IPL ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි ගණනින් අලෙවි වූ ක්‍රීඩකයින් කවුද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2024 වසරේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (දෙසැම්බර් 19 වැනිදා) ඩුබායි හිදී පැවැත්වුණි.

මෙවර තරගාවලියේ දී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීම සඳහා මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවති අතර එහිදී ඉන්දීය රුපියල් කෝටි 262 ක මුදලක් කණ්ඩායම් 10කට වෙන්වී තිබුණි.

මෙතෙක් පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉතිහාස ගතවිය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිචෙල් ස්ටාර්ක් මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 24.75 කටයි.

ඔහුට පෙර වත්මන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 වසරේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (දෙසැම්බර් 19 වැනිදා) ඩුබායි හිදී පැවැත්වුණි.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.80කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට මොකද වුණේ ?

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 8 දෙනෙකු නම් කර තිබුණි.

වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මධුෂංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර එලෙස වෙන්දේසියට ඉදිරිපත් කළ ක්‍රීඩකයින් වේ.

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.80කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදී.

ඒ, මෙවර වෙන්දේසියේ දී වැඩිම වටිනාකමක් හිමිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.6 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.6 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවේය.

ඩිල්ෂාන් මධුෂංක වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙක තරගකාරී ලෙස ලංසු තබන ලදී.

මෙවර IPL තරග වෙන්දේසියේ දී තුන් ඉරියව් ක්‍රීඩක අංශයෙන් වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 කට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිය.

කෙසේ වුවද ඔහුව මෙවර තරගාවලිය සඳහා ලැයිස්තුගත කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 02ක් වූ මුලික ලංසුවක් යටතේ වීම විශේෂත්වයකි..

ලක්ෂ 50ක මුලික ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු කුසල් මෙන්ඩිස් හට ලංසු තැබීමට කිසිදු කණ්ඩායමක් කටයුතු නොකළේය.

මෙවර IPL වෙන්දේසියේ දී පුවත් මැවූ ක්‍රීඩකයින්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වෙනුවෙන් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් අතර උණුසම් ලංසු තැබීමේ අවස්ථාවන් දක්නට ලැබුණි.

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

පැට් කමින්ස් වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස්‌ බැංගලෝර් කණ්ඩායම් අතර කරට කර ලංසු තැබීමක් පැවතිනි.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රොව්මන් පවෙල් වෙනුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙක අතර කරට කර ලංසු තැබීමක් පැවතිනි.

කෙසේ වුවද අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 7.40 කට රොව්මන් පවෙල් තම කණ්ඩායම සතුකර ගැනීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත් විය.

මෙවර ICC ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා බවට පත්වූ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් මිලදී ගැනීම වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් දෙක අතර පැවතියේ දැඩි උණුසුම් ලංසු තැබීමකි.

කෙසේ වුවද අවසානයේ දී ඔහුව ඉන්දීය රුපියල් 6.80 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙතෙක් පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම මිලට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ඉතිහාස ගතවිය.

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ හැරී බෲක් ඉන්දීය රුපියල් කෝටි 4 කට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී වැඩි අවදානයක් දිනා ගැනීමට සමත් වූ නවසීලන්තයේ නවක තුන් ඉරියවු ක්‍රීඩක රචින් රවින්ද්‍ර ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුලික ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණි.

රචින් වෙනුවෙන් චෙන්නායි සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර දැඩි උනන්දුවක් තිබුණි.

කෙසේ වුවද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රචින්ව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.80 කටය.

මේ අතර ඉන්දිය ක්‍රීඩක ශ්රාදුල් ටාකුර් ඉන්දීය රුපියල් කෝටි 4 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

මේ අතර ඉන්දීය ක්‍රීඩක හර්ෂල් පටෙල් ඉන්දීය රුපියල් කෝටි 11.75 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩැරල් මිචෙල් ඉන්දීය රුපියල් කෝටි 14 කට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ඉන්දීය රුපියල් කෝටි 4.2 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිණි.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී වැඩි අවදානයක් දිනා ගැනීමට සමත් වූ නවසීලන්තයේ නවක තුන් ඉරියවු ක්‍රීඩක රචින් රවින්ද්‍ර ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුලික ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණි.

රචින් වෙනුවෙන් චෙන්නායි සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර දැඩි උනන්දුවක් තිබුණි.

කෙසේ වුවද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රචින්ව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.80 කටය.

මේ අතර ඉන්දිය ක්‍රීඩක ශ්රාදුල් ටාකුර් ඉන්දීය රුපියල් කෝටි 4 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

මේ අතර ඉන්දීය ක්‍රීඩක හර්ෂල් පටෙල් ඉන්දීය රුපියල් කෝටි 11.75 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩැරල් මිචෙල් ඉන්දීය රුපියල් කෝටි 14 කට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ඉන්දීය රුපියල් කෝටි 4.2 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබිණි.

ඉන්දීය රුපියල් කෝටියක මුලික ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක අල්සාරි ජෝසෆ් වෙනුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර් කණ්ඩායම අතර දැඩි තරගකාරී ලංසු තැබීමක් දක්නට ලැබුණි.

කෙසේ වුවද අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 11 කට ඔහුව මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර් කණ්ඩායම සමත් විය.

ඉන්දීය වේග පන්දු ක්‍රීඩකයින් වන උමේෂ් යාදෙව් සහ ශිවම් මාවි පිළිවලින් ඉන්දීය රුපියල් කෝටි 5.8 කට සහ 6.4 කට මිලදී ගැනීමට ගුජරාට් ටයිටන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම රචින්ව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 1.80 කටය.

කෝටි ගණනින් අලෙවි වූ නවක ක්‍රීඩකයින්

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමිකර නොගත් පිතිකරුවන්ට ලංසු තැබීමට සියලුම කණ්ඩායම් පාහේ දැඩි උනන්දුවක් දැක්විය.

මෙතෙක් ජාත්‍යන්තර වරම් නොලැබූ ඉන්දීය පිතිකරුවෙකු වන සමීර් රිස්වි ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුලික ලංසුවක් යටතේ වෙන්දේසියට කෙරුණ අතර ඔහුව මිලදී ගැනීමට කණ්ඩායම් අතර දැඩි උනන්දුවක් පැවතියේය.

අවසානයේදී සමීර් රිස්වි ඉන්දීය රුපියල් කෝටි 8.4 කට මිලදී ගනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසිනි.

තවත් ඉන්දීය පිතිකරුවෙකු වන ශුබාම් ඩුබෙයි ඉන්දීය රුපියල් කෝටි 5.8 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදීගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, IPL | Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සමීර් රිස්වි ඉන්දීය රුපියල් කෝටි 8.4 කට මිලදී ගනු ලැබුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසිනි.

අවසන් මොහොතේ ඉවත්වූ ක්‍රීඩකයින්

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333 දෙනෙකු නම් කර තිබුණද අවසන් මොහොතේ ක්‍රීඩකයින් තිදෙනකු ඉන් ඉවත්වීමට තීරණය කරනු ලැබ තිබුණි.

එලෙස ක්‍රීඩක වෙන්දේසියෙන් ඉවත් වූ ක්‍රීඩකයින් වන්නේ බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන ටස්කින් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලම් සහ නවක එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහමඩ් වේ.

ඔවුන් වෙනුවට ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන කෞෂාල් තම්බි සහ රාජස්ථානයෙන් පැමිණි වේග පන්දු ක්‍රීඩක ෂාහීල් දිවාන් ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කරනු ලැබිය.

ඒ අනුව මෙවර තරග වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ක්‍රීඩකයින් 332 දෙනෙක් පමණි.