පිලිප් කුමරු ඉසුඹු ලබයි

ඡායාරූප ශීර්ෂ වැකිය, ලබන මාසයේ දී අනූහය වැනි විය සම්පුර්න කරන පිලිප් කුමරු

බ්‍රිතාන්‍ය දෙවන එලිසබත් රැජිනගේ සැමියා වන එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරු මේ වසරේ අගෝස්තු මාසයේ පටන් පොදු මහජන කටයුතු සඳහා සහභාගී නොවන බව බකිංහැම් මාළිගය පවසයි.

තවත් මාස දෙකක කාලයක් පොදු කටයුතුවල නිරත වීමෙන් පසු විශ්‍රාම ගන්නා පිලිප් කුමරු ඉන් අනතුරුව ලැබෙන ආරාධනා භාර නොගන්නා බව බකිංහැම් මාළිගය මගින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය බිරිඳ එලිසබත් රැජින සමඟ

සිය සැමියා විසින් ගන්නා ලද තීරණයට එලිසබත් රැජිනගේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබී ඇති බවත් එම රාජකීය නිවේදනයේ දැක්වෙයි.

එඩින්බ්‍රා ආදිපාද පිලිප් කුමරුගේ දිවියට ලබන මාසයේ දී වයස අවුරුදු අනූ හයක් සම්පුර්ණ වෙයි.

බ්‍රිතාන්‍ය දේශපාලන දහරාවේ සියලු පක්‍ෂ වලින් ආදිපාදවරයාට ශුභපැතුම් පළවෙමින් ඇති බවත් වාර්තා වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිප් කුමරු තුරුණු වියේදී

පිලිප් කුමරාගේ සමාජ දායකත්වය ඉදිරි වසර ගණනාවක් සඳහාත් මහා ප්‍රතිලාභයක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය.