විශාලතම කොකේන් තොගය අල්ලයි
මෙරටට ගෙන්වන ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අද (14) පොලිස් විශේෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය භාරයට ගැනුණු බව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබ තිබේ.
මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ.
කිලෝ ග්‍රෑම් 91.3ක බරින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකක් පමණ වන බවයි මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබෙන්නේ.
ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත
{{rankTranslation}}