බ්‍රසීලයේත් 'ඇත් අතුරු සෙවනක්'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු අලින් වන 'ගුයිඩා' සහ 'මයියා'

අලිඇතුන් සඳහා වන ලතින් ඇමෙරිකානු පළමු අභයභූමිය බ්‍රසීලයේ විවෘත විය.

සර්කස් සංදර්ශන සඳහා යොදා ගන්නා ලද සද්දන්තයන් පනස් දෙනකු පමණ අලුතින් විවෘත කෙරුණු අභයභූමියේ රැඳවීමට නියමිතයි.

හතළිස් විය ඉක්මවූ 'ගුයිඩා' සහ 'මයියා' එහි පළමු පදිංචිකරුවෝ වෙති.

පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරම එම අලි ඇතුන්ට කැලෑවේ නිදැල්ලේ සැරි සරමින් වනපල බුදීමට අවස්ථාව සලසා ඇති බවයි නව අභයභූමියේ කාර්ය මණ්ඩලය පවසති.

ලතින් ඇමරිකාව පුරා පිහිටි සත්වෝද්‍යාන වසා දැමීම සහ සර්කස් සංදර්ශන සඳහා සතුන් යොදා ගැනීම තහනම් කෙරෙන නීති දැඩි කෙරෙමින් පවතින තත්වයක් යටතේ අලිඇතුන්ට සෙවන ලබා දීම සඳහා ඇමරිකාව මූලස්ථානය කොට ගත් කණ්ඩායමක් විසින් අදාළ ඉඩම මිල දී ගනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවක් ගොවිපලක විසූ 'ගුයිඩා'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනුණු 'මයියා'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලතින් ඇමරිකාවේ විවෘත කරන ලද අලිඇතුන් සඳහා වූ පළමු අභයභූමිය

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ

සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනීම පිණිස නීති විරෝධී ආකාරයෙන් ගෙන්වා ගනු ලැබූ 'ගුයිඩා' සහ 'මයියා' තායිලන්තයේ උපත ලබා ඇති බව විශ්වාස කෙරේ.

'Global Sanctuary for Elephants' නමැති සත්ව සංවිධානය විසින් අභයභූමියට අයත් අක්කර 2800 ක භූමි ප්‍රදේශය මිලදී ගනු ලැබ ඇත්තේ ඇමරිකානු ඩොලර් දස ලක්ෂයකටය.

අදාළ මුදල වසර පහක් තුළ ගෙවා නිම කිරීමට නියමිත අතර නව අලි අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ.