බාලදක්ෂ පදක්කම: මී මැසි පාලනයේ සිට ඩිජිටල් නිර්මාණකරු දක්වා

ඡායාරූප මූලාශ්‍රය, Scouts
බේඩන් පවල් සාමිවරයා විසින් 1910 දී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය එවක් පටන් කෙතරම් වෙනස් වී සහ ජනප්‍රිය වී තිබෙන්නේද යත් බ්‍රිතාන්‍යයේ පමණක් තරුණ, තරුණියන් 51,000 ක් එයට සම්බන්ධවීම පිණිස පොරොත්තු ලේඛණයේ රැඳී සිටිති.
නිසි පරිදි ගැටයක් ගැසීමේ සිට කඳවුරකදී ගිනිමැලයක් දැල්වීම සහ ඡායාරූප ශිල්පය වැනි අංශවල දක්වන දස්කම් වෙනුවෙන් පදක්කම් දිනාගැනීම බොහෝ බාලදක්ෂයන්ගේ බලාපොරොත්තුවයි.
එදා සිට අද දක්වා ඒ පදක්කම් විකාශනය වූ ආකාරය ඔබ දැන සිටියාද?
1911 දී පිරිනැමුණු පදක්කම්

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම දිනාගැනීම පිණිස අදාළ භාෂාවෙන් සරල සංවාදයක යෙදී, සරල ලිපියක් ලියා, සිය මවු භාෂාව නොවන වෙනත් භාෂාවකින් ප්‍රකාශයට පත්කෙරුණ පොතකින් ඡේදයක් කියවා එය පරිවර්තනය කළයුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
සරල විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කිරීම, බිඳවැටුණු විදුලි පරිපථ ඛණ්ඩනයක් සහ විදුලි පරිපථයක් (fuse) අලුත්වැඩියා කිරීම, විදුලි කම්පනයකට මුහුණදුන් පුද්ගලයකුට ප්‍රතිකාර කරන අන්දම ඇතුළු කරුණු පිළිබඳව අවබෝධයක් තිබීම 'විදුලි කාර්මිකයා' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
පැහැදිලි අත් අකුරු, යතුරු ලියනය භාවිත කිරීමේ හැකියාව, කියවන විට ලිවීමේ හැකියාව, විනාඩි පහකට පෙර කියවණු ලැබූ ඡේදයක් මතකයෙන් යළි ලිවීමේ හැකියාව ඇතුළු කරුණු 'ලිපිකරු' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම්ය.
2017 පදක්කම්

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
අන්තර්ජාල ක්‍රියාකාරකමක නිරතවීම සහ සමාජයේ යහපත පිණිස සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සොයාබැලීම 'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණු වේ. අන්තර්ජාලය මගින් එල්ලවන තර්ජන පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
මේ පදක්ක දිනාගැනීම පිණිස බාලදක්ෂයා නිරන්තරයෙන් පුවරුවක් මත ලිස්සා යන skateboarding වැනි ක්‍රීඩාවක නිරතවිය යුතු අතර, සිය ක්‍රීඩා කුශලතාව වැඩි දියුණු වී ඇති බව පෙන්වීම පිණිස ක්‍රීඩා තරගාවලියකටද සහභගි විය යුතුය.

ඡායාරූප මූලාශ්‍රය, Scout Association
සිය ආගම නොවන ආගමකට අයත් සිද්ධස්ථානයකට ගොස් එම ආගමේ නිර්මාතෘවරයාගේ ජීවිතය පිළිබඳව හැදෑරීම මෙම පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි.
(බීබීසී නිව්ස්බීට් වැඩසටහන ඇසුරෙන්)

























