'අයිස්බර්ග් පටුමගේ' ආ අමුත්තා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ්හි කුඩා නගරයක් හදිසියේම සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් බවට පත් වූයේ අලුතින් පැමිණි අමුත්තෙකු නිසාවෙනි.

වසන්තයේ පාවී ආ යෝධ අයිස් කුට්ටිය (Iceberg) කැමරා කාචයේ සටහන් කර ගැනීමට වෘත්තීය මෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීහු ද උත්සුක වූහ.

ඒ සමග පාස්කු සති අන්තය පුරා මෙම නගරයට යාබදව දකුණු දිග වෙරළ තීරය ආසන්නයෙන් ඇති අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක් පැවති බව CBC පුවත් සේවය වාර්තා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ආක්ටික් කලාපයේ ඔස්සේ විශාල වශයෙන් පාවී එන අයිස් කුට්ටි හේතුවෙන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ ප්‍රදේශවලට නුදුරින් පිහිටි කලාපය ප්‍රාදේශීය වහරේ හඳුන්වනු ලබන්නේ Iceberg පටුමග ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters