

ඡායාරූප මූලාශ්‍රය, Lafargue Raphael/ABACA/REX/Shutterstock

බෝඩෝ නගරයේ මෙම ප්‍රතිසංස්කරණයට එරෙහිව ඒකරාශී වූ ජනයා "මැක්‍රොන්, ඉල්ලා අස්වෙනු !" යනුවෙන් හඬ නැඟුහ.

ඡායාරූප මූලාශ්‍රය, Moritz Thibaud/ABACA/REX/Shutterstock

ඡායාරූප මූලාශ්‍රය, Fabien Pallueau/NurPhoto/REX/Shutterstock

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 23) සවස බෝඩෝ නගර ශාලාවේ ඉදිරිපස දොරටුවේ ගින්නක් හට ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter Bookee0/via REUTERS

ඉහත සියලු ඡායාරූප ප්‍රකාශන හිමිකමට යටත් ව පළකොට තිබේ.