ඉන්දියාවේ දුම්රිය අනතුරකින් තිස් හයක් මරුට

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් තිස් හය දෙනෙකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

අනතුරින් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අසල්වැසි ඔරිස්සා ප්‍රාන්තය වෙත ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම සහ මැදිරි නවයක් පීලි පැන ඇති බව බලධාරීහු කියා සිටියහ.

සුන්බුන් අතර සිර වූ පුද්ගලයන් වෙත ළඟා වීමට සහන කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට පත් දුම්රියේ මැදිරිවලට දැඩි හානි සිදු වී තිබේ

දුම්රිය පීලි ස්ථාන දෙකකින් කැඩී වෙන් වී තිබූ බව දුම්රිය බලධාරීන් කියා සිටි අතර එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක පළ කෙරේ.

අනතුර සිදු වූ ප්‍රදේශය තුළ මාවෝවාදී කැරලිකරුවන් ක්‍රියාත්මක නමුත් ඉන්දීය ආරක්ෂක අංශ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඉලක්ක බවට පත් වෙති.