හොංකොං පාලනයට නව නායිකාවක්
ඡායාරූප මූලාශ්‍රය, EPA
හොංකොං ජනතාව අතර පවතින බෙදීම් සහ ගැටුම් සුව කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව හොංකොං හි නායකත්වයට පත් පළමු කාන්තාව පවසයි.
එක්දහස් දෙසියයකට ආසන්න සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කොමිසමක ඡන්ද විමසීමකින් අනතුරුව, 59 හැවිරිදි කැරී ලෑම් හොංකොං හි නායකත්වයට තෝරා ගැණින.
කොමිසමේ සාමාජිකයන් බහුතරය බෙයිජිං පාලනයට පක්ෂපාතීවන අතර, කැරී ලෑම් ටද බෙයිජිං පාලනයේ සහාය හිමි විය.
චීනයේ කොටසක්වන හොංකොං හි පවතින්නේ සීමිත ස්වයං පාලනයකි.
ඡායාරූප මූලාශ්‍රය, Reuters
හොංකොං පාලනයේ හිටපු නියෝජ්‍ය නායිකාව වූ ඇය, කොමිසමේ සාමාජිකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක ඡන්ද දිනා ගැනීමට සමත් වූවාය.
හොංකොං බහුතර ජනතාව ඇයගේ ප්‍රතිවාදියා වූ, හිටපු මුදල් ලේකම් ජෝන් සෑන්ග් ට සහාය දක්වන බව ඡන්ද විමසීමට පෙර පැවති මත විමසුම්වලින් අනාවරණය විය.
කෙසේ වෙතත් සිය නායකයා පත්කර ගැනීම සඳහා දායකවිය හැක්කේ රටවැසියන් අතරින් ඉතාම සීමිත පිරිසකට පමණි.
මෙය 'ප්‍රෝඩාකාරී' මැතිවරණයක් බව හොංකොං ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන ක්‍රියාධරයෝ චෝදනා කරති.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත