සඳේ පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමුගනියි

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳ මත ඇවිදින යූජීන් සර්නන් (1972)

සඳ මත පා තැබූ අවසන් මිනිසා දිවියෙන් සමු ගත්තේය.

ඇමරිකානු ජාතික අජටාකාශගාමියෙකු වූ යූජීන් සර්නන් මිය යන විට අසූ දෙවැනි වියේ පසු විය.

ඡායාරූප මූලාශ්‍රය, NASA via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ කපිතාන් යූජීන්

සඳ වෙත මිනිසුන් රැගෙන ගිය අවසන් අභ්‍යාවකාශ ගමන වූ 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමේ සාමාජිකයෙකු වූ කපිතාන් යූජීන් සඳ වෙත දෙවරක් ගිය මිනිසුන් තිදෙනා අතරින් එක් අයෙකි.

මිනිසුන් දොළොස් දෙනෙකු මේ දක්වා සඳ මත පා තබා ඇති අතර අදවන විට ජීවතුන් අතර සිටින්නේ ඉන් හය දෙනෙක් පමණි.