නාය යෑම්වලින් ඉන්දියාවේ විශාල ගණනක් අතුරුදන්: 158ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහ ඇමති පිනරෙයි විජයන් පැවසුවේ, මෙම ව්‍යසනය "මුළු මහත් ප්‍රදේශයක් ම විනාශ කර දැමූ" බව ය. තවමත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන් ය
කියවීමේ කාලය: මිනිත්තු 5

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ දැවැන්ත නාය යාම්වලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 158 ඉක්මවා ඇති අතර, පුද්ගලයින් 220 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවට බලධාරීහු පවසති.

අඟහරුවාදා රාත්‍රියේ නතර වූ ගලවා ගැනීමේ මෙහෙයුම් බදාදා උදෑසන යළි ත් ආරම්භ විය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ ගම්මාන විමතියට පත් කරමින් අඟහරුවාදා අලුයම 2ට මෙම නාය යාම් ආරම්භ විය

පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මිය ගිය 2018 වසරේ ගංවතුර තත්ත්වයෙන් පසු ප්‍රාන්තයට බලපෑ දරුණුතම ව්‍යසනය මෙම නාය යාම් වේ.

දින දෙකක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිලිවල ඉන්දීය ධජය අඩකුඹු කර ඇත.

වයනාඩ් දිස්ත්‍රික්කයේ මුණ්ඩකායි සහ චූරල්මාලා ප්‍රදේශවල සිදු වූ මෙම ව්‍යසනය "මුළු මහත් ප්‍රදේශයක් ම විනාශ කර දැමූ" බව මහ ඇමති පිනරෙයි විජයන් අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

[වයනාඩ්] දිස්ත්‍රික්කයේ සහ එහි අසල්වැසි ප්‍රදේශවලට බදාදා තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14න් 12ක ම පාසල් සහ විද්‍යාල වසා දමා තිබේ.

ජාතික ආපදා ප්‍රතිචාර බළකාය (NDRF) සහ පොලිස් හා ගිනි නිවන දෙපාර්තමේන්තු කණ්ඩායම් සමග යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.

3,000කට වැඩි පිරිසක් මුදාගෙන සහන කඳවුරු 45කට යොමු කර ඇත.

අඟහරුවාදා සවස ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ව්‍යසනය හේතුවෙන් ගඟකින් අවහිර වී ඇති මුණ්ඩකායිහි අවතැන් වී සිටි පුද්ගලයින් ඉවත් කිරීම සඳහා සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලැබී ය.

නිලධාරීන් පැවසුවේ, ගලවා ගැනීමේ නිලධාරීන්ගේ කුඩා කණ්ඩායමක් ගඟ තරණය කර ප්‍රදේශයට ළඟා වීමට සමත් වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යසනයත් සමග ඇද හැළුණු මහා වර්ෂාව මධ්‍යයේ මුණ්ඩකායි ගම්මානය ගඟකින් අවහිර වීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා දුෂ්කර වී ඇත

ඡායාරූප මූලාශ්‍රය, Arun Chandra Bose/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවා ගැනීමේ මෙහෙයුම් බදාදා උදෑසන නැවත ආරම්භ විය

වයනාඩ් දිස්ත්‍රික්කයේ මුණ්ඩකායි සහ චූරල්මාලා ප්‍රදේශවල සිදු වූ මෙම ව්‍යසනය "මුළු මහත් ප්‍රදේශයක් ම විනාශ කර දැමූ" බව මහ ඇමති පිනරෙයි විජයන් අඟහරුවාදා මාධ්‍ය හමුවකදී පැවසීය.

[වයනාඩ්] දිස්ත්‍රික්කයේ සහ එහි අසල්වැසි ප්‍රදේශවලට බදාදා තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 14න් 12ක ම පාසල් සහ විද්‍යාල වසා දමා තිබේ.

ජාතික ආපදා ප්‍රතිචාර බළකාය (NDRF) සහ පොලිස් හා ගිනි නිවන දෙපාර්තමේන්තු කණ්ඩායම් සමග යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.

අඟහරුවාදා සවස ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ව්‍යසනය හේතුවෙන් ගඟකින් අවහිර වී ඇති මුණ්ඩකායිහි අවතැන් වී සිටි පුද්ගලයින් ඉවත් කිරීම සඳහා සෝදිසි කිරීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලැබී ය.

නිලධාරීන් පැවසුවේ, ගලවා ගැනීමේ නිලධාරීන්ගේ කුඩා කණ්ඩායමක් ගඟ තරණය කර ප්‍රදේශයට ළඟා වීමට සමත් වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Arun Chandra Bose

ඡායාරූප ශීර්ෂ වැකිය, 3,000කට වැඩි පිරිසක් මුදාගෙන සහන කඳවුරු 45කට යොමු කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ඉන්දීය යුද්ධ හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවන භටයින් සහ ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ නිලධාරීහු ඇතුළත් වෙති

"ඊයේ රාත්‍රී 10 විතර වෙනකම් අපි පුද්ගලයින් 70 දෙනෙකු බේරා ගත්තා. පසුව අයහපත් කාලගුණය සහ වර්ෂාව හේතුවෙන් අපට මෙහෙයුම් නතර කිරීමට සිදු වුණා," NDRF කමාන්ඩර් අඛිලේෂ් කුමාර් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

ප්‍රදේශයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

හමුදාව පැවසුවේ, චූරල්මාලා ප්‍රදේශයේ ගලවා ගැනීමේ කටයුතුවලට සහයක් වශයෙන් සහ පිටාර ගලමින් තිබෙන ගඟ තරණය කිරීමට කඹ යොදා ගත් බව ය.

තවදුරටත් අවතැන්ව සිටින ජනතාව වෙත ළඟාවීම සඳහා ගඟ හරහා තාවකාලික පාලමක් ඉදිකිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සැලසුම් කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අවතැන් වූ ගම්වැසියන් වෙත ළඟා වීම සඳහා පිටාර ගලමින් තිබෙන ගඟ තරණය කිරීමට යුද්ධ හමුදා නිලධාරීහු කඹ යොදා ගත්හ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගඟ හරහා තාවකාලික පාලමක් ඉදිකිරීමට යුද්ධ හමුදාව සැලසුම් කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තේ සහ එනසාල් වතුවලින් වට වූ ප්‍රදේශයක අඟහරුවාදා ඉන්දීය වේලාවෙන් අලුයම 02.00ට පමණ මෙම නාය යාම් සිදුවිය.

විජයන් මහතා පැවසුවේ, කලාපය නාය යාම්වලට ගොදුරු විය හැකි ප්‍රදේශයක් ලෙස හඳුනා ගෙන නොතිබුණු බව ත් නිදා සිටි ගම්වැසියන් අනපේක්ෂිත ලෙස ඊට ගොරුවීමේ ප්‍රතිඵලයක් ලෙස ජීවිත විශාල ගණනක් අනතුරට ලක් වූ බව ත් ය.

තවමත් අතුරුදන් වූවන් අතර මෙම ප්‍රදේශයේ ජීවත් වූ වතු කම්කරුවෝ සහ සංක්‍රමණික කම්කරුවෝ ද වෙති.

ගලවා ගැනීමේ සේවකයින් පවසන්නේ, කඩා වැටුණු වහලවල් යට සහ විනාශ වූ නිවාසවල සුන්බුන් යට සිටින දිවි ගලවා ගත් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.

එක් නිවසක පුටු මත වාඩි වී සහ ඇඳන් මත වැතිර සිටි ආකාරයට ම මරණයට පත් වූවන්ගේ, මඩවලින් වැසී ගිය මළ සිරුරු තමා දුටු බව ප්‍රදේශවාසියෙක් PTI පුවත් සේවයට පැවසීය.

2018 විනාශකාරී ගංවතුරෙන් පසු ප්‍රාන්තයට බලපෑ දරුණුතම ව්‍යසනය මෙම නාය යාම ය

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ වයනාඩ් දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රාහුල් ගාන්ධි පැවසුවේ, "නොනවත්වා ඇද හැළෙන වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයන්" දුෂ්කරතා ඇති කරනු ඇතැයි බලධාරීන් අනතුරු ඇඟවීමෙන් පසු ආපදාවට ලක් වූ කලාපය වෙත ගමන් කිරීමට තිබුණු ඔහුගේ සැලසුම් අවලංගු කළ බව ය.

ඔහුගේ කොංග්‍රස් පක්ෂය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී මෙම ව්‍යසනය පිළිබඳව අවධානයට ලක් කර තිබිණි.