KK: ශ්‍රී ලාංකික රසිකයින්ගේ ද නොමඳ ආදරය දිනූ ගායකයා අභාවප්‍රාප්ත වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කම්පනයට පත් රසිකයන් සහ වෘත්තීය සගයන් KK වෙත උපහාර දක්වයි
කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දියාවේ සේම ශ්‍රී ලංකාවේ ද රසික ආදරය එක සේ දිනාගත් සංගීතඥ සහ ගායක KK, ඊයේ (මැයි 31 අඟහරුවාදා) රාත්‍රියේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී පැය කීපයක් තුළ දී අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත විය.

ඕම් ශාන්ති ඕම් චිත්‍රපටයේ ශාන්ති ප්‍රියාගේ (දීපිකා පදුකෝන්) සලු පොටෙහි සිය අත බැඳි පළඳනාව පැටලුනු ඕම් (ෂාහ් රුක් ඛාන්) ඇය පසුපසින් ඇදී යන දර්ශනය හා ගීය ඔබට මතක නම්, ඔබ KK ගැයූ ගීයක් අසා තිබේ.

පනස් තෙහැවිරිදි KKගේ සත්‍ය නාමය ක්‍රිෂ්ණකුමාර් කුන්නත් වූ අතර, 1990ගණන්වල දී ඇරඹි වෘත්තීය දිවිය තුළ දී ඔහු ගයා ඇති ගීත සංඛ්‍යාව සිය ගණනකට අධික ය.

කල්කටාවේ ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ දී ඇදවැටී ඇති ඔහු වහා රෝහල කරා ගෙනගියත්, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වෛද්‍යවරුන් තහවුරුකර තිබේ.

ඔහුගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.

KKගේ රසිකයින් සහ වෘත්තීය සගයින් මෙම පුවත ඔවුනට ඇතිකළ කම්පනය හා අවිශ්වාසය සටහන් කරද්දී, බදාදා උදෑසන ඉන්දියාවේ ට්විටර් ජාලය තුළ 'Not KK' හෑෂ්ටැග් නම් එකක් ට්‍රෙන්ඩ් විය.

ඔහුගේ ශ්‍රී ලාංකික රසිකයින් ද ෆේස්බුක් ආදී සමාජ මාධ්‍යයන්හි සිය ශෝකය පළකරමින් සිටියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ගායකයාගේ "අකල් මරණය" ගැන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කළේ ය.

"ඔහුගේ ගීත පුළුල් පරාසයක හැඟීම් පිළිබිඹු කළා වාගේම, සෑම වයස් කාණ්ඩයකම මිනිසුන්ගේ හදවත්වලට තදින්ම කාවැදී තිබුණා. අපට ඔහුගේ ගීත හරහා ඔහු සදාකාලිකව මතක තිබේවි," මෝදි වැඩිදුරටත් සඳහන් කළේ ය.

පන්ජාබි රැප් ගායක සිධූ මූස් වාලා ඝාතනයවීමෙන් දෙදිනකට පසු KKගේ මරණය සිදුවීම, සතියක් තුළ ඉන්දීය සංගීත ලෝලීන්ට පිටපිට එල්ලවූ දෙවැනි පහර විය.

1968 දී දිල්ලියේ උපන් KK සිය ගායන දිවිය ආරම්භ කළේ වෙළඳ දැන්වීම්වලට පසුබිම් ගීත ගැයුමෙනි. ඔහු සිනමා සංගීතයට ඇතුළුවීමේ භාග්‍යය උදාකර ගැනීමට පෙර එවැනි පසුබිම් ගී 3500කට වඩා ගායනාකර තිබුණි.

KK දෙමළ, තෙළිගු, කන්නඩ වැනි ඉන්දීය භාෂා රැසකින් ගී ගැයීය. නමුත් ඔහුගේ ජනප්‍රියතම ගීත වන්නේ ඔහු හින්දි භාෂාවෙන් ගැයූ ඒවා වන අතර, ඉන් රැසක් බොලිවුඩ් චිත්‍රපට සඳහා භාවිතා විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, KK වේදිකාව මත දී ජවසම්පන්න රැඟුම් දක්වන්නෙකු විය

තු හි මෙරි ශබ් හේ (ගැන්ග්ස්ටර්), ආකෝන් මේ තෙරී (ඕම් ශාන්ති ඕම්), කුදා ජානේ (බච්නා ඒ හසීනෝ), සරා සා (ජන්නත්), තඩප් තඩප් (හම් දිල් කේ චුකේ සනම්), ක්‍යා මුජේ ප්‍යාර හේ (වෝ ලම්හේ), දස් බහානේ (දස්) වැනි ප්‍රසිද්ධ හින්දි ගීත රාශියක් ද ඔහු විසින් ගැයුණු ගීත වේ.

ඔහු බොහෝදෙනාගේ ආදරයට ලක්වන ඉන්දි-පොප් (ඉන්දියානු පොප්) ගීත කිහිපයක් ද ගායනා කළ අතර, 'පල්' (මොහොත) සහ 'යාරෝ' (මිතුරන්) වැනි ගී ඒ අතර විය.

ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ඔහුගේ වෘත්තීය සගයන් බොහෝදෙනෙක්, ඔහු සමග වූ ඔවුන්ගේ ඇසුර සිහිපත් කළහ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

"මේක විශ්වාස කරන්න හරිම අමාරු යි! [මගේ] හදවත කෑලිවලට කුඩුවුණා," ප්‍රකට ගායිකා ශ්‍රෙයා ඝෝශාල් ට්විටර්හි ලියුවා ය.

සංගීතඥ ශංකර් මහාදේවන් KKගේ 'පල්'හි ගී පදයක් හරහා සිය ගෞරවය පිදුවේ ය: "හම් රහේ යා නා රහේ යාද් ආයේන්ගේ යේ පල් (අපි මෙහි හිටියත් නැතත්, අපට මේ මොහොතවල් මතක තියේවි.)"

තමා රඟපෑ චරිතවල ජනප්‍රියම ගීත KK විසින් ගයන ලද නළු ඉම්රාන් හෂ්මි පැවසුවේ KK සිය සංගීතය තුළින් "සදාකාලිකව ජීවත්වන" බව යි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

KK කල්කටාහි පැවැත්වුණු සිය අවසන් ප්‍රසංගයේ දී තදබද වූ නරඹන්නන් පිරිසක් ඉදිරියේ නැගී සිටිනු, ඔහුගේ අවසන් ඉන්ස්ටග්‍රම් පෝස්ටුවෙන් දැක්විණි.

Skip Instagram post
Instagram අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of Instagram post

ඔහුගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමග, ශෝක බරිත රසිකයින්ගේ කමෙන්ටුවලින් එම පෝස්ටුව පිරී යන්නට විය.

KK කල්කටාවට ගොස් සිටියේ උසස් විද්‍යාල දෙකක සංදර්ශනයන්ට සහභාගීවීමට බැව් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාකර තිබුණි.

"ඔහු ප්‍රසංගයේ දී විශිෂ්ට වුණා වගේම, ඔහු තමයි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තේ,"යි ප්‍රසංගයේ සිටි රසිකයෙකු පැවසූබව එම පුවත්පත වාර්තා කළේ ය.

KK වෙනුවෙන් ශෝකවන්නන් අතර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා වෙයි.