සූවස් ඇළ තත්ත්වයේ ඡායාරූප: ඊජිප්තු සූවස් ඇළේ සිරවූ නැව ගලවා ගැනීමේ ප්‍රයත්නය

ඡායාරූප මූලාශ්‍රය, EPA

අඟහරුවාදා (මාර්තු 23) සිට ඊජිප්තුවේ සූවස් ඇළ හරස් කරමින් අවහිර වී ඇති මීටර 400ක් (අඩි 1300) ක් දිග 'එවර් ගිවන්' නම් බහාලු ප්‍රවාහන නෞකාව යළි පාකරන තත්ත්වයට ගෙන ඒමේ ප්‍රයත්නය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

නැව් බඳෙහි ඉදිරි කොටස සිරවී ඇති වැලි හා පස් ඉවත් කිරීම සඳහා හෑරුම් යන්ත්‍ර ක්‍රියා කරන අතරේ නැව හැසිරවීමට නැවේ තිරිංග සහ ටග් යාත්‍රා යොදවා ඇත.

මේ සිදුවීම හේතුවෙන් සූවස් ඇළ හරහා කෙරෙන ගමනාගමනයට එල්ලවූ බලපෑම සම්බන්ධයෙන් සමාව යදින බව නෞකාවේ හිමිකාරීත්වය ඇති ෂෝයි කින්සෙන් (Shoei Kinsen) නම් ජපාන සමාගම බ්‍රහස්පතින්දා පැවසීය.

ප්‍රදේශයේ බලධාරීන් සහ නැවේ මෙහෙයුම්කරුවන් සමග එක්ව ගැටලුව විසඳීම සඳහා කළ හැකි උපරිම දේ ඉටු කරන බව කී එම සමාගම එසේ වුවත් එය අතිශයින් ම දුෂ්කර බව සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිවානයේ එවර්ග්‍රීන් මැරයින් සමාගමට අයත් එවර් ගිවන් නෞකාව සූවස් ඇළ හරහා සිරවී ඇති ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ටොන් ලක්ෂ දෙකක් බර නැව හැසිරවීමට යෙදුනු ටග් යාත්‍රා සමුහයෙන් කොටසක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, එවර් ගිවන් නැව් බැඳෙන් වැලි හා මඩ ඉවත් කරන හෑරුම් යන්ත්‍ර

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහස්පතින්දා වනවිට නැව් 150 ට ගණනක් සූවස් ඇළ හරහා මාරු වීමට අපේක්ෂාවෙන් තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එවර් ගිවන් නෞකාව සූවස් ඇළ හරස් කර ඇති අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නැව ගලවා ගැනීම සැලසුම් කිරීමට සූවස් ඇළ අධිකාරියේ නිලධාරීහු බදාදා නැවට ගොඩ වූහ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරවූ නැව සූවස් ඇළ අසල වගා බිම්වලට පෙනෙන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේදී සූවස් ඇළ හරහා යාත්‍රා කළ නෞකාවල දෛනික සාමාන්‍යය 551.5 කි

ඡායාරූප මූලාශ්‍රය, EPA

සියලු ඡායාරූප හිමිකම්වලට යටත් ය.