බංග්ලාදේශයේ සමරිසි දඩයමක්

ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශ් සමරිසි ප්‍රජාව සමාජ අපවාදයට සහ පහරදීමට ලක්වෙති

ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙක් බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් ප්‍රකාශකයෙක් පවසයි.

එම ප්‍රජා මධ්‍යස්ථානයේ තිබී මත් ද්‍රව්‍ය සහ උපත්පාලන කොපු හමු වූ බවත් බංග්ලාදේශ් පොලිසිය සඳහන් කරයි.

බංග්ලාදේශ් සමාජය තුළ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිය මගින් තහනම් කරනු ලැබ ඇත.

එම නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ කලාතුරකින් නමුත් සමරිසි ප්‍රජාව එම සමාජය තුළ ගැරහීමට අපවාදයට සහ පහරදීම් ආදියට නිතර ගොදුරු වෙති.

ඡායාරූප මූලාශ්‍රය, David McNew

ඡායාරූප ශීර්ෂ වැකිය, සමරිසි අයිතිය ඉල්ලා සිටින සංකේතයක්

බංග්ලාදේශයේ සමලිංගික ප්‍රජා අයිතිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ ක්‍රියාධරයකු වූ කුල්හාෂ් මනන් (Kulhaz Mannan)ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයන් යයි සැක කෙරෙන කණ්ඩායමක් විසින් පසුගිය වසරේ මරා දමනු ලැබුණි.