මැන්චෙස්ටර් පිපිරීම : මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, GOODMAN/LNP/REX/SHUTTERSTOCK

එංගලන්තයේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

මියගිය පිරිස අතර ළමුන් ද සිටින බව අලුත්ම වාර්තා සඳහන් කරයි.

ක්‍රීඩාංගනයේ පැවති, ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගය අවසානයේදී 'විශාල පිපිරුම්' හඬක් ඇසුණු බව සිද්ධිය දුටුවෝ පැවසුහ.

පොලිසිය පවසන පරිදි, පිරිමි අයෙකුවන ප්‍රහාරකයා ද පිපිරීමෙන් මියගොස් තිබේ.

මැන්චෙස්ටර් නගරය අවට රෝහල් හයක තුවාල ලැබුවන්ට ප්‍රතිකාර කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, FAMILY PHOTO

ඡායාරූප ශීර්ෂ වැකිය, 15 හැවිරිදි ඔලිවියා කැම්බල් ආගිය අතක් නැත.

ඡායාරූප මූලාශ්‍රය, GOODMAN/LNP/REX/SHUTTERSTOCK

ඡායාරූප මූලාශ්‍රය, GOODMAN/LNP/REX/SHUTTERSTOCK

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, GOODMAN/LNP/REX/SHUTTERSTOCK

ඡායාරූප මූලාශ්‍රය, MCPIX/REX/SHUTTERSTOCK

මැන්චෙස්ටර් නගරය තුළ මෙතෙක් හටගත් "වඩාත් බියකරු" සිදුවීම මෙය බව කියා සිටි ප්‍රධාන පොලිස් නිලධාරී ඉයන් හොප්කින්ස්, "ප්‍රහාරකයා තනිවම ක්‍රියාත්මක වුවාද නැතිනම් කිසියම් ජාලයක කොටස්කරුවකුව සිටියාද" යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Peter Byrne

ඔවුන් සඳහන් කරන පරිදි අරීනා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ප්‍රවේශපත් කාර්යාලය දෙසින් පිපිරීම් දෙකක් ඇසී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දැමුණු අතර සියලු දුම්රිය ගමන් අවලංගු කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Peter Byrne

මේ අතර මැන්චෙස්ටර් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිද්ධිය වූ ප්‍රදේශයෙන් ඈත්ව සිටින ලෙසය.

සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් සිටි සිය බිරිඳ සහ දියණිය ගෙන ඒමට ගිය ඇන්ඩි හෝලි පැවසුවේ "මම එතන ඉන්න වෙලාවේ ඇතිවූ පිපිරීමත් සමග මාව අඩි තිහක් පමණ ඈතට විසිවුණා" යනුවෙනි.

"යළි නැගී සිටි අවස්ථාවේ බිම සිරුරු වැටී තිබෙන ආකාරය දුටුවා. මගේ පලවෙනි අරමුණ වුනේ මගේ බිරිඳ හා දැරුවා සොයාගන්න එකයි. කොහොම හරි මම එයාලව හොයාගත්තා" යැයි ද ඔහු පැවසීය.