ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මානව හිමිකම් කඩවීම් ජාත්‍යන්තරයේ අවධානයට

ඡායාරූප මූලාශ්‍රය, Amila Udagedara

කියවීමේ කාලය: මිනිත්තු 3

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයන්ගෙන් ඉවත්වන ලෙස බලකරමින් සංවිධානය වූ ජාතික විරෝධතා දිනය අළලා මේ වන විට රට පුරා විරෝධතා පැවැත්වෙන අතර කොළඹට ජන ගඟක් තවමත් ඇදී එමින් පවතියි.

ඒ අතර දහස් ගණනින් කොළඹට එක්වූ විරෝධතාකරුවන් මීට ස්වල්ප වෙලාවකට පෙර ජනපති මන්දිරයට ඇතුළු වූ අතර මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයටද දහස් ගණනින් විරෝධතාකරුවන් ඇතුළුවෙමින් පවතියි.

රජය ඊයේ (ජුලි 8) "පොලිස් ඇඳිරි නීතිය" පනවා විරෝධතාවන් මැඬලීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

පොලිසිය සහ හමුදාව උද්ඝෝෂකයින් වෙත කඳුළු ගෑස් සහ අධි පීඩක ජල ප්‍රහාර එල්ල කරමින් සිටිනු දිගින් දිගටම දක්නට ලැබුණි .

කෙසේ වෙතත් ඊයේ දින හදිසියේ පැනවූ පොලිස් ඇඳිරි නීති තත්ත්වය හා පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මානව හිමිකම් කඩවීම් තත්ත්වය ජාත්‍යන්තර නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Amila Udagedara

"සෘජුව කළ නොහැකිවූ දේ වක්‍රව සිදුකිරීමට උත්සාහ නොදරනු" - මානව හිමිකම් කොමිසම

ශ්‍රී ලංකාවේ පොලිස්පති විසින් "අත්තනෝමතික" ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නිතිය නීති විරෝධීබව පවසමින් ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව ද මේ අතර නිවේදනයක් නිකුත් කළේ ය.

"මෙම නියෝගය මඟින් ජනතාවට එක්රැස්වීමට ඇති අයිතිය අහුරමින් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරයි," යනුවෙන් කොමිසම එමඟින් පෙන්වා දී තිබේ.

"ඔබට සෘජුව කළ නොහැකිවූ දේ වක්‍රව සිදුකිරීමට උත්සාහ නොදරනු" යන මැයෙන් මේ නිවේදනය නිකුත්විය.

"පාගමන පැවැත්වීම වැළැක්වීමට අධිකරණ නියෝගයක් ගැනීමට නොහැකි වූ තැන නීතිවිරෝධී ක්‍රම මඟින් පාගමන වැළැක්වීමට රජය උත්සාහ දරමින් සිටියි," නිවේදනයේ දැක්විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"සියලු ශ්‍රී ලාංකිකයින්ට අදහස් ප්‍රකාශ කිරීමේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇත" - එක්සත් ජාතීන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යයාලය ද අරගලය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, එක්රැස්වීම් පාලනය කිරීමේ දී සංයමයක් දක්වන ලෙස රජයට බලකර සිටියේ ය.

"එක්රැස්වීම් හැසිරවීමේ දී සංයමයක් දක්වන ලෙස ද, ප්‍රචණ්ඩත්වය වළක්වන ලෙස ද ජූලි 9 සෙනසුරාදා කොළඹ පැවැත්වෙන විශාල පෙළපාලියකට පෙර අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. සියලුම ශ්‍රී ලාංකිකයන්ට අදහස් ප්‍රකාශ කිරීමේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇත," එම ප්‍රකාශයේ කියැවිනි.

"මානව හිමිකම් ආරක්‍ෂකයින්ට සහ මාධ්‍යවේදීන්ට පෙළපාලි නිරීක්‍ෂණය කිරීමට සහ වාර්තා කිරීමට අයිතියක් ඇතිබවත්, එනිසා ඔවුන් එම කටයුතුවල යෙදීමේ දී ආරක්‍ෂා කළ යුතුබවත්, කිසිදු අයුරකින් බාධා නොකළ යුතුබවත් ආරක්‍ෂක අංශ වෙත පැහැදිලිව උපදෙස් දෙන්නැ යි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු," එක්සත් ජාතීන් ප්‍රකාශ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Amila Udagedara

එසේම, සාමාන්‍ය නීතියක් ලෙස, රැස්වීම් හැසිරවීම සඳහා හමුදාව යොදා නොගතයුතුබවත්, සුවිශේෂී අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයින් ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට යටත්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ඉටුකළ යුතු අතර ඔවුන් සිවිල් බලධාරීන්ට සම්පූර්ණයෙන්ම යටත්ව සිටිය යුතුබවත්, සිවිල් නීතියට වගකිව යුතුබවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යයාලය නිවේදනය කරයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

"සාමකාමී උද්ඝෝෂණය මානව හිමිකමකි" - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සංවිධානය සාමකාමී උද්ඝෝෂකයින්ට රජයේ හමුදාව සහ පොලීසිය විසින් පහරදීම හෙළා දකිමින් වීඩියෝවක් නිකුත් කළේ ය.

මෙය නිකුත් කෙරුනේ #RightsUnderAttack (#අයිතිවාසිකම්උදුරාගනිමින්තිබේ) යන හෑෂ්ටැගය යටතේ ය.

"සාමකාමී උද්ඝෝෂණය මානව හිමිකමකි" යනුවෙන් ද ප්‍රකාශ කළ එම සංවිධානය උද්ඝෝෂණයට යන පුරවැසියන් සිය ආරක්ෂාව පතා පිළිපැදිය යුතු කරුණු රැසක් ඇතුළත් නියමුවක් ද නිකුත්කර තිබේ.

එයට, උද්ඝෝෂණයකට සහභාගීවීමේ දී සිදුකළ යුත්තේ කුමක් ද, නොකළ යුත්තේ කුමක් ද, ඇඳුම් පැළඳුම් කෙසේ විය යුතු ද, ගෙන යා යුත්තේ මොනවා ද, කඳුළු ගෑස්වලින් බේරෙන්නේ කෙසේ ද, සහ උද්ඝෝෂකයින්ගේ අයිතිවාසිකම් මොනවා ද යන්න සම්බන්ධ කරුණු ඇතුළත් වේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ජුලි 9 විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ පහරදීම් සටහන් වීඩියෝ සමාජ මාධ්‍යට

කෙසේ වෙතත් මේ වන විට ආරක්ෂක අංශ කිහිපවිටක් කඳුළු ගෑස්; අධිපීඩක ජල ප්‍රහාර මෙන්ම නිරායුධ ජනතාවට අමානුෂික ලෙස පහර දෙන සහ ජනතාව රැඳී සිටි ඇතැම් පෙදෙස් ආසන්නයට ජීව උණ්ඩ ප්‍රහාර එල්ල කරන වීඩියෝ පට සහ ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

Skip X post, 5

End of X post, 5