ජනපති අනුරගේ පළමු දින 100 තුළ කළ නොකළ දේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake | Facebook

    • Author, බීබීසී සිංහල සහ බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
    • Role, කොළඹ සහ නව දිල්ලි සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23 වන දා ජනාධිපති ධූරයේ වැඩ භාරගත් දින සිට මේ වන විට දින 100ක් ගෙවී ගොස් තිබේ.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ පළමු දින 100 තුළ කිරීමට බලාපොරොත්තු වන කරුණු 5ක් ඉදිරිපත් කළේ ය.

ඊට අමතරව ඔහු ඇතුළු ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මේ වන විට ඉටු කරනු ලැබ ඇති කාර්යයන් ප්‍රමාණයක් තිබෙන අතර, ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තවත් පොරොන්දු රැසක් අන්තර්ගත විය.

ජනාධිපතිවරයාගේ පළමු දින 100 කාලය තුළ ඔහු සිදු කර ඇත්තේ මොනවා ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයාබැලීමකි.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර, එහි දී බීබීසී සිංහල විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පළමු දින 100 තුළ ඉහත කාර්යයන් කරන බව පැවසුවේ ය.

ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු නොවැම්බර් 14 වන දා මහමැතිවරණය පවත්වා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හිමි කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු දිවුරුම් දීම අධිකරණ පද්ධතියේ මෙතෙක් සිදු වූ වෙනස්කමකි.

එමෙන් ම බදු වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මෙන්ඩිස් සමාගම මෙතෙක් හිඟ බදු නොගෙවා ඇති බැවින් එහි බලපත්‍රය අත්හිටුවීම ද සිදු විය.

තව ද අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම සහනාධාරය ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, අස්වැසුම හිමි පවුල්වල පාසල් යන දරුවන්ට පාසල් උපකරණ මිලට ගැනීමට රු. 6000ක දීමනාවක් ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතුරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

ඔහුගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර තිබුණේ "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" ලෙසයි.

එහි අංශ කිහිපයක් යටතේ එක් එක් අංශයේ සිදු කිරීමට බලාපොරොත්තුවන වෙනස්කම් සඳහන් කර තිබිණි.

ඒ අතර කඩිනමින් ඉටු කරණ බවට වූ පොරොන්දු කිහිපයක් සඳහන් විය.

හිඟ බදු අය කරගැනීම පිළිබඳව මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති අතර, මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අත්හිටවූයේ ද එහි දිගුවක් ලෙසයි.

තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ කලක් තිස්සේ නොවිසඳුණු මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයන්ගේ දේශපාලන ඝාතන සහ පැහැරගැනීම් පිළිබඳ විමර්ශන කඩිනමින් පවත්වන ලෙස නැවත සේවයේ පිහිට වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත පවරා තිබේ.

ඒ අනුව, චැනල් 4 නාලිකාව විකාශය කළ වීඩියෝව සම්බන්ධ විමර්ශනයකට අදාළව සාක්ෂි විමසීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ද සිදු විය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.