රිෂී සුනක් :හිටපු චාන්සලර්වරයෙකුගේ සිට බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැති දක්වා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රිෂි සුනක් ඉතිහාස ගත චරිතයක් වී අවසන්ය .

රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

ඒ, ඔහුට කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා ලෙස ඡන්දය ප්‍රකාශ වීමෙන් අනතුරුවය.

ගිම්හානයේදී අසාර්ථක නායකත්ව උත්සාහයකින් පසුව දින 45 ක නිල කාලයෙන් ඉවත් වූ ට්‍රස්ගේ අනුප්‍රාප්තිකයා බවට එක්සත් රාජධානියේ හිටපු චාන්සලර්වරයා දැන් පත්වී ඇති අතර, ට්‍රස්ට පෙර අගමැති ධුරය දැරූ බොරිස් ජොන්සන් නවතම නායකත්ව තරගෙන් පිටතට විසිව තිබේ.

නමුත් රිෂී සුනක් යනු කවුද සහ ඔහුගෙන් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

කුඩා අවදිය

ඡායාරූප මූලාශ්‍රය, Rishi Sunak's campaign material via PA

ඡායාරූප ශීර්ෂ වැකිය, රිෂීගේ මව උෂා ඔහුගේ සහෝදරයා වන සංජය සහ සහෝදරිය වන රාඛි සමඟ වන පවුලේ ඡායාරූපයක්

සුනක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික මෙන්ම හින්දු අගමැතිවරයා ද වේ.

සුනක් 1980 දී සවුත්හැම්ප්ටන් හි උපත ලැබූ අතර, ඔහුගේ පියා ජීපීවරයකු වූ අතර ඔහුගේ මව ඇගේම ඔසුසලක් පවත්වාගෙන ගියාය.

සුනක්ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට පැමිණි අතර ඔවුන් දෙදෙනාම ඉන්දියානු සම්භවයන් සහිත තැනැත්තන්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ වර්තමානයේ කෙන්යාවේ වන අතර ඔහුගේ මව උපත ලැබුවේ ටැන්ගානිකාහි දීය. (පසුව එය ටැන්සානියාවේ කොටසක් බවට පත් විය).

ඔහුගේ මුතුන් මිත්තන් ඉන්දියාවේ පන්ජාබ්හි උපත ලැබූ අතර 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකාවේ සිට ඔවුන්ගේ පවුල් සමඟ එක්සත් රාජධානියට සංක්‍රමණය වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප්‍රේල් මාසයේදී ඔහුගේ බිරිඳ බදු ඉතිරි කිරීමේ ක්‍රමයකින් ප්‍රතිලාභ ලබා ඇති බව පෙනී යාමෙන් පසු සුනක්ට තම පවුලේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් චෝදනා රහිතව පැමිණෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය.

2009 දී සුනක් ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන එන්.ආර් නාරායන මූර්තිගේ දියණිය වන අක්ෂාතා මූර්ති සමඟ විවාහ විය. නාරායන මූර්ති තාක්ෂණ සමාගමක් වන Infosys හි නිර්මාතෘ මෙන්ම ඉන්දියාවේ ධනවත්ම පුදගලයින් දසදෙනාගෙන් කෙනෙකි.

මෙම යුවළට ක්‍රිෂ්ණා සහ අනුෂ්කා යනුවෙන් දියණියන් දෙදෙනෙක් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පවුලේ ඡායාරූපයක්

2001 සිට 2004 දක්වා, සුනක් ගෝල්ඩ්මන් සැක්ස් හි මූල්‍ය විශ්ලේෂකයෙකු වූ අතර පසුව හෙජ් අරමුදල් දෙකක හවුල්කරුවෙකු විය.

ඔහු රටේ ධනවත්ම මන්ත්‍රීවරයෙකු ලෙස සැලකෙන නමුත් ඔහුගේ වටිනාකම කොපමණ දැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

2015 සිට ඔහු යෝක්ෂයර් හි රිච්මන්ඩ් වෙත කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයා වූ අතර තෙරේසා මේගේ රජයේ කනිෂ්ඨ අමාත්‍යවරයෙක් බවට පත්විය.ඇයගේ අනුප්‍රාප්තිකයා වූ බොරිස් ජොන්සන් විසින් පසුව ඔහු භාණ්ඩාගාරයේ ප්‍රධාන ලේකම් බවට පත් කළේය.

වසංගතය අතරතුර චාන්සලර්වරයා ලෙස

ඡායාරූප ශීර්ෂ වැකිය, රිෂී සුනක් කොරෝනා වසංගතය ප්‍රකාශයට පත් කිරීමට සුළු කලකට පෙර මෙම තනතුරට පත්විය

සුනක් 2020 පෙබරවාරි මාසයේදී චාන්සලර්වරයා බවට පත් වූ අතර සති කිහිපයක් ඇතුළත වසංගතය හා ලොක් ඩවුන් ආරම්භ වීමත් සමඟ එක්සත් රාජධානියේ ආර්ථිකය මෙහෙයවීමට ඔහුට සිදු විය.

ඡායාරූප මූලාශ්‍රය, HM Treasury

ඡායාරූප ශීර්ෂ වැකිය, බල අරගලයකින් පසු සජිඩ් ජාවිඩ් චාන්සලර් ධුරයෙන් ඉවත් වූ අතර සුනක් ඔහුගේ තනතුරට පත්විය.

කොරෝනා වසංගතය ආර්ථිකයේ විශාල කොටස් වසා දැමීමට බල කිරීමෙන් පසු මිලියන 11.6 ක කම්කරුවන්ට වැටුප් ගෙවීමට උපකාර කළ රජයේ සැලැස්මක් වන ෆර්ලෝ යෝජනා ක්‍රමයේ සාර්ථකත්වයට ඔහුට ගෞරවය හිමි වේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් වසංගතය අතරතුර රිෂී සුනක් බ්‍රිතාන්‍ය මහජනතාවට පිටතට ගොස් ආහාර ගැනීමට හා සත්කාරක ආයතන සඳහා සහාය වීමේ ( 'Eat Out to Help Out' ) ව්‍යාපාරයක් දිරිමත් කළ අතර පසුව එය ආසාදන වැඩිවීමේ රැල්ලකට හේතු විය.

කොවිඩ් ආසාදන අනුපාතය ඉහළ නැංවීමට එමඟින් ඉඩ ඇති වූ බවට වාර්තා වුවද, එක්සත් රාජධානියේ ලෝක ඩවුන් ඉවත් කිරීමෙන් පසු අවන්හල් සහ බාර් වෙත යෑමට මිනිසුන් දිරිමත් කළ මහජනතාවට පිටතට ගොස් ආහාර ගැනීමට හා සත්කාරක ආයතන සඳහා සහාය වීමට ගෙනා "Help Out To Eat Out"යෝජනා ක්‍රමය ගැන තමා ආඩම්බර වන බව ඔහු පසුව පැවසීය.

දෙවන වර පෑදුණු වාසනාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිස් ට්‍රස් මීට පෙර එක්සත් රාජධානියේ අග්‍රාමත්‍ය ධුරයට පත්වීමේදී සුනක් පරාජය කළ අතර දැන් ඔහු එම තනතුරටම නැවත පත්ව තිබේ.

ජූලි මාසයේදී බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු ගිම්හානයේදී සුනක් එක්සත් රාජධානියේ අගමැති වීමට අසාර්ථක ව්‍යාපාරයක් කළේය.

එකල ඔහු මූලික වශයෙන් අවධානය යොමු කළේ එක් කරුණක් කෙරෙහි ය: එනම් එක්සත් රාජධානියේ ආර්ථිකයේ නරක අතට හැරීම සහ එය නිරාකරණය කිරීමට ඔහුගේ සැලැස්මයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රිෂී සුනක් එක්සත් රාජධානියේ පළමු ලොක් ඩවුන් කාලය තුළ බීබීසීයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා නිපදවන ලද හාස්‍යෝත්පාදක වැඩසටහනක් වන 'බිග් නයිට් ඉන්' සඳහා සහභාගී වෙමින්

ඔහු තම පැරණි නායකයාගෙන් පසු නායකත්වය ගැනීමට වූ ප්‍රියතමයා වුවද, ටෝරි සාමාජිකයින්ට එය ඒත්තු ගැන්වීමට ඔහු අපොහොසත් විය. අවසානයේදී ඒ සඳහා සැප්තැම්බර් මාසයේදී ලිස් ට්‍රස් පත් වුයෙන් ඩව්නිං වීදියට ඇය යැවිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුනක් ජුනි මාසයේදී දෙවන එලිසබෙත් රැජිනගේ ප්ලැටිනම් ජුබිලි උත්සවය සඳහා මහා අයිටන් ගම්මානයේ උත්සවය නිල වශයෙන් විවෘත කරමින්

ආණ්ඩුවේ අවුල් සහගත මාස කීපයකට පසුව බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව නම් නව අගමැතිවරයකු එක්සත් රාජධානියට නව ආරම්භයක් සනිටුහන් කරනු ඇති බවයි.

එක්සත් රාජධානියේ බොහෝ දෙනෙකු මේ වන විට ජිවන වියදම සමඟ අරගලයක යෙදෙන අතර යුක්රේන යුද්ධයද උග්‍ර වෙමින් පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකත්වය සඳහා ප්‍රචාරක කටයුතු කරන අතරතුර තේල්ස් ආරක්ෂක පද්ධතිය වෙත ගිය අවස්ථාවේදී යුක්රේනයට සැපයූ ආයුධ වලට සමාන ටැංකි නාශක දියත් කිරීමේ යන්ත්‍රයක් බලමින්.

නව අගමැතිවරයා

රිෂී සුනක් දැන් සති හතක් ඇතුළත පත් වූ තුන්වන කොන්සර්වේටිව් පක්ෂ අගමැති බවට පත්වේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.