නිදහසේ කුණු කූඩය: තොල් සායම්
සිය කාර්යාලයේදී වැඩිපුර වේශ නිරූපන පළඳින කාන්තාවන් අනෙක් කාන්තාවන්ට වඩා වැටුප් ලබන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
වසරකට ඩොලර් බිලියන 500ක පමණ ආදයමක උපයන රූපලාවන්‍ය ආලේපන කර්මාන්තය හේතුවෙන් කාන්තාවන්ගේ රූපය පිළිබඳ අසාමාන්‍ය අපේක්ෂා ඇතිකරන බව විවේචකයෝ පවසති.
ආසියාවේ ඇතැම් රටවල හම සුදු කිරීමේ කර්මාන්තය ද එයට එක්වේ.
රූප ලාවන්‍ය කර්මාන්තයේ ප්‍රචාරක දැන්වීම්වලට එරෙහිව ලොව පුරා විවිධ රටවල උද්ඝෝෂණ ද දියත් විය. එම ප්‍රචාරක දැන්වීම්වල පෙනී සිටින තරුණියන්ගේ රූප දැඩිව සංස්කරණය කොට ඇති බව පවසන උද්ඝෝෂකයෝ, එමගින් සිදුවන්නේ බොහෝ කාන්තාවන් එම මෝස්‌තර නිරූපිකාවන් සහ තමන් සංසන්දය කිරීමට පෙළඹීම බව ද පවසති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ suffragettes නම් කාන්තා ව්‍යාපාරය, කාන්තාවන් විනීතව හැසිරිය යුතු බවට එකල සමාජයේ පැවති සම්මතයට එරෙහිව මුලින්ම තොල් සායම් භාවිත කිරීම ආරම්භ කළ කණ්ඩායමකි. එහෙත් කිසිදු රූපලාවන්‍ය පැළඳීමකින් තොරව වර්තමානයේ කාන්තාවෝ 'සෙල්ෆි' ඡායාරූප ගනිති.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත