භුමිපාල් අතුලතේජ්: ලොව වැඩිම කලක් සිහසුන දැරූ රජතුමා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ලෝකයේ වැඩිම කාලයක් සිහසුන දැරූ රාජ්‍ය පාලකයා වන තායිලන්තයේ භුමිපාල් රජු අභාවප්‍රාප්ත විය.

රාජ්‍ය පාලනයෙන් තායිලන්තය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව සිටි එතුමන්ගේ පාලන කාලය තුළ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවිය.

දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි ඔහු දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කළේය.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වයට හිමිවන්නේ සීමිත බලයක් වුවද බොහෝ තායි ජාතිකයන් අතර ඔහු දේවත්වයෙන් පිදුම් ලැබීය.

භුමිපාල් රජු උපත ලැබුවේ 1927 දෙසැම්බර් මස 5 වැනිදා ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිජ් හි දීය.

භුමිපාල් බිලිඳා උපත ලැබුවේ ඔහුගේ පියා වූ මහිපාල් අතුලතේජ් කුමරු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදීය .

ආපසු තායිලන්තයට පැමිණ භුමිපාල් කුමරු දෙහැවිරිදි වියේ පසුවෙද්දී ඔහුගේ පිය රජු අභාවප්‍රාප්ත විය.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු විවාහ ගිවිස ගත්තේ 1948 දීය

භුමිපාල් කුමරුගේ පියාගේ මරණින් පසු මව ස්විස්ටර්ලන්තයට ගිය අතර කුමරු අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

1932 දී තායිලන්ත රාජ්‍යත්වයේ බලතල අඩු කිරීමෙන් පසු රජ පවුලට හිමි රාජකීය තත්වය ක්‍රමයෙන් හීන වී ගිය අතර 1935 දී භුමිපාල් කුමරු ගේ මාමා වූ ප්‍රජාධිපොක් රජු පාලනය අත්හළේය.

අනතුරුව සිහසුන පැවරුනේ භුමිපාල් කුමරුගේ සහෝදරයෙකු වූ නව හැවිරිදි ආනන්ද කුමරුටයි.

1946 දී බැංකොක් මාලිගයේ සිදුවූ වෙඩි තැබීමකින් ආනන්ද රජු මිය ගිය අතර වයස අවුරුදු 18 ක් වූ භුමිපාල් කුමරු සිහසුනට පත් විය.

ඔහු තම අධ්‍යාපන කටයුතු සඳහා ස්විස්ටර්ලන්තය ලන්තයට නැවත ගොස් සිටියදී පැරීසියේ කළ සංචාරයක දී භුමිපාල් රජුට තම අනාගත බිරිඳ මුණ ගැසුණි.

ඇය එවකට ප්‍රංශයේ තායිලන්ත තානාපතිවරයාගේ දියණියයි.

ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1950 වසරේ අප්‍රේල් 28 වැනිදාය.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංගීතයට ලැදිකමක් දැක්වූ ඔහු කණ්ඩායම් නායක බෙනි ගුඩ්මාන් සමග

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1972 දී එලිසබෙත් රැජින තායිලන්ත සංචාරයක නිරතවූ අවස්තාව.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, භුමිපාල් රජුගේ පාලන කාලය තුළ රාජකීය පවුලේ තත්වය යලිත් ඉහළ ගිය බවයි පැවසෙන්නේ

භුමිපාල් රජුවෙත ඇති ජනතා කැමැත්ත සත්‍යවූවක් වුවද රජ මාලිගයේ මහජන සම්බන්ධතා ක්‍රියා පටිපාටිය මගින් ඉතා සුක්ෂම ලෙස එය හසුරුවන බවයි පැවසෙන්නේ.