රොක් ඇන්ඩ් රෝල්: මියැසි දැවැන්තයා සමුගනියි

ඡායාරූප මූලාශ්‍රය, AFP

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමු ගෙන තිබේ.

ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි.

මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය.

දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද 'Roll Over Beethoven' සහ 'Johnny B. Goode' ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

රොක් ඇන්ඩ් රෝල්වලට වෙනත් නමක්?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චාර්ල්ස් "චක්" බේරී 1926 වසරේ ඔක්තෝබර් 18 වෙනිදා මිසූරි ප්‍රාන්තයේ දී උපත ලැබීය

ඊයේ (මාර්තු 18) පස්වරුවේ ඔහු මිය ගිය බව ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ පොලිසිය තහවුරු කළේය.

බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන් සංගීත කණ්ඩායම් විසින් ඔහුගේ ගීත යළි ගයනා කරනු ලැබ තිබේ.

"රොක් ඇන්ඩ් රෝල් සංගීතයට වෙනත් නමක් ලබා දෙනවා නම්, ඔබට එය චක් බේරී ලෙස හඳුන්වන්න පුළුවන්" බීට්ල්ස් ගායක ජෝන් ලෙනන් වරක පැවසීය.