යෝගා අභ්‍යාස නොමිලේ රක්ෂණ සහතිකයක් - අගමැති මෝදි

ඡායාරූප ශීර්ෂ වැකිය, යෝගා අභ්‍යාස ප්‍රගුණ කරන හින්දු කෝටිපතියෙක්

හින්දි භාෂාව කතා නොකරන ඉන්දියානු සම්ප්‍රදාය හෝ සංස්කෘතිය නොහඳුනන බොහෝ රටවල් දැන් යෝගා ව්‍යායාම ඔස්සේ භාරත දේශයට ලංවෙමින් ඇතැයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ජූනි 21 දිනට යෙදෙන ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් 'ලක්නව්' නගරයට රැස්ව සිටි යෝගා අභ්‍යාසලෝලීන් අමතමිනි.

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දියාව පුරා සංවිධානය කර තිබුණ බොහෝ වැඩසටහන්වලට විශාල ජනකායක් සහභාගි වූහ.

යෝගා උත්සව සඳහා මහජනතාව ඇදී ඒමත් සමඟ දිල්ලි අගනුවර මහමාවත් වසා දැමීමට පොලිසියට සිදු වූ බවත් වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බැංගලෝර් නගරයේ ජීවත් වෙන 98 හැවිරිදි Tao Porchon-Lynch ලෝකයේ වෘද්ධතම යෝගා ගුරුවරියයි.

යෝගා අභ්‍යාස වලට ලැදි ලොවපුරා දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඔවුන් සිය අභ්‍යාස වලදී පාවිච්චියට ගනු ලබන "යෝගා පැදුරු" බිම දිග හැර ශාරීරික ව්‍යායාමයන්හි නිරත වෙමින් ජාත්‍යන්තර යෝගා දිනය (ජූනි 21) සමරන ලද බව බීබීසිය වාර්තා කරයි.

අගමැති මෝදි සිය "යෝගා පැදුර" දිග හරින ලද්දේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 'ලක්නව්' නගරයේ සංවිධානය කරන ලද විශේෂ යෝගා වැඩසටහනට එක්වෙමිනි.

ඉතිහාසයේ ඉන්දියාවට ආවේණික වූ යෝගා අභ්‍යාස අද වනවිට ලෝක ව්‍යාප්ත සංසිද්ධියක් බවට පත්ව ඇති බවත් බීබීසිය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති මෝඩි යෝගා අභ්‍යාසයේ

මෙයින් වසර තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කරන ලද කරුණු ඒත්තු ගැන්වීමේ ප්‍රතිපලයක් වශයෙනි.

අගමැති මෝදි දිනපතාම ශාරීරික අභ්‍යාසයන්හි නිරත වෙන යෝගා ලෝලියෙකි.

ඉන්දියානු නායකයා යෝගා අභ්‍යාස විග්‍රහ කරන්නේ "නොමිලේ ලැබෙන රක්ෂණ සහතිකයක්" හැටියටයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ගණනක් ජනයා යෝගා පැදුරු මත අභ්‍යාසයේ

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් මේ සතිය පුරාම රටවල් සිය ගණනක යෝගා විශේෂ වැඩ සටහන් ක්‍රියාවට නැංවෙනු ඇත.