වර්ගවාදී දේශපාලකයන් නීතිය යටතට

උතුරු ඉන්දියාවේ මුශාෆර් නගර් ප්රදේශයේ හින්දු-මුස්ලිම් වාර්ගික ගැටුම් අවුළුවා ලීම සම්බන්ධයෙන් චෝදනා ලබන උත්තර් ප්රදේශ් ප්රාන්ත මන්ත්රණ සභාවේ විපක්ෂයේ මන්ත්රී වරුන් තුන් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලද බව නිවේදනය කෙරිණ.
මුශාෆර් නගර් වාර්ගික ගැටුමින් ජීවිත රැසක් ම විනාශ වූ අතර,තවත් දහස් ගණනක් ජනතාවට ඔවුන්ගේ වාසස්ථාන හැර ජීවිතාරක්ෂාව පතා පළා යාමට සිදු විය.
එම ගැටුම් අවුළුවා ලීමට වග කිව යුතු දේශපාලකයන් අත්අඩංගුවට ගන්නා මෙන් උත්තර් ප්රදේශ් ප්රාන්ත උසාවියක් නියෝග කර තිබුණි.
ඒ අනුව, අත්අඩංගුවට ගනු ලැබ සිටින මන්ත්රීවරුන්ගෙන් දෙදෙනෙක් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.
























