නව ජීවයක් ලද වීථියේ නිදන්නා

ඡායාරූප මූලාශ්‍රය, Dr Filmgood/La Salvajera

ස්පාඤ්ඤයේ මයෝකා නගරයේ නිවසක් නොමැති මහමග නිදන පුද්ගලයෙකුගේ දෙනෙත් කඳුලින් බර වූයේ ප්‍රදේශයේ රූපලාවණ්‍යගාර හිමිකරුවෙකුගේ කාරුණික ක්‍රියාකලාපය හේතුවෙනි.

'La Salvajeria' නමැති රූපලාවණ්‍යගාරයේ හිමිකරු මහමග නිදන ජොසේ අන්තෝනියෝ හට සිය ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙන්නැයි ආරාධනා කරන්නේ බලපත්‍ර නොමැති රථවාහන ගාල් කරන්නෙකු ලෙස ඔහු දැන හැඳිනගැනීමෙන් අනතුරුවය.

එසේ පැමිණි ජෝසේට රූපලාවණ්‍යගාරය විසින් නොමිලේ සේවය සපයනු ලබන අතර තම බාහිර ස්වරූපයේ වූ පරිවර්තනය දුටු ඔහු හැඟීම්බර විය.

රූපලාවණ්‍යගාරය විසින් එම අවස්ථාව පටිගත කරනු ලැබ ඇති අතර ෆේස්බුක් සමාජ ජාලයේ පළ කළ අදාළ වීඩියෝ පටය දින දෙකක් තුළ නරඹා ඇති වාර ගණන 400,000 කි.

සැබෑ වෙනසක්

ඡායාරූප මූලාශ්‍රය, Dr Filmgood/La Salvajera

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි

ඡායාරූප මූලාශ්‍රය, Dr Filmgood / La Salvajera

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?"

"මේක නම් අදහන්නත් බැරි තරම්. මේ ඉන්නේ මම ද?" රූපලාවණ්‍යගාර කාර්ය මණ්ඩලය විසින් තම බාහිර ස්වරූපයේ සිදු කරන ලද වෙනස්කම දුටු ජොසේ පැවසීය.

"මගේ පෙනුම වෙනස් වෙලා. මම කවුද කියලා කිව්වේ නැත්නම් කවුරුත් මාව හඳුන ගන්න එකක් නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Dr Filmgood/La Salvajera

ඡායාරූප ශීර්ෂ වැකිය, ජොසේගේ වෙනස දුටු ප්‍රදේශවාසීහු පුදුමයට පත්වූහ

'ද ඩේලි මේල්' පුවත්පත වාර්තා කරන පරිදි ජොසේ විදුලි කාර්මිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.

වසර විසිපහක සිට ඔහු මහමග නිදන බවත් එම වාර්තාවේ සඳහන්වේ.