බ්‍රිතාන්‍යය: තෙරේසා මේ අගමැති පදවියෙන් ඉවත්වීමට තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කියවීමේ කාලය: මිනිත්තු 1

අලුතින් අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් ජුනි 07 වෙනිදා කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසයි.

"නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊළඟ සතියේ සිට ඇරඹීමට පක්ෂ සභාපති සමග එකඟතාවයකට පැමිණියා." යනුවෙන් ඇය කියා සිටී.

කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙකු තෝරා ගනු ලබන තෙක් අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් තෙරේසා මේ සඳහන් කළාය.

හැඟුම්බර ලෙස කතා කළ ඇය පැවසුවේ බ්‍රිතාන්‍ය අගමැති ධුරයේ කටයුතු කිරීමට ලැබීම "තම ජීවිතයේ ලද ගෞරවයක්" ලෙස සලකන බවය.

තමා බ්‍රිතාන්‍යයේ දෙවන අග්‍රාමාත්‍යවරිය වීම පිළිබඳව ආඩම්බර වන බවද ඇය පැවසීය.

අගමැතිවරිය ලෙස තෙරේසා මේ ඉදිරිපත් කරන ලද 'බ්‍රෙක්සිට්' සැලසුම් තෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

එම උත්සාහයට නායකත්වය දීම සඳහා නව අගමැතිවරයෙකුට ඉඩ සැලසීම එක්සත් රාජධානියේ යහපත වෙනුවෙන් ගත හැකි හොඳම පියවර බව මට දැන් පැහැදිලියි," ඇය ප්‍රකාශ කළාය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

අගමැතිනියගේ ඉල්ලා අස්වීම ගැන ප්‍රතිචාරය පළකරන ලේබර් පක්ෂයේ නායක ජෙරමි කොබින් පවසන්නේ ඇය නිවැරදි තීරණය ගෙන තිබෙන බවය.

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට මීළඟට තේරී පත්වන තැනැත්තා මහ මැතිවරණයක් කැඳවා රටේ අනාගතය තීන්දු කිරීම ජනතාවට භාර කළ යුතු බව ද ඔහු පවසයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කොන්සර්වේටිව් පක්ෂයේ මැති, ඇමතිවරුන් කිහිප දෙනෙකුම අගමැතිනියගේ සේවය අගය කරමින් අදහස් දක්වා තිබුණි.

ධුරයෙන් ඉවත්ව යන අගමැතිනි තෙරේසා මේ "සැබෑ ජනතා සේවකයෙකු" බව විදේශ ලේකම් ජෙරමි හන්ට් සඳහන් කර තිබුණි.