ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් එකොළහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය සඳහා බෝම්බ සවි කළ මෝටර් රථයක් යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරේ

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ප්‍රධාන වෙළඳපොළ ආසන්නයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

ප්‍රහාරය සඳහා බෝම්බ සවි කළ මෝටර් රථයක් යොදා ගෙන ඇතැයි විශ්වාස කෙරේ.

බෝම්බ ප්‍රහාරයට හසු වී පනහකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

තමන් විසින් ප්‍රහාරය එල්ල කළ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිවේදනය කළේය.

මෝසුල් නගරයෙන් අයිඑස් කැරලිකරුවන් පළවා හැරීම සඳහා ඉරාක ආණ්ඩුව මෙහෙයුම් ආරම්භ කොට තිබේ.

ඒ සමග අයිඑස් කැරලිකරුවන් විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට සිදු කරනු ලබන ප්‍රහාර ද ඉහළ නංවා ඇත.