සාමාන්‍ය ජනතාවටත් දඹ රනින් නිමවූ වැසිකිළියක්

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, එහෙත් මෙය කලා නිර්මාණයක් ද ? ඇතැමුන් ප්‍රශ්න කරති.

නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරය තුළ දඹ රන් වැසිකිලියක් මහජනතාව සඳහා විවෘතව පවතී.

ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකි මෙම වැසිකිලි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ ඇත්තේ 'ඇමරිකා' නමින්.

ඡායාරූප මූලාශ්‍රය, Twitter

නිව්යෝර්ක් මාධ්‍ය වාර්තා කරන්නේ නරඹන්නා සහ ප්‍රදර්ශක භාණ්ඩය අතර ආකර්ශනීය සබඳතාවක් ගොඩනැගෙන මෙම ප්‍රදර්ශක භාණ්ඩය ගුගන් හිම් කෞතුකාගාරය තුළ සවිකර ඇති බවයි.

මෙය 'නිගරු භාණ්ඩයක්' ලෙසටයි කෞතුකාගාරය විසින් විස්තර කොට ඇත්තේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තම නිර්මාණය ආර්ථික සමානාත්මතාවය පිළිබඳව ඉඟියක් ලබාදෙන බවයි මෞරිසියෝ කැටිලාන් පවසන්නේ.

ගුගන්හයිම් කෞතුකාගාරයේ පෙර පටන් පැවතී 'සෙරමික්' වැසිකිලි පෝච්චියක් ඉවත් කර මෙම රත්රන් වැසිකිලි පෝච්චිය සවිකර තිබේ.

කෞතුකාගාරය නැරඹීම සඳහා මුදල් ගෙවා ඇතුල්වන ඕනෑම අයෙකුට මෙම වැසිකිළිය පාවිච්චි කොට 'ෆ්ලෂ්' කිරීම ද කල හැකි වේ.

සියයට එකක් පමණ වන සුළු පිරිසකට හිමිවී ඇති සුඛෝපභෝගී භාණ්ඩයක් සාමාන්‍ය ජනතාවටත් පරිහරණය කිරීමට අවස්තාව ලබා දීම මෙහි අරමුණ බව බලධාරීහු පවසති.

ඉතාලියේ මිලාන් හි වෙසෙන 55 වියැති මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් මතභේදයට තුඩුදෙන නිර්මාණ කරන්නෙක් ලෙස ප්‍රකට වී සිටින අතර දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ උල්කාෂ්මයක් වැදී බිම වැටී සිටින ආකාරය දැක්වෙන 'නමවැනි පැය' නම් නිර්මාණය එවැන්නකි.