හෝමාගම කර්මාන්තපුරයේ ගිනි ගැනීම:'ඒ වෙලාවේ හුළඟත් එක්ක සැර කෙමිකල් ගඳක් වගේ දැනුණා'

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි ගබඩාවක ඊයේ රාත්‍රියේ ( අගෝස්තු මස 17 වෙනිදා) ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි සිදුවිය. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කෝට්ටේ සහ හොරණ ඒකකවල නිලධාරීන් සහ ආරක්ෂක අංශ මැදිහත් වී ගින්න පාලනය කිරීමට සමත් විය

ඡායාරූප මූලාශ්‍රය, Janitha Dissanayake| Facebook

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ පිහිටි ගබඩාවක ඊයේ රාත්‍රියේ ( අගෝස්තු මස 17 වෙනිදා) ඇතිවූ ගින්නකින් ඊට දැඩි හානි සිදුවිය. ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කෝට්ටේ සහ හොරණ ඒකකවල නිලධාරීන් සහ ආරක්ෂක අංශ මැදිහත් වී ගින්න පාලනය කිරීමට සමත් විය.

ගින්න හටගැනීමත් සමග ප්‍රදේශවාසින් තුළ යම් තැති ගැන්වීමක් ද ඇතිවූ අතර එයට ප්‍රධාන හේතුව වුයේ ගිනි ගැනීමට ලක්වූ ගබඩාවේ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තොරතුරු වාර්තාවීමත් සමගයි.

ගින්න පාලනය කළ නිලධාරින් ගේ අත්දැකීම

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් පළමු දැනුම් දීම සිදුකර ඇත්තේ කෝට්ටේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවටයි. ඒ රාත්‍රී 8.50 ට පමණයි.

"රාත්‍රී 8.50ට අපිට කෝල් එකක් ආවේ කර්මාන්ත පුරයේ ගින්නක් කියලා. ඒ අනුව 8.51 වන විට අපේ නිලධාරින් 16 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහ ගිනි නිවීමේ රථ හතරක් ඒ ස්ථානය බලා පිටත් කර හැරුණා." කෝට්ටේ ගිනි නිවීමේ සේවා ඒකකයේ කාර්යභාර නිලධාරිවරයා ලෙස කටයුතු කරන ජී.ඩි.බී.පි. ගලගෙදර බීබීසි සිංහල සේවයට පැවසුවේය.

"අපේ නිලධාරීන්ගේ සහයට තවත් ගිනි නිවීමේ රථ දෙකක් හොරණ ගිනි නිවීමේ ඒකකයෙන් ඒවා තිබුණා. ඒ නිලධාරින් 10 දෙනෙක් සමග. රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබුණ තැනක් නිසා අපේ නිලධාරීන් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගත්තා."

"ඒ වගේම අපේ එක් නිලධාරියෙක් හුස්ම ගැනීමේ අපහසුව නිසා හෝමාගම රෝහලට ඇතුලත් කළා"

"ගින්න ඇතිවූ ගබඩාවේ සෝඩියම් සල්ෆේට් කුඩු, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ක්ලෝරීන් කැට ගබඩා කරලා තිබුණා කියලා ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදුකරනවා." ඔහු පැවසුවේ ය.

මේ අතර රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවේ ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට දින කිහිපයක් ගත විය හැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව බීබීසි සිංහල සේවයට පැවසුවේය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

"එක පාර හිතා ගන්න බැරිවුණා"

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කටුවාන කර්මාන්ත පුරයේ ඇතිවූ ගින්න හටගැනීමත් සමග සිදුකළ යුත්තේ කුමක්ද යන්න තමන්ට එක්වරම සිතා ගැනීමට පවා නොහැකි වූ බව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ නිර්මාල් ධනංජය සිය අත්දැකීම පිළිබඳ බීබීසි සිංහල සේවයට විස්තර කරමින් කියා සිටියේ ය.

"මුලින්ම ගින්න එක්ක ලොකු දුමක් ආවා. ඒ වෙලාවේ හුළඟත් එක්ක සැර කෙමිකල් ගඳක් වගේ දැනුණා."

"පස්සේ අපි දැක්කා සෝෂල් මීඩියා වල දාලා තියෙනවා හෝමාගම ආසන්නයේ ජීවත් වෙන ජනතාවට මුව ආවරණ පලදින්න කියලා. දැන්නම් වෙනසක් නැහැ. නමුත් අපේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරනවා." ඔහු පැවසුවේය.

මේ අතර ගින්න ඇතිවූ ස්ථානයට ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකු වන රංග රත්නායක පැවසුවේ ගින්න ඇතිවීමත් සමග එය දැක බලා ගැනීමට බොහෝ පිරිස් පැමිණි බවයි.

"ගින්න ඇතිවුනේ රාත්‍රී 8.30ට පමණ. ඒ ගින්න ඇතිවෙලා ටික වෙලාවක් ගියාට පස්සේ සුළු සුළු පිපිරීම් ශබ්ද ඇසුණා. මම හිතන්නේ ඒ ගබඩාවේ තිබුණු රසායනික ද්‍රව්‍ය පිපිරෙන්න ඇති."

"ගිනි නිවීමේ නිලධාරින් මෙතැනට එද්දී රාත්‍රී 9.15 ට වගේ වුණා. ගින්න එක්ක කෙමිකල් පිච්චෙන ගඳ දැනුණා. අපි ටිකක් ඈතට වෙන්න හිටියේ. නමුත් ගින්න බලන්න කියලා බයිසිකල් වලින්, ත්‍රිවිල් වලින් කට්ටිය ආවා. එක බයික් එකක් හරි පිපිරුණා නම් එතන තව කරදරයක් වෙනවා." ඔහු බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

"ගිනි නිවීමේ නිලධාරින් මෙතැනට එද්දී රාත්‍රී 9.15 ට වගේ වුණා. ගින්න එක්ක කෙමිකල් පිච්චෙන ගඳ දැනුණා. අපි ටිකක් ඈතට වෙන්න හිටියේ. නමුත් ගින්න බලන්න කියලා බයිසිකල් වලින්, ත්‍රිවිල් වලින් කට්ටිය ආවා. එක බයික් එකක් හරි පිපිරුණා නම් එතන තව කරදරයක් වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Janitha Dissanayake| Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගිනි නිවීමේ නිලධාරින් මෙතැනට එද්දී රාත්‍රී 9.15 ට වගේ වුණා. ගින්න එක්ක කෙමිකල් පිච්චෙන ගඳ දැනුණා. අපි ටිකක් ඈතට වෙන්න හිටියේ. නමුත් ගින්න බලන්න කියලා බයිසිකල් වලින්, ත්‍රිවිල් වලින් කට්ටිය ආවා. එක බයික් එකක් හරි පිපිරුණා නම් එතන තව කරදරයක් වෙනවා."

"විමර්ශන නිලධාරින් යොමු කළා"

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගිනි ගැනීමට ලක්වූ ගබඩාවේ තිබු රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ කිරීමට සහ ප්‍රදේශයේ තත්ත්වය විමසා බැලීම සම්බන්ධයෙන් නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

කෙසේ වෙතත් ඔවුන් විසින් සිදුකළ මුලික විමර්ෂණයේ දී අදාළ හිමිකරු විසින් රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතුව ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගෙන නොමැති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

ඔහු සඳහන් කළේ ගබඩාවේ තිබු රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම, ප්‍රදේශයේ ළිං ඇතුළු පරිසර තත්ත්වය සම්බන්ධයෙන් නිලධාරීන් විමර්ශනය කරනු ලබන බවයි.