නයිජීරියාවේ ජනාධිපතිට ගල් ගසති

ඡායාරූප මූලාශ්‍රය, AFP
නයිජීරියාවේ ජනාධිපති ජොනතන් ගුඩ්ලක් ගමන් ගත් වාහන පෙළකට නයිජීරියාවේ වැසියන්ගෙන් ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලිසියේ මැදිහත් වීමෙන් කඳුළු ගෑස් යොදා ගනිමින් ගල් ප්‍රහාර වැලක්වීමට සහ රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පෙර රථ පෙළේ ගමන් ගත් වාහන කිහිපයක ඉදිරිපස වීදුරු බිඳ දැමීමට ප්‍රහාරකයන් සමත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දෙපස සිටි ජනතාව ගල් ගසන්නට පටන් ගෙන ඇත්තේ බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින්.
නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් ගමන් කරමින් සිටියේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළියක් සඳහායි.
බොකෝ හරාම් ප්‍රහාරයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා පලා ආ දස දහස් ගණනක් මෙම ගල් ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයේ සරණාගතයන් ලෙස සිටින බවයි වාර්තා වන්නේ.
























