#Metoo: ලිංගික අපචාර නිසා හාවි වයින්ස්ටයින් දඟ ගෙට යැවීම ගැන කාන්තා ප්‍රතිචාර
ඡායාරූප මූලාශ්‍රය, Reuters
හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය හිටපු නිෂ්පාදකයෙකු වන හාවි වයින්ස්ටයින් ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජනවලට වැරදිකරු බවට අධිකරණය ලබා දුන් තීන්දුව ඔහුට එරෙහිව චෝදනා නැගු කාන්තාවන්ගේ ප්‍රසාදයට ලක් වී තිබේ.
හොලිවුඩ් නිළියක වන රෝස් මැක්ගෝවන් (Rose McGowan) බීබීසී සේවයට පැවසුවේ "මෙය විශිෂ්ට දවසක්" යනුවෙනි. තවත් සමහරු කියා සිටියේ මෙම තීන්දුව වින්දිතයින්ට බලාපොරොත්තු ගෙන ආ බවය.
ස්ත්‍රී දූෂණ සහ සාපරාධී ලිංගික ක්‍රියාවන් සම්බන්ධයෙන් 67 හැවිරිදි හාවි වයින්ස්ටයින් නිව්යෝක් නගර අධිකරණයක දී වරදකරු කරනු ලැබීය.
කෙසේනමුත්, හිංසාකාරී ලිංගික අතවර සම්බන්ධයෙන් තිබූ වඩාත් බරපතල චෝදනාවලින් ඔහු නිදහස් කෙරිණි.
ඡායාරූප මූලාශ්‍රය, AFP
කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නැඟුණු චෝදනාවලට වැරදිකරු වූ හාවි වයින්ස්ටයින්ට වසර 25ක් දක්වා සිර දඬුවම් නියම විය හැකිය. ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිඥවරු පවසති.
"මම අහිංසකයි. ඇමරිකාවේ මෙහෙම දෙයක් සිදුවන්නේ කොහොම ද?" වයින්ස්ටයින්ගේ නීතිඥ ආතර් එයිඩලා තම සේවාදායකයා උපුටා දක්වමින් කියා සිටියේය.
2013 වසරේ දී ලොස් ඇන්ජලීස් නුවර දී කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් බවට ද චිත්‍රපට ක්ෂේත්‍රයේ හිටපු ප්‍රධානියාට චෝදනා එල්ල වී තිබේ.
ග්විනේත් පැල්ට්‍රෝ (Gwyneth Paltrow), උමා තර්මන් (Uma Thurman) සහ සල්මා හයෙක් (Salma Hayek) නම් ප්‍රසිද්ධ රංගන ශිල්පීන් ඇතුළු කාන්තාවන් 80 දෙනෙකු දශක ගණනාවක් තිස්සේ විවිධ අවස්ථාවල ලිංගික අතවරයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. කෙසේවෙතත්, එම සිද්ධින් බොහෝ කලකට පෙර සිදු වූ නිසා ඒ මත අපරාධ නඩුවක් පැවරීම සිදු කළ නොහැකිය.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බලවත් තනතුරු දරණ පුරුෂයන්ට එරෙහි විෂමාචාර චෝදනා ප්‍රසිද්ධියේ හෙළි කිරීමට කාන්තාවන් පෙළඹවූ #MeToo ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය වූයේ හාවි වයින්ස්ටයින්ට එරෙහිව නැඟුණු චෝදනාය.
'පල්ප් ෆික්ෂන් (Pulp Fiction), ගුඩ් විල් හන්ටිං (Good Will Hunting), ද කිංග්ස් ස්පීච් (The King's Speech) සහ ෂේක්ස්පියර් ඉන් ලව් (Shakespeare in Love)' වැනි නිර්මාණ ඔස්සේ ඔස්කාර් සම්මාන දිනාගත් හාවි වයින්ස්ටයින් ක්ෂේත්‍රය තුළ කලෙක වැජඹිනි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇති වූ පපුවේ වේදනාවක් හේතුවෙන් මේ වන විට ඔහු නිව්යෝක්හි රෝහලකට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
දඬුවම ප්‍රකාශයට පත්කරන තුරු ඔහු රිකර්ස් දූපතේ බන්ධනාගාරය වෙත ගෙන යාමට නියමිතව තිබිණි.
ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ තොරතුරුද කියවන්න:
මෙම නඩුවේ චෝදනා මොනවාද?
හාවි වයින්ස්ටයින් නිෂ්පාදනය කළ රූපවාහිනී වැඩසටහනක රැකියාව කළ මිමි හලෙයිට ඔහුගේ මෑන්හැටන් නිවසට ආරාධනා කිරීමෙන් පසු පහර දුන් බව ඇය පවසන්නීය.
ඇය නිදන කාමරයකට ඇදගෙන ගොස් ඇඳට තල්ලු කර ලිංගික අතවර කළ බව මිමි හලෙයි සාක්ෂි දෙමින් පැවසුවාය.
ඡායාරූප මූලාශ්‍රය, Reuters
2013 දී නිව්යෝර්ක් නගරයේ හෝටල් කාමරයකදී දූෂණයට ලක් කරන තෙක් සංසර්ගයෙහි නිරත නොවී තමන් සමඟ "අතිශය පහත් මට්ටමේ" සම්බන්ධතාවක් ඔහු පැවැත්වූ බව ජෙසිකා මෑන් පැවසුවාය.
ඔහු ප්‍රසිද්ධියේ ආකර්ශනීය පුද්ගලයෙකු විය හැකි වුව ද පෞද්ගලික ජීවිතයේ දී ඔහුගේ අඳුරු පැතිකඩ නිරාවරණය කර තිබේ.
හාවි වයින්ස්ටයින්ට චෝදනා එල්ල කරන තවත් නිළියක වන ඇනබෙලා සියෝරා ජූරියට පැවසුවේ 1990 වසරවල මැද භාගයේ එක් රාත්‍රියක ඇයගේ නිවස තුළ දී ඔහු තමන් දූෂණය කළ බවය.
මෙය බොහෝ කලකට පෙර වූ සිද්ධියක් හෙයින් හාවිට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකි වුවත්, ඔහු ලිංගික අපරාධකරුවෙකු බව පෙන්වීමට පැමිණිලිකරුවෝ මෙම කරුණු ඉදිරිපත් කළහ.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මා වෙනුවෙන් සහ හාවි වයින්ස්ටයින්ගේ වින්දිතයන් 80කට වැඩි පිරිසකගෙන් ලැබුණු ශක්තියෙන් මම හදවතින් කතා කළා," නඩු තීන්දුවෙන් පසු, ඇනබෙලා සියෝරා එසේ පැවසුවාය.
තවත් කාන්තාවන් තිදෙනෙකු සාක්‍ෂි දෙමින් කියා සිටියේ රාජකාරී රැස්වීම්වලට සහභාගි වීම සඳහා යැයි පවසමින් ඔවුන් පොළඹවා ගෙන වයින්ස්ටයින් පසුව ඔවුන්ට ලිංගික අතවරයට කළ බවය.
තවත් තොරතුරු:
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත