ඉන්දීය සිනමාවේ දැවැන්තයෙකු වූ දිලීප් කුමාර් දිවියෙන් සමු ගනියි

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රපට 65 කට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී ඇත

ඉන්දීය සිනමාවේ මුල්කාලීන හා වඩාත් ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් දිවියෙන් සමුගෙන තිබේ.

මුම්බායිහිදී ඔහු මිය යන විට 98 වෙනි වියේ පසු විය.

දශක පහකට වැඩි සිනමා දිවිය තුළ චිත්‍රපට 65 කට අධික ප්‍රමාණයක ප්‍රතිභා මෙන්ම ප්‍රේමනීය චරිතයන්ට ඔහු රංගනයෙන් දායක වී ඇත.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ජුනි 30 වෙනිදා ඔහු රෝගල් ගත කරනු ලැබුණු අතර මාස ගණනාවක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තමා දිලීප් කුමාර්ගේ රසිකයෙකු බව සුපිරි නළු ෂාරුක් ඛාන් වරෙක පවසා තිබිණි

ඔහු බොලිවුඩ් නිළියක වූ සයිරා බානු සමග විවාහ වී සිටි අතර ඔවුන්ට දරුවන් නොමැත.

පාකිස්තානය ඉන්දියාවෙන් වෙන්වීමට පෙර ඉන්දියාවේ කොටසක් වූ පෙෂාවර්හි, 1922 වසරේදී යූසුෆ් ඛාන් ලෙස ඔහු උපත ලැබීය.

තවත් බෝහෝ සිනමා ශිල්පීන් මෙන් ඔහු ද හින්දු නමක් ගනිමින් දිලීප් කුමාර් ලෙස ඉන්දීය සිනමාවට පා තැබීය.

1944 සිය මංගල චිත්‍රපටය 'ජ්වාර් භාතා' හි පෙනී සිටි ඔහු 1949 'අන්දාස්' චිත්‍රපටයෙන් ප්‍රසිද්ධියට පත් විය.

බොලිවුඩය ගැන තවත් පුවත්: