ශ්‍රී ලංකාව ලෝක සතුටු දර්ශකයේ ඉදිරියට

Local Sri Lankan girls shelter from the rain.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෝක සතුටු දර්ශකය 2023 ශ්‍රේණිගතකිරීම මාර්තු 20, එනම් ජාත්‍යන්තර සතුටු දිනය වන අද දිනයේ දී නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන මෙම ශ්‍රේණිගත කිරීමේ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව රැඳීසිටි 127 වන ස්ථානයේ සිට මේ වසරේ දී 112 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අඛණ්ඩ ව හයවන වතාවටත් පින්ලන්තය හිමිකරගෙන තිබේ.

සතුට, එසේත් නැතිනම් ප්‍රීතියෙන් සිටීමට ඕනෑම කෙනෙක් කැමතියි. සතුට ගැන විවිධ අයට විවිධ නිර්වචන තිබිය හැකියි. ඒ එක් එක් අය සතුටුවන ආකාරයත් එකිනෙකාට වෙනස් විය හැකියි. විවිධ අයට සතුට ගැන විවිධ නිර්ණායක තිබිය හැකි වුවත් ගෝලීය වශයෙන් පොදු නිර්ණායක සකස් කර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක් එක් රටවල ජීවත් වන අයගේ සතුට ගණනය කිරීමක් කරයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ජාත්‍යන්තර සතුටු දිනය

සතුට සහ යහපැවැත්මේ අදාළත්වය ලොව පුරා මිනිසුන්ගේ ජීවිතවල විශ්වීය අරමුණු සහ අභිලාෂයන් ලෙස හඳුනාගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2012 ජූලි 12 දින 66/281 දරන යෝජනාවෙන් මාර්තු 20 දිනය ජාත්‍යන්තර සතුටු දිනය ලෙස නම් කිරීමට කටයුතු කරන ලදි. ජාතික ආදායමට වඩා ජාතික සතුට ගැන මෙන් ම දළ ජාතික නිෂ්පාදනයට වඩා දළ ජාතික සතුට ගැන අවධානයක් දක්වන බවට ප්‍රසිද්ධ වී සිටින ආසියාතික රටක් වන භූතානය මේ යෝජනාවට මූලික වී තිබේ. එම යෝජනාව සම්මත කරගත් 66 වන මහා මණ්ඩල සැසියේ දී "සතුට සහ යහපැවැත්ම: නව ආර්ථික සුසමාදර්ශයක නිර්වචනය" යන තේමාව ඔස්සේ විශේෂිත සැසියක් ද පවත්වා තිබේ. 2013 වසරේ දී පළමුවරට ජාත්‍යන්තර සතුටු දිනය සැමරුණි.

පැරරල්ගේ “Happy” අභියෝගය

ජාත්‍යන්තර සතුටු දිනය තවදුරටත් ජනතාව අතර ජනප්‍රිය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2013 වසරේ දී ඇමරිකනු ගායකයෙකු වන පැරරල් විලියම්ස් එළිදැක් වූ “Happy” ගීතය යොදාගන්නා ලදි. එහි දී 2014 වර්ෂයේ ජාත්‍යන්තර සතුටු දිනයේ දී එක් එක් රවල්වල ජනතාවට එම ගීතයට වීඩියෝවක් සකස් කර එය සමාජ මාධ්‍යයේ පල කරන්නට ආරාධනා ලැබුනි. විවිධ ජනවර්ග නියෝජනය කරන විවිධ රටවල ජනතාව එලෙස එම ගීතයට වීඩියෝ සකස් කර සමාජ මාධ්‍යයේ පල කළ අතර ශ්‍රී ලංකාවේ ද එම ගීතයට වීඩියෝවක් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ලෝක සතුටු දර්ශකයේ ස්ථාන 15කින් ඉදිරියට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව ලෝක සතුටු දර්ශකයේ ස්ථාන 15කින් ඉදිරියට

ජාත්‍යන්තර සතුටු දර්ශකය

2013 වර්ෂයේ දී පළමු වරට ජාත්‍යන්තර සතුටු දිනය සැමරීමට සමගාමී ව ජාත්‍යන්තර සතුටු දර්ශකයක් එළිදැක් වූ අතර 2023 වර්ෂයේ දී එළිදක්වන්නේ එහි 11 වන වාර්තාවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසඳුම් ජාලය විසින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරයි. දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම්, ආයු අපේක්ෂාව, ත්‍යාගශීලීත්වය, සමාජ සහයෝගය, නිදහස සහ දූෂණය වැනි නිර්ණායකවලින් එම වාර්තාවේ රටවල් දර්ශකයේ විවිධ ස්ථානවලට පත් වේ. එක් එක් රටවල ජීවත්වන පුද්ගලයන්ගේ නියැදි වල (අවම 1000ක්) අදහස් විමසීමෙන් මෙම ගණනය කිරීම කරයි. ඉහත නිර්ණායක පිළිබඳව එවිට එම ප්‍රතිචාරකයන්ගෙන් විමසයි. නිර්ණායකවලින් අවම මට්ටමෙ ඇති ඩිස්ටීපියාව නැමැති උපකල්පිත රටකට සාපේක්ෂ ව තමන්ගේ රටට 1-10 දක්වා ලකුණු ලබා දෙන ලෙස පැවසේ. එලෙස ලැබෙන ප්‍රතිචාරකයන්ගේ ලකුණු අනුව රටවල් ශ්‍රේණිගත කිරීම සිදු වේ.

පින්ලන්තය වසර හයක් පළමු ස්ථානයේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පින්ලන්තය වසර හයක් පළමු ස්ථානයේ

සතුටු දර්ශකයේ අඛණ්ඩ ව සයවන වරටත් පළමු ස්ථානය පින්ලන්තය හිමිකරගෙන තිබේ. යුනිසෙෆ් හි දරුවන්ට ජීවත්වීමට වඩාත් සුදුසු පරිසරක් ඇති රටවල් ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ද පින්ලන්තයයි. 2023 ශ්‍රේණිගතකිරීමට අනුව පළමු ස්ථාන දහය හිමිකරගෙන තිබෙන්නේ පිළිවෙලින් පින්ලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තයයි. අසල්වැසි ඉන්දියාව පසුගිය වසරේ දී 136 වන ස්ථානය හිමිකරගෙන තිබූ අතර එයට ස්ථාන 10ක් පිටුපසින් එනම් 146 වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානය රැඳී සිටියේ එම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය හිමිකරගෙනයි. මෙවසරේ දී ඉන්දියාව ස්ථාන දහයකින් එනම්, 126 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඇෆ්ගනිස්ථානය මෙවර ද එම ශ්‍රේණිගතකිරීමේ අවසන් ස්ථානය එනම්, 137 වන ස්ථානය හිමිකරගෙන තිබේ. මේ වන විට විශාල ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින පකිස්තානය පසුගිය වසරේ රැඳී සිටි 121 වන ස්ථානයේ සිට 108 දක්වා පැමිණීමට සමත් ව තිබේ.

යුරෝපා රටවල් කිහිපයක් පහළට

රුසියානු - යුක්ක්‍රේන යුද ගැටුමත් සමඟ බලශක්ති අර්බුදයකට මුහුන දීමට සිදු වූ යුරෝපා රටවල් කිහිපයක් පෙර වසරේ තමන් හිමිකරගෙන තිබූ ස්ථානවලින් ස්ථාන කිහිපයක් පසුපසට ගොස් තිබේ. 2022 වසරේ ශ්‍රේණිගත කිරීමට අනුව 04 වන ස්ථානයේ රැඳී සිටි ස්විට්සර්ලන්තය නවත ම දත්ත වලට අනුව 08 වන ස්ථානය දක්වා පසුපසට ගොස් තිබීම කැපී පෙනෙයි. එක්සත් රාජධානිය 14 සිට 16 දක්වාත්,ප්‍රංශය 20 සිට 21 දක්වාත්, ජර්මනිය 14 සිට 16 දක්වාත් ශ්‍රේණිගත කිරීමේ පසුපසට ගොස් තිබේ.

කෙසේවෙතත් රුසියාව පසුගිය වසරට සාපේක්ෂ ව ස්ථාන 10කින් එනම් 80 සිට 70 දක්වා ද යුක්ක්‍රේනය 98 සිට 92 දක්වා ද ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

යුරෝපා රටවල් කිහිපයක් පෙර වසරේ තමන් හිමිකරගෙන තිබූ ස්ථානවලින් ස්ථාන කිහිපයක් පසුපසට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුරෝපා රටවල් කිහිපයක් පෙර වසරේ තමන් හිමිකරගෙන තිබූ ස්ථානවලින් ස්ථාන කිහිපයක් පසුපසට

චීනයට වඩා ඇමෙරිකාව සතුටින්

ලෝක ආර්ථික බලවතුන් දෙදෙනෙකු වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරින් පසුගිය වසරේ මෙන් ම ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාව පසුගිය වසරේ ශ්‍රේණිගත කීරිමේ 16 වන ස්ථානයේ රැඳී සිටි අතර මෙවසරේ දී සතුටු දර්ශකයේ 15 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. ඊට සාපේක්ෂ ව චීනය පසුගිය වසරේ හිමිකරගෙන තිබූ 72 වන ස්ථානයේ සිට 2023 ශ්‍රේණිගත කිරීමේ 64 දක්වා විශාල වර්ධනයක් අත්කරගෙන තිබේ. ජපානය 2023 ශ්‍රේණිගත කිරීමේ 47 වන ස්ථානයේ පසුවෙයි. පොදුවේ ආසියාතික රටවල් බහුතරයක් ම තමා පෙර රැඳී සිටි ශ්‍රේණිගත කිරීම් වලින් 2023 සතුටු දර්ශකයේ ඉදිරියට පැමිණිම කැපී පෙනෙයි.