චෙම්මනි අස්ථි කොටස් පිළිබඳ වාර්තාව හෙට අධිකරණයට

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වල 5 වන අදියරේදී සොයා ගැනුණු අස්ථි කොටස් පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 18 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
පස්වන අදියරේ කැණීම් කටයුතු සැප්තැම්බර් 06 වන දින නවතා දැමූ බව එහි කැණීම් නිලධාරීහු පවසති.
එලෙස කැණීම් තාවකාලිකව නවතා දැමුණේ පස්වන අදියරේ 13 වන දිනයේදී ය.
කැණීම්වලින් මෙතෙක් හමුවී ඇති දේවල්
සමස්ත කැණීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බව කැණීම් නිලධාරීහු පැවසූහ.
මේ ස්ථානයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් හය වන අදියරේ කැණීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ද කැණීම් නිලධාරීහු පවසති.
යාපනය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකරනු ලබති.
කැණීම් තුළින් හමුවූ අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ, යාපනය විශ්ව විද්‍යාලය විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් භාරයේ තබා තිබේ.
පස් වන අදියරේ කැණීම් කටයුතු සිදු වූ අකාරය
චෙම්මනි පස්වන අදියර අගෝස්තු 25 වැනිදා ආරම්භ කළ අතර, පස්වන අදියර කැණීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබිණි.
සමූහ මිනිවළ පස්වන අදියරේ කටයුතු සම්බන්ධයෙන් සැප්තැම්බර් 18 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත ය.
සැප්තැම්බර් 18 වන දා අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව කැණීම් කටයුතුවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝග නිකුත් කෙරෙනු ඇත.
චෙම්මනි කැණීම්
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු විය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පළමු අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.
දිනය අවසන් වන විට මිනිස් හිස් කබල් දෙකක කොටස් මතු කර ගැනීමට හැකි වූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු අදියරේ කැණීම් කටයුතු තාවකාලිව නවතා දැමිණි.
සුසාන භූමියේ දෙවන අදියරේ කැණීම් ආරම්භ විය.
විශේෂඥ කමිටුව සිදු කළ කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් මතු කර ගැනිණි.
දෙවන අදියරේ කැණීම් කටයුතු අවසන් කළ අතර, මිනිස් සිරුරු 19කට අයත් අස්ථි කොටස් හමුවිය.
මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් තෙදින විරෝධතාවක් ආරම්භ කළේ ය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මෙම සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
තෙවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.
- කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් මතු කර ගත් අතර එම කාන්තාවගේ පපු ප්‍රදේශය ආසන්නයේ කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමු විය.
- පාසල් බෑගයක් සහ ඒ අසල කුඩා දරුවෙකුගේ මළ සිරුරකට අයත් බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් තිබී හමුවිය.
- රබර් බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළනඳින වළලු යුගලක්, මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් ද තිබී හමුවිය.
තුන්වන අදියරේ කැණීම් කටයුතු අවසන් වන විට මිනිස් සිරුරු 65ක අදාළ අස්ථි කොටස් මතු කර ගෙන තිබිණි.
චෙම්මනි සුසාන භූමියෙන් මතු වන අස්ථි කොටස් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොළඹදී විරෝධතාවක් පැවැත්විණි.
සිව්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.
මිනිස් සිරුරු 85කට අදාළ අස්ථි කොටස් හමු වූ අතර ඇදුම් කොටසක්, කුඩා බෝතලයක් හා දරුවන්ගේ යැයි සැක කරන අස්ථි කොටස් කිහිපයක් ද හමු වූ බව කැණීම් කටයුතු නිරීක්ෂණය කරන අතුරුදන්වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී. නිරංජන් පැවසුවේ ය.
කැණීම්වලින් තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒ අනුව මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් හමු වී තිබේ.
මිනිස් සිරුරු සංඛ්‍යාව 104ක් දක්වා ඉහළට.
මිනිස් සිරුරු සංඛ්‍යාව 130ක් දක්වා ඉහළට. අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව හමුවූ මිනිස් අස්ථි නොවන අනෙකුත් ද්‍රව්‍ය අගෝස්තු 5 වන දා හදුනා ගැනීම සඳහා මහජන ප්‍රදර්ශනයට තැබීමට අවසර ලැබීම.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චෙම්මනි මිනිස් අස්ථි කොටස් හමුවූ භූමිය ස්කෑන් පරීක්ෂාවට ලක් කෙරේ.
කැණීම් තාවකාලිකව නතර කෙරුණු අතර කැණීම් අවසන් වන විට මිනිස් සිරුරු 147කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි. මීළඟ අදියර අගෝස්තු 22 වන දා නැවත ආරම්භ කිරීමට නියමිත ය.
කැණීම් කටයුතු අවම වශයෙන් තවත් සති 8ක පමණ කාලයක් සිදුකළ යුතු බවට විශේෂඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටීම සහ ස්කෑන් වාර්තාව හා කැණීම් කටයුතු පිළිබඳ විමර්ශන වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම
පස්වන අදියරේ කැණීම් ඇරඹේ.
හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට.
චෙම්මනි සමූහ සුසානය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ 16ක් ඇතුළත් වාර්තාවක් නිකුත් කරන ලදී.
සමූහ සුසානයේ පස්වන අදියරේ කැණීම් අවසන් කෙරිණි. මෙම අදියර අවසන් වන විට මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් සොයා ගැනිණි.


































