මැන්ඩෙලා සිහි කොට දකුණු අප්‍රිකාව පුරා යාඥා

රට පුරා පිහිටි දේවස්ථානවලට රැස් වූ දස ලක්ෂ සංඛ්‍යාත දකුණු අප්‍රිකානු වාසීහු ප්රශස්ති ගායනා කරමින් අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සිහිපත් කළහ.
මැන්ඩෙලාගේ අභාවය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ආණ්ඩුව අද ජාතික යාඥා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබිණ.
ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වුණු දේව මෙහෙයකදී අදහස් පළ කළ ජනාධිපති ජේකබ් සූමා, නිදහස වෙනුවෙන් පෙනී සිටි මැන්ඩෙලා මර්ධනය දුරු කිරීම උදෙසා කැප වූ බව කියා සිටියේය.
රටේ තුවාල සුව කිරීමට දිගු කලක් ගත වූ බව පැවසූ ජනාධිපතිවරයා, මැන්ඩෙලා ගේ අභාවයේදී හැසිරුණු අන්දම පිළිබඳව රට වාසීන්ට ස්තුති කළේය.
සොවෙතෝ නුවර රෙජිනා මුන්ඩි දේවස්ථානයේ පැවති දේව මෙහෙයක දී අදහස් දක්වමින් එහි පූජකතුමා මැන්ඩෙලා විග්රහ කළේ 'අඳුර නිමා කළ ආලෝක කදම්භයක්' ලෙසින්.
අභාවප්‍රාප්ත නායකයාගේ මානව හිතවාදීභාවය සහ සමාව දීමේ හැකියාවද පූජකතුමාගේ ප්‍රසාදයට ලක් විය.
























