රනිල් වික්‍රමසිංහ ජනපති ධූරය දැරූ සමයේ විදෙස් සංචාර සඳහා වැය කළ බව කියන වියදම් මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ජනාධිපති ධූරය දරු සමයේ රජයේ අරමුදල් පෞද්ගලික සංචාරයකට යෙදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අගෝස්තු 25 දින රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

එලෙස රක්ෂිත බන්ධානාගාරගත කිරීමට බන්ධනාගාරය වෙත ගෙන ගිය ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා තීරණය කර තිබු බැවින් ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

ප්‍රශ්නගත සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 23 වන දින දක්වා සිදු කළ දෙදින සංචාරයක් වන අතර ඒ සඳහා රු. මිලියන 16කට අධික රජයේ මුදල් වැය කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

හිටපු ජනාධිපතිවරයාගේ ධූර කාලය තුළ විදෙස් සංචාර සඳහා වැය කර ඇති මුදල

බීබීසී සිංහල විසින් 2025 පෙබරවාරි මාසයේදී පසුගිය වසර 20 තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් ඔවුන්ගේ ධූර කාලය තුළ විදෙස් සංචාර සඳහා වැය කර ඇති මුදල් සම්බන්ධ තොරතුරු ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් සිදු කරනු ලැබූ අතර, ඒ සඳහා 2025 මැයි මාසයේදී පිළිතුරු ලැබිණි.

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් විය.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

කෙසේ වෙතත්, පසුගිය මැයි 8 වන දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගී වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව ය.

ඒ අනුව, ඔහු විසින් ඉදිපත් කරන ලද තොරතුරු පහත පරිදි ය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ වූ විදෙස් සංචාර 19ක් සඳහා ද මෙම කාල වකවානුව තුළ මුදල් වියදම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.

එම මුදල රුපියල් මිලියන 19.8ක් බව පැවසූ ඔහු, ඒ අනුව සියලු සංචාර සඳහා වියදම් කර ඇති මුදල රු. බිලියන 1.027ක් බව ප්‍රකාශ කළේ ය.