ඕස්ට්‍රියාවත් බුර්කාව තහනම් කරයි

අධිකරණ පරිශ්‍ර, පාසල් සහ පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම තහනම් කිරීමට ඕස්ට්‍රියාවේ පාලක සන්ධානය තීරණය කොට තිබේ.

'සෝෂල් ඩිමොක්‍රටික්' පක්ෂය සහ 'කොන්සර්වේටිව් පීපල්ස්' පක්ෂය අතර සතියක කාලයක් පුරා පැවති පාර්ලිමේන්තු විවාදයේ ප්‍රතිපලයක් ලෙස ඕස්ට්‍රියාව මෙම එකඟතාවට පැමිණ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලියේ පොදු උද්‍යානයකට ඇතුළුවන දොරටුව අසල ප්‍රදර්ශනය කර ඇති බුර්කා තහනම් නිවේදනයක්

පසුගිය කාලය තුළ යුරෝපා රටවල් කිහිපයක්ම පොදු ස්ථාන වල සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන සේ බුර්කාව හැඳීම සහ නිකාබ් ඇඳුම සපුරා තහනම් කිරීමට පියවර ගනු ලැබුණි.

පසුගිය දෙසැම්බර් මාසයේ ජර්මානු චාන්සලර්වරිය ඇන්ගෙලා මර්කල් එරට පාසල් සහ අධිකරණ පද්ධතිය ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තු ගොඩනැගිලි තුළ බුර්කාව හැඳීම තහනම් කිරීම සුදුසු බව ප්‍රකාශ කළාය.