සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගෙන් පිළිතුරු

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරුෂයෙකු ලෙස උපත ලද ගුවෙන් ස්ත්‍රී හෝමෝන ලබා ගැනීම ආරම්භ කළේ වයස විසි දෙකේදී

විසි හතර හැවිරිදි ග්වේන් ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිවිල්වෙනියා ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි.

පුරුෂයෙකු ලෙස උපත ලද ග්වේන් ස්ත්‍රී හෝමෝන ලබා ගැනීම ආරම්භ කළේ වයස විසි දෙකේදී.

උපතින් ඇය පුරුෂයෙකු බව බැලූ බැල්මට බොහෝ දෙනෙකුට කිව නොහැක්කකි.

රෙඩිට් සමාජ ජාලය හරහා සජීවී ලෙස සම්බන්ධ වූ ඇය තම පෞද්ගලික දිවිය හා සම්බන්ධ ඕනෑම පැනයක් ඇසීමට සෙසු රෙඩිට් සාමාජිකයන්ට අවස්ථාව ලබා දුන්නාය.

එහිදී ඇය වෙත ප්‍රශ්න දෙදහසක් යොමු වී ඇති අතර ඇය වෙත සහාය පළ කොට ඉන් විශාල පිරිසක් අදහස් පළ කළහ.

එසේ අසන ලද ප්‍රශ්න අතුරින් කරුණු පහක් පිළිබඳ වැඩි දෙනෙක් ඇයගෙන් අදහස් විමසූහ.

01. කාන්තාවක් වීමට අවශ්‍ය බව ඔබට පළමු වරට හැඟී ගියේ කවදාද?

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, "නින්දට ගිය විට පිරිමි ළමයෙක් වෙනුවට මම ගෑනු ළමයෙක් වෙලා ඉන්න සිහින දැක්කා,"

"වයස පහ, හයේදී මට මතකයි යම් අමුත්තක් දැනුණා. නින්දට ගිය විට පිරිමි ළමයෙක් වෙනුවට මම ගෑනු ළමයෙක් වෙලා ඉන්න සිහින දැක්කා. එවැනි සිහින දැකලා ඇහැරුණාම මට විශාල සතුටක් දැනුණා. මට ඒක අමුත්තක්. මොකද පිටත පෙනුමින් මම පිරිමි ළමයෙක්. හැමෝම මට සළකන්නේ පිරිමි ළමයෙකු විදිහටයි. නමුත් ඒ වගේ හීන දැක්කම මට සතුටක් දැනෙන්නේ ඇයි?," ඒ ඇයගේ පිළිතුරයි.

02. ඔබේ සිරුරේ ඇති වූ වෙනස්කම් මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය උපතින් පුරුෂයෙකු බව බොහෝ දෙනෙකුට බැලූ බැල්මට කිව නොහැක්කකි.

"මගේ මුහුණ මෘදු වුනා. කොන්ඩේ වැවෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මගේ මුහුණ පුරා රෝම තිබුණා. ඒක එතරම් හොඳ පෙනුමක් නෙමෙයි. මට දැන් ලොකු සතුටක් දැනෙන්නේ. මේ සඳහා කරන ලද ප්‍රතිකාරයෙන් මගේ ඉනේ ප්‍රමාණය අඩු වුනා. මගේ කළවා ප්‍රදේශය සහ ඉඟ පිටුපස හැඩය වෙනස් වුනා. මම තන පට මිළදී ගතයුතු බව ඒ වෙන කොට මට හැඟුනා," ඇය කියා සිටියාය.

03. සමාජය ඔබට වෙනස් ආකාරයකට සළකන්නේද?

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ මුහුණ මෘදු වුනා. කොන්ඩේ වැවෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මගේ මුහුණ පුරා රෝම තිබුණා,"

"මම පිරිමියෙක් විදිහට හිටපු කාලේ සාමාන්‍යයෙන් මිනිස්සු මට පාඩුවේ ඉන්න දුන්න. දැන් මම පාරේ යන විට මිනිස්සු නිතර අමුතු විදිහට කතා කරනවා. මට ඔවුන්ගේ මූණට යමක් කියන්න අවශ්‍ය වුනත් මට පුළුවන් කමක් නැහැ. මොකද මට පෙම්වතියක් ඉන්නවා. මම ගෙදර යා යුතුයි. මට කවුරු හරි පහර දේවී හෝ මාව මරා දාවි කියන කාරණය ගැන මා හිතනවා" ඇය පවසන්නීය.

04. ඔබේ ලිංගික ජීවිතයේ සිදු වූ වෙනස්කම් මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවෙන් සහ ඇයගේ පෙම්වතිය

"මම ලිංගික ජීවිතය ඉතාමත් සතුටින් අත්විඳිනවා. මොකද ඒ තුළ මට මම වෙන්න අවස්ථාව ලැබෙනවා," ඇය කියා සිටියාය.

04. ඔබ ජනනේන්ද්‍රිය ශල්‍යකර්මයකට යොමුවෙනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Gwen

ඡායාරූප ශීර්ෂ වැකිය, "දරුවන් ලැබුණට පස්සේ ශල්‍යකර්මයක් කර ගන්න මම බලාපොරොත්තු වෙනවා,"

"මගේ පෙම්වතියට සහ මට දරුවෙක් අවශ්‍ය නම්, කිසිවක් වෙනස් නොකර මේ විදිහටම ඉන්න අවශ්‍යයි. දරුවන් ලැබුණට පස්සේ ශල්‍යකර්මයක් කර ගන්න මම බලාපොරොත්තු වෙනවා," ඇය සඳහන් කළාය.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට අයත් බහුතරයක් දෙනා පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන බව ද ග්වේන් වැඩිදුරටත් කියා සිටියාය.