සඳුදා අතිවිශේෂ කැබිනට් හමුව ඇමති මාරුවකටද?

ඡායාරූප ශීර්ෂ වැකිය, මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ කැබිනට් දිව්රුම් දීමක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබන සඳුදා (මැයි 22) උදෑසන අතිවිශේෂ කැබිනට් හමුවක් කඳවනු ලැබ ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම කැබිනට් හමුවට නොවරදවාම සහභාගීවෙන මෙන් ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව බීබීසිය කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක් තහවුරු කළහ.

එසේම එම හමුව කැබිනට් සංශෝධනයකට අදාළ වූවක් වියහැකි බවත් එම ඇමතිවරුන් දෙදෙනා සඳහන් කළහ.

කැබිනට් රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අඟහරුවාදා උදේ වරුවේ වන හෙයින් සඳුදා කැඳවනු ලැබ ඇති මෙම හමුව සුවිශේෂී එකක් වන බව පෙනී යයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ දිව්රුම් දීමක්

විශේෂ කැබිනට් සාකච්ඡාව කැඳවා තිබෙන්නේ ලබන සඳුඳා කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සහ මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ වෙමින් පවතින අතරයි.

ඡායාරූප මූලාශ්‍රය, President office

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා