ඉරාන පාර්ලිමේන්තුවට සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධියට ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාන පාර්ලිමේන්තුව

ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තුව තුළ සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල දී වෙඩි තැබීම් සිදුව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තුව තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බව පුවත් වාර්තාවල සඳහන් වේ.

මේ අතර ඉන් කිලෝමීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටි ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල ප්‍රහාරයක් සිදුව ඇති බවට ද වාර්තා පළ වේ.

ඡායාරූප මූලාශ්‍රය, JAMARANNEWS/FARS

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාධියෙන් පිටත පිපිරීම සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් 'ෆාර්ස්' පුවත් ආයතනය විසින් පළ කරනු ලැබ ඇත

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ටෙහෙරානයේ පිහිටි අයතුල්ලා කොමෙයිනි සමාධිය

සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු සමාධිය වටලා ප්‍රහාර එල්ල කළ බව 'ෆාර්ස්' පුවත් ආයතනය පවසයි.

මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු විසින් සිය බෝම්බය පුපුරවා හැරීමට පෙර සෙසු ප්‍රහාරකයන් දෙදෙනා විසින් එහි සිටි කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ සිදු වූ ප්‍රහාරය පාලනය කර ඇති බව ඇසින්දුටුවෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.