බ්‍රිතාන්‍යය ජනමත විචාරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද? නැතහොත් ඉන් ඉවත්වී ස්වාධීන විය යුතුද යන්න පිළිබඳව ජනතා කැමැත්ත විමසීම සඳහා පැවැත්වෙන ජනමත විචාරණයේ ඡන්ද විමසීම දැන් ආරම්භවී තිබේ.
ඡන්ද පත්‍රිකාවේ සඳහන් එකම ප්‍රශ්නය වන්නේ " එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස සිටිය යුතුද නැතිනම් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද?" යන්නයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty
බ්‍රිතාන්‍යය පුරා මිලියන 46 ක ජනතාවක් මෙම ජනමත විචාරණයේ දී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටින බවයි වාර්තා වන්නේ.
මෙය බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාව වේ.
මීට ප්‍රථම වසර හතළිහකට පෙර බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයක් පැවත්වී ඇත්තේ එවකට 'යුරෝපා ආරථික ප්‍රජාව' නමින් යුතු සංවිධානයේ සාමාජිකත්වයට ඇතුළත් වීම සඳහායි.

























