මාටින් මැක්ගිනස් දිවියෙන් සමුගනියි

ඡායාරූප මූලාශ්‍රය, Niall Carson

උතුරු අයර්ලන්තයේ සාම ක්‍රියාවලිය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකුවන, දිවියෙන් සමු ගත් මාටින් මැක්ගිනස් වෙනුවෙන් ප්‍රණාමය පළ වෙමින් පවතී.

දුර්ලභ හදවත් රෝගයකින් පෙළුණු ඔහු මිය යන විට හැටහය වෙනි වියේ පසු විය.

IRA හෙවත් අයර්ලන්ත රිපබ්ලික් හමුදාව නමින් හඳුන්වන එවකට පැවති ගරිල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙකු වූ ඔහු, පසුව එක්සත් අයර්ලන්තයක් වෙනුවෙන් පෙනී සිටින ෂින් ෆේන් පක්ෂයේ ප්‍රධාන සාම සාකච්ඡාකරු බවට පත් වූයේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමිනි.

2007 වසරේ ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය සමග බලය බෙදා ගැනීමේ ඓතිහාසික ගිවිසුමේ දී ඔහු ෂින් ෆේන් පක්ෂයට නායකත්වය ලබා දුණි.

බලය බෙදා ගැනීම

ඩිමොක්‍රටික් යූනියන්, උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි.

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබත් රැජින, මාර්ටින් මැගිනස් සමග අතට අත දීම උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙලේ 'සංකේතාත්මක මොහොතක්' ලෙස සැළකේ

බලය බෙදා ගැනීමෙන් පසු උතුරු අයර්ලන්ත මන්ත්‍රණ සභාවේ මහ ඇමති ධුරය ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයට හිමි වූ අතර ෂින් ෆේන් පක්ෂයේ මාටින් මැක්ගිනස් නියෝජ්‍ය මහ ඇමති ධුරයට පත් කෙරිණි.

පසුගිය ජනවාරි මාසයේදී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

මාටින් මැක්ගිනස් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා ද දායක වූ අවස්ථා තිබිණි.