ලන්ඩන් නුවර 'වෙඩි හඬක්'

ඡායාරූප මූලාශ්‍රය, PA Media

කියවීමේ කාලය: මිනිත්තු 1

ලන්ඩන් නුවර 'ලන්ඩන් බ්‍රිජ්' පාලම මතදී වාර්තා වූ පිහිඇනුමක් "ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ" වුවක් සේ සලකා කටයුතු කරන බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසීය.

ලන්ඩන් වේලාවෙන් දහවල් 2 ට ආසන්න වෙද්දී පිහිඇනුමක් සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාත්මක වීමට සිදුවූ බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසීය.

මේ සිද්ධියේදී කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි විශ්වාස කෙරෙන අතර පොලිසිය විසින් එක් පුද්ගලයෙකුට වෙඩි තබනු ලැබූ බවද නාගරික පොලිසිය සඳහන් කළේය.

මීට පෙර බීබීසී මාධ්‍යවේදියෙකු ද පැවසුවේ එම ප්‍රදේශයෙන් වෙඩි හඬක් ඇසුණු බවය.

එක් පුද්ගලයෙකු රඳවාගත් බව පොලිසිය පැවසු අතර මෙය 'ප්‍රධාන සිදුවීමක්' වශයෙන් ලන්ඩන් ගිලන්රථ සේවය ප්‍රකාශයට පත් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

එහි වූ පාලම මත කිසියම් පුද්ගලයින් පිරිසක් අතර කලහයක් දුටු බව බීබීසී වාර්තාකරු ජෝන් මැක්මැනස් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, @GEORGEBARDEN_

ඔහු පැවසු පරිදි පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර වෙඩි හඬක්ද අසන්නට ලැබී ඇත.

ලන්ඩන් බ්‍රිජ් ප්‍රදේශයේ හටගත් කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් තමන් ක්‍රියා කරමින් සිටින අතර ඒ වෙත ලං නොවන්නැයි ලන්ඩන් නාගරික පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post