රාජකීය මංගල්‍යයට සැරසෙන බ්‍රිතාන්‍යයේ සුන්දර 'වින්ඩ්සර්' නගරය

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් හෙට (මැයි 19) දින විවාපත්වීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත රාජකීය මංගල උත්සවයේ පෙරහුරුවක් ඊයේ (මැයි 17) වින්ඩ්සර් නගරයේ දී දක්නට ලැබිණි.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂයකට ආසන්න පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට 'බර්ක්ශයර්' ප්‍රදේශයට පැමිණ සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 250 කට අධික හමුදා නිලධාරීන් පිරිසක් රාජකීය මංගල උත්සවයේ පෙරහුරුව සදහා සහභාගි වූහ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් මාලිගය ඉදිරිපිට

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් මාලිගාවේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන ආගමික කටයුතුවලින් පසුව රාජකීය යුවල 'ඇස්කොට් ලැන්ඩො' වර්ගයේ අශ්ව කරත්තයක නැගී මිනිත්තු 25ක් පමණ නගරය හරහා චාරිකා කිරීමට නියමිතය

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය සම්පූර්ණ උත්සවයේ පෙරහුරුවකි. අශ්වාරෝහකයන් තාවකාලික රූපවාහිනී මැදිරි පසු කරගෙන යන අවස්ථාවක් මෙම ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ නන් දෙසින් පැමිණි මාධ්‍යවේදීන් මංගල උත්සවය ඉතා හොඳින් දර්ශනය වන ස්ථානයක සිට

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය අවන්හලේ එක් පසක හැරී කුමරුගේ නම පින්තාරු කරන පුද්ගලයෙක්

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් නගරය පුරා ඇති ගොඩනැගිලිවල බ්‍රිතාන්‍ය ධජය ප්‍රදර්ශනය කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නගරයේ උත්සව සූදානම අතරින් පාසලට යද්දී ඡායාරූපයකට පෙනී සිටීමට මේ පොඩිත්තා අමතක කළේ නැත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, එංගලන්තය සහ වේල්සයේ පිහිටි සියලුම තැබෑරුම්, අවන්හල් රාජකීය විවාහ උත්සවය පැවැත්වෙන දින අලුයම 1.00 දක්වා විවෘත කර තැබීමට හැකි අතර, ඉන්පසු විවෘත කළ යුත්තේ යුවල විවාහ වුවායින් පසුවය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, සියලු දෙනාටම මංගල උත්සවය නැරඹීමට පහසු වන සේ නගරය වටා රූපවාහිනී තිර සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් ඇත

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය යුවලේ ඡායාරූප ඇතුළත් කළ නොයෙකුත් භාණ්ඩ වෙළෙඳසල් පුරා දැකිය හැකිය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යුවල ගමන් කිරීමට නියමිත මාර්ගය දෙපස බ්‍රිතාන්‍ය ධජය අතැතිව සිටින පාසල් සිසුන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මේගන් මාකල් සහ හැරී කුමරුගේ ඉටි රූප වින්ඩ්සර් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නගරවැසියන් සහ බලධාරීන් වින්ඩ්සර්හි සෑම ස්ථානයක්ම උත්සවය වෙනුවෙන් සැරසීමට කටයුතු කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් නගරයේ සෑම ස්ථානයකම රාජකීය යුවලේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සතියක කාලයක පටන් වින්ඩ්සර් මාලිගාව අවට පොලිස් ආරක්ෂාව යොදා ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වින්ඩ්සර් නගරයේ ප්‍රධාන වීදිය මෙසේ සරසා තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුවල ගමන් කිරීමට නියමිත මාර්ගයේ පොලිස් බාධක යොදා ආරක්ෂාව තර කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙරහුරුව පැවැත්වෙන අවස්ථාව සිය ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරන කාන්තාවන් දෙදෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්සව සුදානම අතරේ වින්ඩ්සර් නගරයේ රථ ගාල් කිරීමේ නීති කඩ කළ රියදුරකුගේ වාහනය ඉවත්කෙරෙන අයුරු

මේ තොරතුරුද කියවන්න: